සත් සිහිනයChapter 5
ලංකාවේ වේලාවෙන් උදෑසන 11.10 පමණ වන විට ශ්රී ලංකාවේ බාලදක්ෂයින් රැගත් ගුවන් යානය අසර්බයිජානය බලා පැමිණියා. 🛬🛬🛬🛬
Giha pv
අසර්බයිජානයේ bakuහි පිහිටි Heydar Aliyev International Airport එක තමයි අපේ ගමනාන්තය උනේ. මං ටක් ගාලා ගියේ ගෙනූ ගාවට. අපායට ගියත් ඉතින් අඳුරන එකෙක් හරි ඉන්න එපැයි. අඳුරගෙන එක් දවසයි දෙකයි උනාට අපි ගොඩක් ෆිට් වුනා. ආමිල කියන්නෙ නිකංද ඉතින්. යන යන තැන armyලා.....
🖤 අඩේ genu මේක airport එකක්ද නැත්නම් දිව්යලෝකයක්ද? ලොකු බලන්නකෝ ඒ වගේම පට්ට ලස්සනයි....
( කෙනා කවුරු වුනත් මගේ හිතට ඇල්ලුවනම් ඉතින් ආයේ එයා මගේ යාළුවෙක් තමයි. ඒ වගේම තමයි කතා කරද්දී මගේ කටට බ්රේකුත් නැහැ )💛 අක්කේ අසර්බයිජානය කිව්වම නම නිකං කැතයි වගේ නිසා මං හිතුව රටත් කැතයි කියලා. බලං යද්දි ගොඩක් ලස්සනයි නේ
( ඒක ඇහුවම නං මට තේරුණා මේකිත් මං වගේම පොරක් තමයි කියලා. නියමෙට සෙට් වෙනවා 😂😂 )
වටේම ලස්සන බල බල අපි හැමෝම එයපෝට් එකෙන් එළියට ආවා. අනිත් අය නං හැබැයි අපි දෙන්න වගේ මොංගල් ඇක්ශන් දදා කටත් ඇරගෙන වටේ කැරකුණේ නැහැ වැදගත් විදිහට ගියා.....
" වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත "
එක පාරටම හිතට ආවෙ මේ සින්දුව. 🤔 හෑ යකූ දැන් එතකොට මායි ගෙනුයි ද මෙතන වන සිවුපාවුන් ?? 🤔🤔පොඩ්ඩක් මොංගල් ඇක්ෂන් දැම්මට මොකද අපිත් හොඳ දේවතාවියො තමයි. කට විතරයි පොඩ්ඩක් අවුල්. ඔය දෙවිවරුත් හොඳයි හොඳයි කිව්වට මේ අපි වගේ කට වාචාල දෙවිවරුත් නැහැ කියන්න බැහැ නේ. හා නැද්ද මං අහන්නේ ? 🤣
කොහොමින් කොහොම හරි එයාර්පෝට් එකෙන් එළියට ආව අපිව පිළිගන්න බාලදක්ෂයන් පිරිසක් ඇවිල්ලා හිටියා. එයාලත් එක්ක group photo එකකුත් ගහල ඊටපස්සෙ අපිට දුන්න බස් එකෙන් අපි jamboree භූමියට ආවා. මං හිතුවෙ අපි තමයි ඉස්සෙල්ලම ආවේ කියලා ඇයි යකෝ වෙන එවුන්ව එයාපෝට් එකේදි දැක්කේ නෑනේ. ඒකට මෙතන බලන්න එපෑ කඩිගුලක් වගේ කට්ටිය පිරිලා. ගෑනු ළමයින්ට ඉන්න වෙනම පැත්තක් පිරිමි ළමයින්ට ඉන්න වෙනම පැත්තකුත් තිබුණා. හැබැයි ඉතින් නිදාගද්දි විතරයි හොදේ අනිත් වෙලාවට නං දෙගොල්ලම ඉන්නේ එකට.
YOU ARE READING
සත් සිහිනය ( ON HOLD )
Fanfiction❤️❤️කවුද හිතුවෙ ගැනු ලමයි 7 දෙනාගෙ සිහින කුමාරවරු 7 දෙනා තමන්ටම අයිති වෙයි කියලා ඒත් දෛවය තමයි එක තිරනය කරන්නෙ ❤️❤️ 💜️එක ගැන දැන ගන්න මේ කතාව කියවන්නම ඔනි 💜️