'මෙතනින් ගිහින් බේරෙන්න පුළුවන් කියලා හිතනවද? ඔයා හිතනවද ඔයාලට කවුරු හරි උදව් කරයි කියලා? මේ හැමතැනම අපේ කට්ටිය ඉන්නේ....' යුන්ගි විමසුවේය.

ඔහු ඇඳ සිටි සාමාන්‍ය ඇඳුමට ඔහුගේ සිරුර කැපී පෙණිනි. ජිමින්ට කෙල ගිලුණේ පසුගිය දා රාත්‍රියේ සිදුවූ දෙය මතක් වීමෙනි.

(පහුගිය රෑ වුණ එක මොකක්ද කියලා මං කියන්නෑ ඉතිම්)

(පහුගිය රෑ වුණ එක මොකක්ද කියලා මං කියන්නෑ ඉතිම්)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'මම දන්නේ නැහැ යුන්ගි මෙතන මොකක් වෙයිද කියලා.. ඒත් කට වහගෙන මෙතනින් අපිට යන්න දෙන්න. ඔයා සෑහෙන්න අපිට දැනටමත් වද දීලනේ ඉන්නේ..' ජීයන්ග් දත් මිටි කමින් කීවාය. 

යුන්ගි සාක්කු වල දෑත් ඔබාගෙන උරහිස් ඇකිළුවේය. 'මම මුකුත් කියන්නේ නැහැ ඉතින්...'

හොසෙක් ඉදිරියට පැමිණියේය. 'හ්‍යුන්ග්... යුන්ජි අපේ නංගි... එයාට මොනවා හරි වුණොත් ඒක අපි දෙන්නගේ වැරැද්දක්... තේරෙනවද?'

'හොසෙක් එයා ඔයාට කලින් මගේ නංගි.'

'ඒත් ඔයා එයාට නංගි කෙනෙක්ට වගේ සැලකුවේ නැහැ...'

'මම ඔයාගෙන් ඒක ඇහුවේ නැහැ ලී හොසෙක්!'

'මමත් ඔයාගෙන් ඇහුවේ නැහැ අපි දෙන්නගෙන් එයාගේ අයියා කවුද කියලා? මොකක්ද තමුන් මෙතන කරන්නේ මේ වෙලාවේ?'

යුන්ගි සුසුමක් හෙළුවේය. 'යන විදිහකට යනවා. හැබැයි තමුන් අහුනොවී ඉන්නවා හොසෙක්. මට කිසිම දෙයක් කරන්න බැහැ ඔයාලා පැනලා යද්දි අහුවුණොත්. මම මේ වෙලාවේ ඔයාලට විරුද්ධ වෙන්නෙත් නැහැ යන එකට.'

හොසෙක් සුසුමක් හෙළුවේය. 'හොඳයි එහෙනම් ස්තූතියි අයියේ...'

යුන්ගි ජිමින් දෙස බැලුවේය. ඔවුන්ගේ දෑස් මුණ ගැසෙද්දි ජිමින් බිම බලාගත්තේය. යුන්ගි ඉවත බලාගෙන එතැනින් යන්නට පය තබද්දීම ඔවුන්ට සයිරන් හඬ ඇසුණි.

'එයාලා හොයාගෙන අපි යනවා කියලා...' ජීයන්ග් මැතිරුවාය.

'ඉක්මන් කරනවා! කාණුවෙන් යන්න එපා ඔතනට දැන් මුරට දාලා ඇති පැනලා ගිය බව දන්න නිසා. තාප්පෙන් පනින්න! තාප්පෙන් පැනලා දකුණු පැත්තට ගියහම හතරවෙනි ඔරලෝසු කණුව හම්බවෙයි. එතනින් පස්සේ ඔයාලා පරිස්සම්.' යුන්ගි වේගයෙන් විස්තර කළේය.

_______________

ටිකක් දිග චැප්ටර් එකක්...

රෑ දොළහට විතර ලියලා ඉවර වුණේ...

මට ඔයාලාගෙන් උදව් දෙකක් අවැසියි.

1. Ivy Gates කියවලා තියෙනවද?

2. Deanna school of dancing එකේ ඉගෙනගන්න කවුරු හරි ඉන්නවද?

පුළුවන්නම් දෙවනි එකට උත්තර දෙන්න...

Thanks for reading.. <3

 <3

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]Where stories live. Discover now