" හොබා... අපි මේ කොහෙද? "

" දන්නේ නෑ...ආපු පාරෙන්ම යන්..."

" හ්ම්ම්... හොබා අර... මේ ඉන්චොන්..."

" මොහ්..?? "

මම අත දික් කරලා පාර අයිනේ ගරා වැටුන බෝඩ් කෑල්ලක් පෙන්නද්දි හොබාටයි මටයි තරු විසි උනේ සෝල් වල හිටපු අපි දෙන්නා මේ ඉන්චොන් වලට ආවේ කොහොමද කියලා හිතාගන්න බැරුවයි ... අපි දෙන්නම මූනට මූන බලාගත්තේ කරගන්න දෙයක් නැතිව...

" හනා එහාට...."

ඒ එක්කම කොහෙන්දෝ මතු උන වාහන එලියක් නිසා හොබා මාව එහාට තල්ලු කරා... තල්ලු කරපු පාර බිමට වැටුන මම නැගිටලා බලද්දි අපි ආයෙම සෝල් වල... ප්‍රශ්න දාහක් ඔලුවට එද්දි මම දිව්වේ හොබා ලගට...

" ඔප්පා...ක්වෙන්චානා??? "

මම ඇහුවේ අඬන ගමන්... හොබාගේ නලලෙන් වගේම අතෙනුත් ලේ එන ගමනුයි තිබුනේ... ඒ එක්කම කාර් එකේ හිටපු කෙනා බැහැලා එලියට ආවා... මිනිහට දෙකක් අනිනවමයි කියලා හිතන් මම නැගිට්ටේ ඒ ආවේ මොකාද කියලා බලන්නයි..

" බෝගම් ඔප්පා?? "

" හොබියා... තුවාලද.."

තුවාලද අහන්නේ යකෝ මූ පොට්ටද මේ ලේත් ගලනවා... මූ මොකෙද්ද මන්දා... හොබාව අමාරුවෙන් උස්සලා කාර් එකට දාගද්දි මම දැක්කා බෝගම් ඔප්පගේ මූනේ තිබුනේ ලොකු ප්‍රශ්න ගොඩක් බව... මටත් එහෙමයි... මොකද මීට විනාඩි කීපයකට කලින් අපි දෙන්නම හිටියේ වෙන තැනක.. මම හොබාගේ මූන බලද්දි එයා මුකුත් කියන්න එපා කියන්න වගේ මට අතෙන් සන් කලා... විනාඩී කීපයක් නිහඬව ගියපු අපි නැවතුනේ ශොප් එකක් ලඟ

" මියානේ හොබියා... මම දැක්කේ නෑ උබ ඉන්නවා ... මේ රෑ දෙන්නම මොකද්ද කලේ ඇත්තට?? "

" කරදරයක් උනා බන්.... කිව්වට විශ්වාස කරන එකකුත් නෑ උබ... මම හෙමීට කියන්නම්..."

" ම්ම්ම් ... දෙන්නව මම ගෙදර ගිහින් දාන්නද බෙහෙත් දාගත්තට පස්සේ? "

" අන්දෙවෙ.."

මමයි හොබයි දෙන්නම එක පාරට කියද්දි බෝගම් ඔප්පා බයවෙලා වගේ බලන් හිටියා... අපි දෙන්නව හොස්පිටල් එකටත් එක්කන් ගියපු බෝගම් ඔප්පා මාව කාර් එකේ තියලා ගියේ මම හිටියේ රෑ ඇඳුම පිටින් නිසයි...
.
.
.
.
.

MEOW MEOW || MYG ✔️Where stories live. Discover now