07 කොටස

En başından başla
                                    

" එන්න..මෙතනින් බලන්න පුලුවන්..ඔයාලට ඕනි දවස අරගෙන බලන්න..ඒත් මට කියන්න පුලුවන්ද ඇයි මේ ගැන ආයෙම හොයන්නෙ කියල..?"

" අ...ආහ්.. මේකයි මැඩම් මිආ කියන්නේ අපි ලඟින්ම ආශ්‍රේ කරපු කෙනෙක්.එයාගේ මරණෙ ගැන හැමදේම හොයන්න ඕනි කියල අපිට හිතුනා.ඒත් ඒක කරන්න ලේසි නෑ..."

මම ශින් හාට බොරුවක් කිව්වේ මේ වෙලාවෙ කිසිම කෙනෙක්ව විස්වාස කරන්න බැරි නිසා..

" අරස්සෝ අරස්සෝ...හරි ඔයාලට ඕනි දේවල් මෙතනින් අරගන්න.."

ශින් හා කිව්වම මම ඉක්මනට මිආ නැති වුන දවසේ CCTV ෆොටේජ් බලන්න පටන් ගත්තා..මම හිතුවා වගේම මිආ ටැක්සි එක අරගන්න එකත් රෙකෝඩ් වෙලා තිබුනා..ඒත් මට මිආ ව දැක්කම ඉවසගන්න බැරි උනා..මගේ මිආ..මම කවුද කියන එක ශින් හා ට දැනගන්න දෙන්න බැරි නිසා මම අමාරුවෙන් ඇඬුම් පාලනේ කරගත්තා...මිආ ඉන්න කොටස විතරක් අරගෙන මම පෙන් එකට දාගත්තේ මේ ගැන හදිසියේ එතනදි හොයන්න බැරි නිසා.අපිට ඕනි කරන දේ අරගෙන මමයි ජිමිනුයි ආයෙම කැම්පස් එකට ආවා.

" ජිමින් කට්ටිය නැති තැනකට යන්.මේක චෙක් කරලා බලන්න ඕනි.."

" දේ...ලයිබ්‍රි එක පිටිපස්සෙ තියෙන හෝල් එකට යන්.එතන කවුරුත් මේ වෙලාවේ නැතුව ඇති.."

ලැප් එකත් අරගෙන ජිමින් කියපු හෝල් එකට ගිහින් මම වීඩියෝ එක ප්ලේ කලා..නීරා කියපු හැමදේම ඇත්ත කියලා අපිට තේරුණේ එතකොටයි...නීරා කීවා වගේම මිආට කොල් එකක් ආවා..ඊට පස්සේ මිආ කලබලෙන් එතන තිබුන ටැක්සි එකක නැඟලා ගියා..ටැක්සි එක හරවලා ගන්න තැනදී පැහැදිලිවම ටැක්සි එකේ නම්බර් ප්ලේට් එක කැමරාවට අහුවෙලා තිබුනා..

" ජිමින් 29 J 8141... ඒක තමයි ටැක්සි එක..අපි මේකේ ඩ්‍රයිවර් අල්ලගත්තොත් ලොකු තොරතුරක් දැනගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා ."

" JK ටැක්සි එක අනිවාර්යයෙන්ම එතන තියෙන එකක්..මොකද මිආ නගිනකොට මිනිහා එතන වාහනේ නතර කරගෙන ඉදියේ..කැෆේ එක ළඟ නිසා අනිවාර්යයෙන්ම එතන තියෙන එකක් වෙන්න ඕනි..."

" දේ ...අපි දැන්මම යමු....මේ වෙලේ අනිවාර්යයෙන්ම ටැක්සි එක එතන ඇති...ජිමින් මිනිහව ක්ලබ් එක පිටිපස්සේ පාලු පාරට අරන් යන්...CCTV නැති එකම තැන එතන.අපි ක්ලබ් එකට යනවා වගේ මිනිහගේ ටැක්සි එකේ යමු.."

🍂 Mr.JK 🍃 || JJK ||( Completed )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin