My destiny 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Part 01_________
"ආහ් ඔන්න මීරා එනවා, එන්න මීරා හැමදේම ලෑස්ති"
බිම බලාගෙනම පඩි පෙළ බැහැපු මාව මූන පේන තරමට පොලිෂ් කරනු සපත්තු දෙකක් ලගට එක්කන් ගියපු චෝයි නැන්දා එහෙමත් නැත්නම් මං ඔම්මා කියන කෙනා මගේ අත අතඇරල පැත්තකට වුනා,,,
ඒත් එක්කම වාඩි වෙලා හිටපු මගේ යෝජිත මනමාලයා නැගිටලා මගේ අතට මුද්දක් දැම්මා, එතකොටයි මං ඇස් උස්සලා මනමාලයා දිහා බැලුවේ, ඒත් දැකපූ පලවෙනි තත්පරේ ම මගේ ඇස් නලලට ගියා,,,,
"ජි ජියොන්ග් ජන්කුක් "
"යේහ් බේබී "
මට ඇස් අදහාගන්න බැරි උනා, කොලේජ් එකේ ගෑණු ළමයි පිස්සු වැටිලා ඉන්න හැමෝගෙම සිහින කුමාරයා ජන්කුක් අද ඉදන් මගේ හස්බන්ඩ්, මං හිතුවේ මං දකින්නේ හීනයක් කියලා,,,,,,,,,
මැරේජ් එකේ පේපර් වර්ක්ස් ඉවර කරපු ගමන්ම ජන්කුක් ට ඕන වුනේ මාව ඉක්මනට එයාගේ ගෙදර එක්කන් යන්න, ඉතින් උත්සව මල් සැරසිලි අමුත්තෝ මේ කිසිම දෙයක් නැතුව ජන්කුක් ගේ මනමාලි උන මං මගේ කියලා තිබුන ඇදුම් ටික විතරක් අරගෙන ජන්කුක් ගේ වාහනේට නැග්ගා,,,,,,,,
මං මීරා, කිම් මීරා තමා මගේ ඔම්මයි අප්පයි මට දීපු නම, මගේ ඔම්මයි අප්පයි ඇක්සිඩන්ට් එකකින් නැති වුනේ මට අවුරුදු හතේදි, මැරෙන්න කලින් මගේ අප්පා එයාගේ දේපල හැමදේමයි මගේ භාරකාරත්වයයි සේරම පවරලා තිබුනේ චෝයි මාමට, එදා ඉදලා මං චෝයි මීරා වුනා, චෝයි මාමා තමා අප්පගෙ ඩ්‍රයිවර්,,,,,,,,,,
ඔම්මයි අප්පයි නැති වුනාට පස්සේ චෝයි මාමයි නැන්දයි අපේ ගෙදර ඇවිත් පදිංචි වුනා,, ඒ දවස්වල එයාලට දරුවෝ හිටියේ නෑ, ඉතින් මං ඒ දෙන්නට ඔම්මයි අප්පයි කියන්න පුරුදු වුනා,,
හැමදේම වෙනස් වුනේ සුහෝ නන්ගී ඉපදුනාට පස්සේ, මගේම ගෙදර පුංචි වැඩකාරි වෙන්න වුනේ මට,,,දවසින් දවස වයසින් වැඩෙන කොට මගේ රූපෙට සුහෝ ඊර්ෂ්‍යා කරන්න ගත්තා,,,
කවදාවත් අලුත් ඇදුමක් අදින්න මට අවසර තිබුනේ නෑ, මං හැමදාම ඇන්දේ සූහෝ ඇදලා අයින් කරපු ඇදුම්, සපත්තු, සෙරෙප්පු,,
YOU ARE READING
🥀My Destiny 🥀 Completed.
Fanfictionවෛරයේ ගිනි දැල් මතින් ජීවිතය සොයන අහිංසකාවිය🥀 Plot Crdit:-@deshu93
