- Homophobia 10K Views Special Chapter -

Start from the beginning
                                    

පාසල් ගේට්ටුවෙන් ඇතුල් වන විටම ශිෂ්‍ය නායිකාව ඇය දෙස බැලුවාය. 'නංගි! මෙහෙට එන්න!' 

අරියා වෙවුලන දෙපයින් ඇය වෙතට ලං වූවාය. 

'මොකක්ද ළමයෝ ඔය කොණ්ඩේ හැටි?' 

'ම්ම්ම්...' 

'බලන්නකෝ සාය?' මියාරා කීවේ අරියාගේ සාය දිගේ අත ගෙනයමිනි. 

අරියාගේ සිරුර ඇගේ ස්පර්ශයෙන් වෙවුලා ගියේය. 

'ඔය බලන්න කමිසේ හැටි?' මියාරා අරියාගේ සාක්කුවට අත දැමුවාය. 'යන්න ගිහින් සාක්කුව සුද්ද කරන්න. මේ දැන්ම යන්න බාත්රූම් එකට.' 

'හරි... හරි... සන්බේනිම්..' අරියා වචන කිහිපයක් ගැටගසාගෙන වැසිකිලියට දිව්වාය. 

වැසිකිලි කණ්ණාඩිය ඉදිරිපිට ඇය වෙව්ලමින් බලා සිටියේ මියාරාගේ අත ඇගේ සිරුර පුරා ගිය අයුරු මතක් වීමෙනුයි. 'සාක්කුව?' ඇය තමාගේ සාක්කුවට අත එබුවාය.

සාක්කුවේ තිබුණේ රෝස පැහැති කොල කැබැල්ලකි. 

'අද ඉස්කෝලේ ඇරිලා මාව හම්බවෙන්න චෙරි ගහ ගාවට එන්න...' 

- මියාරා -

අරියාගේ හුස්ම හිරවිය. 

_____________________

ඇය චෙරි ගස අසල සිටගෙන සිටියාය. ශිෂ්‍ය නායිකාව පැමිණෙන තුරු සිටි ඇයට පැය භාගයකට පමණ පසු පැමිණෙන තරුණිය දැක ගත හැකි විය.

'හෙලෝ අරියා...'

'ම්ම්... හායි ම්ම්....' අරියා ගොත ගසන්නට වූවාය.

'මියාරා, මියාරා උසුමකි.' ශිෂ්‍ය නායිකාව උණුසුම් සිනාවක් පෑවාය.

අරියා සිනාවුණාය. 'අහ්... ම්ම්ම්...'

'ඉතින් ඇයි දන්නවද මම ඔයාට මෙතනට එන්න කිව්වේ?'

'නැහැනේ?'

'අයියෝ... පිස්සු කෙල්ල!' මියාරා කීවේ අරියාගේ නළලට තට්ටු කරමිනි. 'මම දැකලා තියෙනවා එක චූටි ගෑනු ළමයෙක් ගේට්ටුවෙන් යන එන හැම සැරේම මං දිහා බලනවා. එයා ගැන හොයලා බැලුවහම එයා හොඳයි කියලත් හැමෝම කියනවා. ඉතින් මටත් ඒ කෙල්ල ගැන ආදරයක් ඇති වුණානේ...'

'අහ්...' අරියා පිට කලේ රතු වූ දෙකොපුලෙනි.

'ඉතින්... මට ඒ කෙල්ලගෙන් දැන ගන්න ඕන මට එයාගේ වෙන්න අවස්ථාවක් දෙනවද කියලා?' මියාරා අරියාගේ මුහුණට එබෙමින් කීවාය.

අරියා මුහුණ පිටුපසට කරගන්නට ගත්තාය. 'ඔ... ඔ... ඔව්?' ගොත ගැසීමක් සමඟ  ඇගේ මුවින් පිට විණි.

මියාරා හෘද්‍යාංගම සිනාවක් පෑවාය. ඇගේ දෑත් අරියාගේ කම්මුල් මත රැඳිණි. 'ඉතින් මට අවසර දෙනවද ඔයාගේ ලස්සන තොල් මගේ කරගන්න?'

අරියා ලැජ්ජාශීලීව එකඟ වූවාය.

ඔවුන් දෙදෙනාගේ තොල් හමුවිය. අරියාගේ සිහින් තොල් මත මියාරාගේ පීච් වැනි තොල් මෘදුව ස්පර්ශ විය. මියාරාගේ දෑත් ඇගේ මුහුණ එක තැන තබා ගනිද්දි අරියා තම දෑත් මියාරා වටා යැව්වාය.

මෘදු සිප ගැනීමක් සමඟ ජීයන්ග්ගේ බලාපොරොත්තු සපල වෙද්දී ලපටි රෝසවන් චෙරි මල් නව පෙම්වතියන් දෙදෙනා මත නැටුවේ සතුට කියා පාමිනි.

__________________________________________________________________

නිමි....

HOW IS IT?

This special chapter is dedicated to person who changed my whole life, specially educational life. Not gonna say by the name, but I love you so much.

𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Where stories live. Discover now