❤️ 1 ❤️

5K 501 83
                                    

JK's pov:

අද තමයි දවස......

මන් මෙච්චර කාලයක් බලන් හිටපු දවස අද...අද එයා එනවා..මගේ ඇස් ඉස්සරහටම එනවා...එයා මට කොහොම ප්‍රතිචාරයක් දක්වයිද...

මන් කල්පනා කලා....

අවුරුදු ගානක් තිස්සෙ මන් දකින්න අකමැති කෙනෙක් අද මගෙ ඉස්සරහටම එනවා..මන් මොනවා කරයිද...මට හිතා ගන්න බෑ...

ඒ නම ඇහෙන වාරයක් පාසා මාව නිකන් පිච්චෙනවා වගේ..මොකද මේ වෙනකන් මන් විදපු හැම දුකකටම හේතුව එයා...එයා තමයි Kim Taehyung ඔයා..

ඉස්සර තිබුනු හුරුබුහුටි මූන...තාමත් එහෙමද...මට දකින්න ආසයි..

පොඩ්ඩක් ඉන්න..ඇයි මට ඔයාව දකින්න මෙච්චර හදිස්සි..

මන් මගෙන්ම ප්‍රශ්න කලා..

නැහැ...මන් මගෙ අරමුණට තමුන්ව බාධාවක් කරගන්නෙ නෑ..තමුන්ව පාවිච්චි කරනවා විතරයි...ඊටපස්සෙ මන් තමුන්ව විසි කරලා දානවා..මන් මේ වෙනකන් වින්ද හැම දුකක්ම තමුන්ට විදින්න වෙනවා..තමුන්ගෙ ජීවිතේ කනපිට පෙරලනවා...

ඇදේ ඉදන්ම මම කල්පනා කලා..

වොෂ් එකක් දාලා මන් කැමතිම බ්ලැක් ෆුල් සූට් එකත් ඇදගෙන මම කණ්ණාඩිය ඉස්සරහට ගියා...


මට කණ්නාඩියෙන් පෙනුනේ මගෙ අප්පව...ඉස්සර මගේ අප්පත් මේ විදියට මෙතනට එනවා...

කාලය කොච්චර ඉක්මනට ගෙවෙනවද.. ඒ කාලෙ කොච්චර ලස්සනයිද...මගෙ ඔම්මයි,අප්පයි,මමයි මොනතරම් සතුටින්ද හිටියේ....

මගෙ ඔම්මයි අප්පයි එක්ක මන් ගෙවපු කාලෙ තමයි මං සතුටින්ම හිටියෙ. මගෙ හැමදෙයක්ම වුනේ ඒ දෙන්නා. ඔයා ඒ හොදට තිබුණු හැමදෙයක්ම නැති කලා. මගෙ ඔම්මා මාව දාලා ගියෙත් අප්පා නැති වුන දුක දරා ගන්න බැරි නිසයි. මන් තනියෙන් කොච්චර දුක් වින්දද..
ඒත් ඔයා මගෙ ජීවිතයට ඇවිත් ඒ හැමදෙයක්ම විනාශ කලා Kim Taehyung.....මන් තමුන්ගෙ ජීවිතේ විනාශ කරනවා...

කණ්නඩිය ඉස්සරහට වෙලා කල්පනා කරපු මම ඉක්මනින් එලියට ආවෙ කම්පැනි එකට යන්න...

ඔව්,මේක මගේ කම්පැනි එක..මන් අවුරුදු ගානක් මහන්සි වෙලා ගොඩ නගපු මගෙ අප්පගෙ කම්පැනි එක....අන්තයක් හොයාගන්න බැරි තරම් කඩා වැටුන මගේ අප්පගෙ කම්පැනි එක මන් දුක් විදලා ගොඩගත්තා...ඒ මගේ අප්පට උන අසාධාරණයට සාධාරණයක් කරන්න ඕනෙ හින්දා...

කාරෙක ඩ්‍රයිව් කරන ගමන් මම කල්පනා කලා...

නරක මතක එකපිට එක මතක් වෙද්දි ඇහැ අගින් කදුලක් වැටුනෙ දුකටද තරහටද කියන්න මන් දන්නෙ නෑ.. හැබැයි ඒ කදුල මාව ගොඩක් රිද්දුවා.. කඳුලින් තෙත් වුන මගේ මූණ පිටි අත්ලෙන් පිහිදගෙන මං කාර් එක වේගෙන් කම්පැනි එක ලගට අරන් ගියා..

මන් එනවා Kim Taehyung......

♤♤♤♤♤♤♤♤♤♤♤♤♤♤♤♤♤♤♤♤♤




හායි ලමයි...ඔන්න 1 වෙනි චැපිය ගෙනාවා...කතාව කොහොමද කියලා කමෙන්ටුවක් හලන් යන්න අනිවාරෙන්ම...

පහල කොනේ තරුව ඔබන් යන්න..තරුව ඔබන් යන ඔබ සියලු දෙනාගේම ග්‍රහ අපල දුරු වෙවා

ටේටේගෙ අපල කාලය ඊලගට එන ඉදිරි චැපි වලින් බලාපොරොත්තු වෙන්න...
අධි සන්වේදී ඈයෝ අනිවාර්යයෙන් කියවන්න..හලි එහෙනම් මම යනවා ලමයි අදරෙයි අහස තරම්💞

Together Taekook (Completed)Where stories live. Discover now