මං ටිකක් පාරට බැහැලා පොඩි දෙන්නත් එක්ක එළියට ආවා. සකුරා මල් කාලේ හින්දා හරි ලස්සනට මල් වැටිලා පාර පුරා. ගහක කොලයක් පේන්නේ නැති තරමට රෝස පාට පුලුන් බෝල වගේ මල් පොකුරු පිටින් පිපිලා. සකුරා සීසන් එකේ මැද කාලේ වගේ හින්දා සෑහෙන්න මල් ගොඩක් තිබුණා.
"හරි ලස්සනයි" මට ඉබේටම කිය උණා.
මී-සන්ග්ටයි මී-හීටයිනං ඊට වඩා දෙයක් නැද්ද කොහෙද.... දුවනවා දෙන්නත් එක්කම පාර පුරා. ඒ දෙන්නානම් සුරංගනා ලෝකෙන් මට හම්බුණු තෑග්ගක් කියලාමයි මට හැම වෙලේම හිතුණේ. හුළඟත් එක්කම හිම වැටෙනවා වගේ හරි ලස්සනට සකුරා මල් වැටෙද්දි දෙන්නත් එක්ක උඩ පැන පැන ඒවා අල්ලන්න දඟලන හැටි දිහා මං ඈත ඉඳන් බලන් හිටියා. අනේ මගෙ පැටව් කොච්චර ලස්සනද? මං එයාලා දිහා බලන් ඉද්දි මට ඒ දෙන්නා පුංචි කාලේ මතක් උණා.
එයාලගේ අප්පා හරිම කාර්යබහුල ජීවිතයක් තියන කෙනෙක්. අඩුම තරමේ ඒ දෙන්නා මං ගාවට එද්දිවත් ඒ දෙන්නා මුලින්ම අප්පා කීව දවසෙ වත් එයාට ඒ දෙන්නා ගාව ඉන්න බැරි උණා. ඒත් මී-සන්ග් අප්පා කියලා කතා කරනවා ෆෝන් එකකින් බලාගන්න පුලුවන් තරම් වාසනාවක් මට එයාට දෙන්න පුලුවන් උණා. එදා ඇස් දෙකේ කඳුලු පුරෝගෙන එයා පැටව් දෙන්නා දිහා බලාගෙන පොඩි එකෙක් වගේ අඬපු හැටි මතක් වෙලා මගේ ඇස් දෙකත් ලාවට තෙමුණා.
ඔහේ කල්පනා කර කර ඉද්දි ළඟට කවුරු හරි එනවා වගේ දැනුණු හින්දා මං හිමින් සැරේ හැරිලා පිටිපස්ස බැලුවා.
"මිස් දැන් වෙලාව ළඟයි. අපි ගියොත් හොඳයි නේද" අපි තුන් දෙනා ආවේ බොඩිගාඩ් කෙනෙක් එක්ක කියලා මට එතකොට තමා මතක් උණේ."මී-සන්ග් ආ... මී-හී යා... පල්ලි පල්ලි" කියන ගමන් මං අතින් පෙන්නුවා මං ගාවට එන්න කියලා. ඔම්මා කියාගෙන ඇවිත් දෙන්නා මාව බදාගද්දිම මං දෙන්නව කොහොම හරි අත් දෙකට වඩා ගත්තා.
"කජා....අප්පා බලන්න යන්"
"ඔම්මා... අප්පා බොගොෂ්පෝයෝ" මී-හී මගේ කරෙන් ඔලුව තියාගෙන කියද්දි නං මට එයා ගැන දුක හිතුණා.
"ඒකනේ අපි අප්පාව සප්රයිස් කියමුකො ඈ" මං හිනා වෙවී කියද්දි දෙන්නගෙම ඇස් ලස්සනට දිලිසුණා. ඒ ඇස්නම් අප්පාගෙම ඇස්.
____________________________________
වී.අයි.පී. ටිකට්ස් තිබුණු නිසා ප්රශ්නයක් නැතුව කොන්සට් එක බලන්න පුලුවන් උණා. කට්ටිය මැරි කරලා උණත් ඩේටින්ග් උණත් අන්තිමට ඇත්තම ෆෑන්ස්ලා තාමත් එයාලා එක්ක ඉතුරු උණු එක ගැන මට සතුටු හිතුණා. ෆෑන්ස්ලා හරි සද්දෙට ෆෑන් චැන්ට් කියද්දි මාත් පොඩි දෙන්නත් එක්කම ඒකට හවුල් උණා."ඔම්මා අන්න අප්පා" පොඩි දෙන්නට ඉතින් අප්පට වඩා දෙයක් නෑ. එයා දන්නවානම් එයාගේ හුරතල් පැටව් දෙන්නා දැන් බලන් ඉන්නවා කියලා... එහෙනම් එයාට ගොඩක් සතුටු හිතෙයි.
