මගෙ අයියා ජන්ග් හෝසොක්...එයාට අවුරුදු 30යි... අයියා ලොකූ කලාගාරයක ටිකක් උසස් තනතුරක් දරපු නිසා අපිට සල්ලි වල නම් ඒ තරම් ලොකු ගැටලුවක් තිබුනේ නෑ... කොහොම උනත් ඉතින් මට වියදම් කරාම භාගයක් ඉවරයී ඒකෙන්... ඒ උනත් අපි දෙන්නම හුඟක් සතුටෙන් තමයි ඉන්නේ... පුංචි කාලේ උන ඇක්සිඩන්ට් එකක් නිසා ඔම්මයි අප්පයි දෙන්නම නැති උනා අපිට... එදා ඉදන් මගේ හැමදේම ඔප්පා තමයි ... එයාටත් එහෙමයි... මගේ අයියට මේ වෙනකන් යෝජා චින්ගු කෙනෙක්වත් නොහිටින්න හේතුව මං... එයා හැමතිස්සෙම කියන්නේ එයාට මං ඉඳියම ඇති කියලා.. මගේ ඔම්මා අප්පා දෙන්නම මගේ අයියා...

ඒ එක්කම,

[ Ding dong..........ding dong..... ]

" හොබාරී.. කවුද බෙල් කරනවා නෙහ්? "

මම ඇහුවේ මේ උදේ පාන්දර අපි දෙන්නගේ ෆන් එක කන්න ආපු ඒ අජූත බෙල් එකේ හඬ ඇහුන නිසයි...
.

.
" ආ එන්න මිස්ටර් කන්ග් වාඩි වෙන්න...."

හොබා කිව්වේ මිස්ටර් කන්ග්ව ගේ ඇතුලට ගන්න් ගමන්...

පුහ් ඔය ඇවිත් තියෙන්නේ බඩ බෝල කන්හා.. සල්ලි ගෙනියන්න නම් එනෝ වෙලාවට... නෙදකින්... නොදෝමකින්......

කන්ග් කියලා කියන්නේ අපි දෙන්න ඉන්න ගෙදර අයිතිකාරයා ... අයිතිකාරයා කිව්වට ගේ අපේ... ඒත් ඉතින් අපේ ඔම්මයි අප්පයි නැති උනාට පස්සේ මේ ගෙදර අපේ නැන්දා උකසට තිබ්බා... එයා සල්ලි අරන් යන්න ගියා... ඒත් ඒ පව කරගහන්නේ අපේ අයියා... අනේ අම්මපා මට එන තරහට ඔය ගෑනිගේ ඇස් ගලවලා ලොලි පොප් හදන්න හිතෙනවා ... ඉතින් මේ සීදේවී ගිනි පොලීකාරයා හැමදාම මාසේ 25 වෙනිදට එනවා සල්ලි අරන් යන්න... අදත් ඒ වගේ අති උත්කෘෂ්ට දවසක්...

" හනා... බොන්න මොනාහරී ගේන්නකෝ...."

" දේ... "

අනේ පුලුවන් නම් මං තොට වහ දාලා දෙන්නේ... සැක්....

මම හිතෙන් කන්ග්ගේ ජාතිය අමතන ගමන් ගිහින් ෆෘට් ජූස් එකක් අරන් ආවා... ඒ බඩ තඩියත් ඒක බොන ගමන් හොබා එක්ක කියවන්න ගත්තා...
.

.

" ආ ලමයො... "

" දෙන්න.... "

කන්ග් මට වීදුරුව දික් කරලා කිව්වා... මගෙ උත්කෘෂ්ට සිහිමද ගතිය නිසා වීදුරුව බිම වැටුනත් මගේ වාසනාවට ඒක නොකැඩී බේරුනා....

MEOW MEOW || MYG ✔️Where stories live. Discover now