- 3 -

2.1K 417 109
                                    

ජිමින්ගේ කබාය පොරවා ගත් ජීයන්ග් එහාපසින් ජිමින්වද දණ ගස්වනු ලැබිණි.

'ජෙනරල් හන්... නීතියට අනුව මරණ දඬු...'

'මේ දෙන්නවම ගෙනිහිල්ලා කූඩුවට දාන්න... මරණ දඬුවම ගැන පස්සේ බලමු...' යුන්ගිගේ අණට අනුව ඔවුන් දෙදෙනාව ගෙන යනු ලැබිණි.

ජීයන්ග් සෙලවීම පවා ප්‍රතික්ෂේප කරන බව දුටු යුන්ගි ඇය ඉදිරියේ දණ ගසා ගත්තේය. 'මොනවද තමුන්ට ඕන?'

'මගේ ඇඳුම් ටික තමයි ඉතින්! ඒවා තමුන්ගේ අප්පගේ දේපළ නෙවෙනෙහ්!'

යුන්ගි විරිත්තුවේය. ඔහු ඇගේ කනට කර යමක් මිමිණුවද එය කිසිවෙකුටත් දැන ගැනීමට ලැබුණේ නැත.

ජීයන්ග්ට ඇගේ ඇඳුම් නොලැබුණු අතර සෙබලුන් ඔවුන් දෙදෙනාව කඳවුර වෙත රැගෙන යන ලදි.

__________

'ඇත්තට හිරකාරයෙක් පැනලා යනවට මෙච්චර බයද මේ මිනිස්සු?' ජීයන්ග් ඇසුවේ ඇගේ ගෙල වටා දම්වැලක් ගැට ගසන විටයි.

ජිමින් තමාව ගැට ගසා තිබූ දම්වැල් දෙස බලා සිනාසුණේය. 'වෙන්න ඇති... මමත් හමුදාවට අලුත්...'

ඔවුන් දෙදෙනාව ඇතුලට දමා දොර වැසිණි. අගුල වැටෙන ආකාරය ඔවුන් දෙදෙනාම නිහඬව බලා සිටියහ.

'ස්තූතියි කබායට...' මද වේලාවකින් ජීයන්ග් මිමිණුවාය.

'මට කණගාටුයි වෙච්ච දේට... ඔයා අඬන්නේ නැතුව හිටියා කියන එක නම් පුදුමයක්... එතන සම්පූර්ණ පැය තුනක් ඔයාට වද දුන්නා..' ජිමින් කණගාටුදායක හඬකින් කීවේය.

ජීයන්ග්ගේ මුවට සමච්චල් සහගත සිනාවක් නැවත පැන නැගිනි. 'අයිගාරාලා කවදාවත් ප්‍රසිද්ධියේ අඬන්නේ නැහැ... ඒක අපේ ප්‍රතිපත්තියක්... අපි අනික් මිනිස්සුන්ට ශක්තියක් වෙන්න නම් අපේ දුර්වල කම් හංගගන්න ඕන. නැත්නම් මිනිස්සු අපිව විශ්වාස කරන්නේ නැහැ. එයාලා බය වෙනවා කියන්නේ අපිට අපේ අයිතිවාසිකම් දිනාගන්න බැරි වෙනවා කියන එකයි....'

'ඇහුවට කමක් නැත්නම් ඔයාගේ වයස කීයද?'

'දාසයයි..., ඔයා?'

𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Where stories live. Discover now