ජිමින් - ශී? ඔයා හොඳින් නේද? අඬන බබෙක් වෙන්න නම් එපා. මේ ලී පෙට්ටියේ යට ඇති කහපාට කවරයක්. ඒක ඔයාගේ ඊළඟ උපන්දිනේට ඇරලා බලන්න. ඔයා හන් පවුලට ළඟදීම එකතු වෙයි කියලා හිතනවා. ඒක මට ලොකු සතුටක්. ඔය දෙන්නගේ මංගල උත්සවය ලස්සනට ගන්න. ඔයා යුන්ගිව සිපගන්න විදිහ බලන්න හරිම ආසයි ඒත් ඒක කරන්න විදිහක් නැහැ. මම කොහේ හිටියත් මොන විදිහට හරි ඔය දෙන්නා බඳින දවසට බලන්න එනවා. හොල්මනක් වෙලා හරි. 

ජන්ග්කුක් ඔප්පා. මම ඔයාව නම් වැඩිය ඇසුරු කරලා නැහැ. ඒත් කමක් නැහැ. ටේහ්‍යුන්ගිව හොඳට රැක බලාගන්න. සලාද කොල කන්න එපා! කැරට් හොරකම් කරන්නත් එපා ජින් ඔප්පගේ කුස්සියෙන්. මම කැමතියි ජින් ඔප්පා ඔයා පස්සේ එලවන විදිහ තව සැරයක් බලන්න. ඒත් මට බැහැනේ. කමක් නැහැ. වැඩක් නැත්නම් වත්ත පහළ කැරට් කොටුවක් හදා ගන්න. 

අන්තිමට මගේ ජූන් ඔප්පා! අරියගේ තාත්තා. දැන් තාත්තා කෙනෙක් නිසා වගකීම් වැඩි ඇතිනේ. ළමයව රත්තරන් වගේ බලාගන්න. මම ඔයාගේ ලේලි වෙන්න කැමතියි. ඒත් දැන් ඒ අවස්ථාව වෙන කෙනෙක්ට ගිහින් තියෙනවා. අරියට එයාගේ ජීවිතේ තීරණ ගන්න දෙන්න. මගේ හැමදේම නැතිවුණ විදිහට එයාට ළමා කාලය නැති කරගන්න දෙන්න එපා. ජින් ඔප්පා එක්ක හැමෝමව හොඳට බලාගන්න. 

රියුජින්? ඔයා හොසෙක් එක්ක සතුටින් ජීවත් වෙන්න ඕන තේරුණාද? මෙතන අර පිස්සෝ හත් දෙනා අස්සේ සිහියෙන් ඉන්නේ ඔයා විතරනේ. ඔයාටත් මට කියන්න තියෙන්නේ ලොකු දෙයක්. ඔයාට විතරයි ගෑනු කෙනෙක් විදිහට අරියව තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා එයාගේ හැම අවශ්‍යතාවයක්ම කරලා දෙන්න. ගෑනු ළමයෙක්ට තියෙන පෞද්ගලිකත්වය එයාට විඳින්න දෙන්න. ඔයා හොසෙක් එක්ක ගත කරන හැම මොහොතක්ම  සතුටුදායක වෙලා නීරෝගී දරු උපතක් ලැබෙන්න කියලා මම පතනවා. 

ම්ම්ම්......

අරියා?  ඔයාගේ ජීවිතේ ඔයා අතේ තියෙන්නේ. ඒක උපරිම විඳින්න. මම ගිහින් ඉවරයි දැන්. ඒ නිසා මං ගැන තවත් හිතන්න එපා. ඔයා ආදරය කරන කෙනා ලැබුණ දවසට ඒ නිදහසත් විඳින්න. එයා ගෑනුද පිරිමිද කියන එක කවුරුත් හිතන්නේ නැහැ. ඔයාගේ ජීවිතේ ඔයාගේ. ඔයාට තනි තීරණ ගන්න පුළුවන්. අනාගතේ හොඳ කෙනෙක් වෙන්න. ඔයා කැමති කෙනෙක්. ඔයාගේ කැමැත්තට වැඩ කරන්න. හැබැයි හරි දේ විතරක්. මම ඔයාට ආදරෙයි රත්තරනේ. මාව අමතක කරන්න ඔයාට ඕනනම්. ඒක ඔයාටත් හොඳයි.

මම හිතන්නේ මට කියන්න තියන සේරම මම කිව්වා. හැමෝම සතුටින් ඉන්න. මගේ බඩු භාණ්ඩ ඔක්කොම අනාථ නිවාසෙකට දෙන්න. ඒත් මම මේ කියන දේවල් ටික ඔයාලා ගන්න. මගේ කැමතිම පොත the book thief නම්ජුන් ඔප්පට. එතකොට අර රෝස පාට ලේන්සුව ජින් ඔප්පට. මම දන්නවා ඔප්පා රෝස පාටට කැමතියි කියලා. ඒ නිසා ඕක පාවිච්චි කරන්න. යුන්ගි ඔයාට මට දෙන්න තියෙන්නේ අපි පොඩි කාලේ සෙල්ලම් කරපු මතක විතරයි. ඒත් මම ඔයාට හුඟක් ආදරෙයි. ඔයාව  මට වටිනවා. ඒත් මගේ ගිටාර් එක ඔයා ගන්න. එතකොට හොසෙක් ඔප්පා. ඔයාට මගෙන් දෙන්නේ අර නයෙක් ඉන්න බ්‍රේස්ලට් එක. නයින්ට බයයි කියලා ඒක විසි කරන්න එපා. ජිමින් ඔප්පා මගේ අර කහපාට බෑග් එක උපන්දිනේ දවසට ඇරලා බලන්න. එතකොට ටේහ්‍යුන්ග්, ඔයාට මම  gucci කමිසයක් අරන් තිබ්බා කබඩ් එකෙන්. කුකී ඔප්පට මට වැඩිය දෙන්න දෙයක් නැහැ. ඒත් එයාට මගේ කළු පාට ලොකු කමිසේ ගන්න පුළුවන්. එයා කළු පාටට හුඟක් කැමතිනේ. රියුජින්ට මගේ හූඩි එක ගන්න කියන්න. ඒක එයාට හොඳට ගැලපෙනවා. අරියට මගේ එකම සාය දෙන්න. මම ඒක ගත්තේ එයා නිසාමයි. ඒ නිසා ඒක එයාට. මගේ කළු පාට බූට්ස් දෙකත් එයාටමයි. 

දායාද බෙදලා ඉවරයි. හැමෝටම ආදරෙයි හුඟක්... සතුටින් ඉන්න. මම නැතිවුණ එක අමතක කරන්න. අපි හැමෝම සමාන මිනිස්සු කියන එක මේ ලොකේට පතුරවන්න. රතු ලේ තියෙන හුස්ම ගන්න හැඟීම් දැනීම් ඇති අපි හැමෝම මිනිස්සු. 

 

මීට ඔයාලගෙන් නොකියාම වෙන්වෙලා ගිය,

හන් යුන්ජි/ ලී ජීයන්ග්.

𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Where stories live. Discover now