" අහා පණ පලයන් ලබන සුමානේ... කොහේ යනවද මේ මරගාතේ... අහා... කැරකිලා... හිටගෙන තනි කකුලෙන්..."

" ඉවරයී අර මල හොල්මන මේ පැත්තට එනවා..."

මම ජූන්ට කිව්වේ හනාගේ එලොවටත් නැති මෙලොවටත් නැති සින්දු කෑල්ලක් ඈතෙන් ඇහෙද්දියි

" ටොක් ටොක්.... ගෙදර කවුදෝ.... සුගතන් නිදිද පූසා බැඳලද??? .. "

ආහ් මේ කෙල්ල නම්... මොන මගුලක් කරනවද මන්දා..මම තාම ටවල් එක පිටින්.. ආයිශ්...

" ජූනා ඕක අල්ලපන්..."

" මොකද්ද ... ආ හරි... දොරට ගහනවා නේ..."

මම දොර පෙන්නලා කියද්දි ජූනා කිව්වා.. මොකද මේ යකා දොර ඇරලා දාලා ඇවිත් තිබුනේ... ඒත් උනේ නොහිතුව දෙයක්... හනා එකපාරට දොර ඇරන් එද්දි ජූන නැවතුනේ මගේ ටවල් එක අල්ලගෙන...

(මොකද මිනිහෝ කරන්නේ?? )

(ඇයි මේක නෙමේද අල්ලගන්න කිව්වේ??)

මම ජූන්ගෙන් ඇහුවේ හිතෙන්...එයත් එහෙම්ම උත්තර දුන්නා... ඔව් ඔව් අපිට හිතෙන් කතා කරන්න පුලුවන්.... ඒ වගේම ජූන්ට සමහර විශේෂ මිනිස්සුන්ගේ හිත් කියවන්න පුලුවන් මට බැරි උනාට.... ඒත් එයාටත් බැරි අය ඉන්නවා... හරියට බෝගම් වගේ .... බෝගම්ගේ හිත කියවන්න බෑ ජූන්ටත්...

" ඔප්පේ...!! "

" හ්..හනා මේ..මේ.."

මට වචන පැටලුනේ හනා බලන් හිටපු විදියට... එක පාරකුත් බාත්රූම් එකේ එනවා දැකලා නටපු නාඩගම මතක් වෙද්දි මට හීන් දාඩිය දැම්මා.. ජූනා ඒ අස්සෙන් තාම මගේ ටවල් එක අල්ලන්... මේකා දැන් අතෑරියොත් ටවල් එක බිම... මූව එලවන්නත් බෑ.. මම ඇසි පිල්ලම් ගැහුවේ කාලය නවත්තන්න උත්සහා කරන ගමන්... මගේ කරුමෙට ඒක වෙන්නෙත් නෑ ඒ පාර...

( බය වෙන්නෙපා... එයා ඔයා හිතන ජාතියේ මුකුත් හිතන්නේ නෑ... හිතන එක කිව්වොත් උබ දුවයි)

( ඈ ඒ මොකද්ද?? )

මම ජූනාගෙන් ඇහුවේ එයා හනාගේ හිත කියවපු බව තේරුන නිසයි ...

( ඔමෝ... එයා හරි සුදුයි නේ... කිරි පාටයි... ඔමෝ ඒ ඇග... අල්ලන්න හිතෙනවා... වාහ්.... සික්ස් පැක් අර පැක් මේ පැක් සේරම එකට)

MEOW MEOW || MYG ✔️Where stories live. Discover now