Chapter 19

1.5K 306 110
                                    

පහුවදා තිබුන මීටින් එක ටේ නම්ජුන් ට බලන්න පුලුවන්ද ඇහුවෙ වැදගත් වැඩක් තියෙන බව කියමින්...

වෙනදා වගේම උදේම කුකී උඩ පැන පැන ආවා...

ටේ කාර් එක ලගට වෙලා බලාගෙන ඉඳිද්දී කුකීට පුදුම සතුටක් දැනුනෙ..

"හ්යුන්න්න් මං ආආආආවාආආ"

කුකීගෙ මූණෙ තිබුණු සතුට දැක්කම ටේට හිතුනා එලියට යන්න එයා ගත්ත තීරණේ හොදයි කියලා...

"නගින්න... "

කුකීට ඉස්සරහා දොර ඇරලා දීලා එයා නැගීගට පස්සෙ ටේත් නැග්ගා...

"ඔයාට කොහෙද යන්න ඕනෙ පැටියෝ...:

"හ්යුන්ග් එක්ක ඕනෙ දිහාවක මං එනවා🤗"

"ඔයා කාලද කුකී..."

"ඔව් හ්යුන් කාලද..."

"ඔව්.."

ටේ කුකීව එක්කගෙන ආවෙ නිස්කලංක තැනකට... එයාගෙ ගෙයක් තිබුනා ලස්සන තැනක තියෙන... එහෙ ලොකු ගාර්ඩ්න් එකට කුකී ආස වෙයි කියලා ටේ හිතුවා... කොහොමත් සෙනග ගැවසෙන තැනකට ගිහින් රිස්ක් එකක් ගන්න ටේට ඕන වුනේ නෑ.

"වාආආව් හ්යුන්ග්.. මේ කාගෙ ගෙදරද...."

"මගේ... දවසක අපේ වෙයි..."

කුකීට ඒක තේරුනේ ටිකක් වෙලා ගිහින්... එයා මූණ රතු කරන් වටපිට බැලුවා...

"එන්න යන්..."

ටේ කුකීගෙ අතින් අල්ලන් ගාර්ඩ්න් එක මැදින් ඇවිදගෙන ගියා...
ගාර්ඩ්න් එක කෙලවරින් ලස්සන ගඟක් ගලාගෙන ගියා....

"අනේ.... හ්යුන්ග්... මෙතන හරිම ලස්සනයි..."

ඔයා ආසද කුකී...

"ඔව්ව්ව්.... ගොඩාආක්... හ්යුන්ග් තමයි හොදම...."

කුකී සතුටින් එහෙම කියලා ටේව බදාගත්තා...
ටේටත් සතුටුයි හිතුවට වැඩිය කුකී මෙතනට කැමති වුන නිසා.

"කෝ එන්න... "

ටේ ගිහින් ගං ඉවුරෙ තණකොළ බිස්සෙන් වාඩි වෙන ගමන් කුකීට කතා කරේ එයාගෙ එහා පැත්තෙන් වාඩි වෙන්න කියන්න... ඒත් කුකී පැනපු ගමන් වාඩි වුනේ ටේගෙ උකුලෙන්... කුකී හොදට හරි බරි ගැහිලා සැපට ඉදගන්න හැදුවෙ...

||♡♤Destiny of the Mafias'♤♡||Where stories live. Discover now