කොන්සට් එක ඉවර උණු ගමන් මං දෙන්නවත් අරං හොටෙල් රූම් එකට ආවේ ඒ දෙන්නා නටලා නටලා හෙම්බත් වෙලා හිටිය හින්දා. මං දෙන්නට වොෂ් දාලා ඇඳෙන් තියලා බැල්කනි එකට ආවේ ටිකක් අහස බලන්න. ටික වෙලාවක් බලන් ඉඳලා මං ආයේ ඇතුලට යන්න හැරෙනකොටම එයා කාමරේ බැල්කනියේ ඉඳන් මං දිහා බලන් හිටිය කෙනා දැකලා මං ගැස්සිලා ගියා.
"ජිමිනා" මං හිමින් සැරේ මුමුණද්දි එයා හිනාවෙලාම මං දිහා බලන් හිටියා.
එහෙම්මම එයා තරහා හිතෙන මූණක් හදාගෙන
"ජිමිනා තමයි. දැන් මේ වෙලාවේ කොරියාවේ ගේ ඇතුලේ නිදාගෙන ඉන්න ඕන කෙනා ජපානේ හෝටලේක මොකද කරන්නේ කියලා මට කියන්න පුලුවන්ද"
කියලා කටත් ඇද කර කර අහද්දි දෙන්න උත්තරයක් නැතුව බිම බලාගෙන කකුලේ මාපට ඇඟිල්ලෙන් බිමට ඇන ඇන ඉන්නවා ඇරෙන්න මට වෙන ඔප්ෂන් එකක් තිබුණේ නෑ ඒ වෙලාවේ. ඒත් එයා බිම ඉඳගෙන හිනාවෙනවා දැකලා මටත් හිනා ගියා."යා.. මාව මැරෙන්න තරම් බය කරලා ඔයා හිනාවෙන්නේ" කියලා මාත් හිනා වෙවීම කීවා.
"ඔහොම්මම තව විනාඩි දෙකකින් ආයේ කාමරේට එනවකො" කියලා ජිමින් හිනාවෙවීම කාමරේට දිව්වා. මං ඉතින් එකේ ඉඳන්ම ගණන් කරන්න ගත්තා. එක්සිය විස්සට ගණන් කරාට පස්සේ මං බැල්කනියේ දොරත් ඇරගෙන කාමරේට එද්දිම "සප්රයිස්" කියලා කෑගහන ගමන් මට හුස්ම ගන්න බැරි වෙන තරම් තදට කවුරු හරි මාව බදාගත්තා. ටික වෙලාවකින් මට හුස්මක් ගන්න පුලුවන් වෙද්දි තමා දැක්කේ කාමරේ මල්පෙති විසි කරලා. කාමරේ මැද්දේ ටිකක් ලොකු මේසෙක ඩිනර් එක ලෑස්ති කරලා. මේ ඔක්කොම විනාඩි දෙකෙන් කොහොමද කරේ කියලා හිතද්දි තමා දැක්කේ පොඩි දෙන්නව. බොඩඩිගාඩ්වත් මතක් උණු හින්දා වෙලා තියන දේ තේරුම් ගන්න මට ලොකු වෙලාවක් නම් ගියේ නෑ.
"මං ගෙදරින් ආපු වෙලාවේ ඉඳන් ඔයා මං ගැන අප්ඩේට් එකේ ඉඳලා නේද? තාත්තයි බබාලයි ඔක්කොමලා නරකයි ඈ. මං ආවෙනම් ඔයාව සප්රයිස් කරන්න. ඒත් මමයි සප්රයිස් උණේ" අන්තිම වචන ටික කියද්දිනම් මගෙ ඇස්වල කඳුළු පිරුණා. අන්තිමේදි ගොඩක් කාලෙකට පස්සේ අපි හතර දෙනාම එකට ඉඳගෙන කෑම ගන්න වෙලාවක් ආවා.
YOU ARE READING
SURPRISE (Sinhala ff Completed)
Fanfictionමේක පොඩි short story එකක්... කියවලා බලලා vote එකකුත් දාලා comment එකකුත් දාන්න අමතක කරන්න එපා❤🌸❤🌸 සරන්ග්හේ🙈💜