(මේන් මේ වගේ ඇඳුමක් දීලා කියලා හිතාගන්න... ඔය නෙට් එක නම් නැතුවත් කමක් නැහැ...)
ජිමින්ව බිමට තල්ලු කර සෙබලා ඔහුගේ ගෙල වටා දැමීමට දම්වැල අතට ගත්තේය.
'එපා... බෙල්ල රිදෙනවා...' ජිමින්ගේ මුවින් කෙඳිරිල්ලක් පිටවිය.
එය නෑසුනාක් මෙන් සෙබලා තම කාර්‍යය කරගෙන යනවිට ජිමින්ගේ දෑසින් වේදනාවට කඳුළු බේරුණි.
'ඕයි!'
සෙබලා වික්ෂිප්ත වූ බැල්මකින් ජීයන්ග් දෙස බැලුවේය. 'මොකද?'
'එක සැරයක් කිව්වනේ ඔය මගුල් දම්වැල දාන්න එපා කියලා... මොලයක් කියලා එකක් නැද්ද? නැත්තම් තිබ්බ එක බිම හලලා ආවද?'
ජිමින්ට දම්වැල් දැමීම අමතක කර දැමූ සෙබලා ජීයන්ග්ව ඔසවා බිත්තියට තද කළේය. ඔවුන් දෙදෙනා මද වෙලාවක් එකිනෙකාගේ දෑස් දෙස බලා සිටියහ.
'ඇත්තටම කියන්න ඔයාගේ ඇස් දිහා බලන් හිටියා කියලා මට කිසිම හැඟීමක් දැනෙන්නේ නැහැ... වාව් මෙයා මාර හොට් කියලා වගේ කිසි දෙයක්... මොකද මං සමලිංගිකයිනේ...' මද වෙලාවකට පසු තරුණිය පැවසුවේ සෙබලාගේ දෙපා මැදට ප්‍රහාරයක් එල්ල කරමිනි.
ජීයන්ග්ට ශාප කරමින් සෙබලා කාමරයේ දොර අගුළු දමා පිටව ගිය පසු ඇය ජිමින් දෙසට බඩ ගෑවාය.
'ඔයාගේ බෙල්ල කොහොමද?'
'බෙල්ලක් නැහැ වගේ...'
ඇය ඔහුගේ හිස තම උකුල මතට ගෙන ගෙල පරික්ෂා කළාය.
'මිලි ඇම්පියර් දශම පහක් එක සැරේකට ගානේ වට හතලිහක් විතර කරන්ට් එක ඇඟ ඇතුළින් ගිහින් තියෙනවා.'
'කොහොමද දන්නේ?' ජිමින් කෙඳිරීය.
ජීයන්ග් උරහිස් ඇකිළුවේ නොදන්නා බව හැඟවීමටයි. 'නිකන් අනුමාන කළා. මොනවා වුණත් ජෙනරලුත් ඔයාට සෑහෙන්න ආදරේ පාටයි...'
තරුණයාගේ කම්මුල් රතු විය. 'ඒ මොකෝ?'
'මේක මිලි ඇම්පියර් පහ ගානේ ඇඟ ඇතුලෙන් යනවා කියන්නේ මාරාන්තිකයි... ඇම්පියර් 0.1ක් කියන්නේ මාරාන්තිකයිනේ... එයා මිලි ඇම්පියර් හතලිහක් ඔයාට දීලා නතර වෙලා... හරියටම කිව්වොත් ඔයාව දහයෙන් හතරක් මරලා නැවතිලා....'
'මොනවා කියවනවද මන්දා...' ජිමින් ඇස් කැරකැවීය.
_________________________
මොනවා කියවනවද මන්දා තමයි....
මම මේ කියවන් ගියාට ඔයාලට තේරුණේ නැත්නම් සමාවෙන්න ඕනෑ හරිද?
කතාව කම්මැලිද?
මම ඇන්දේ... කොහොමද?
මට චිත්‍ර අඳින්න බැහැ මොකද මම drama student කෙනෙක්
YOU ARE READING
𝐇𝐎𝐌𝐎𝐏𝐇𝐎𝐁𝐈𝐀 [✓]
Fanfictionසමලිංගිකයෙකු වීම වැරැද්දක් වූ රටක සමලිංගික ගැහැණු ළමයෙකු හමුදා භටයන් විසින් දඬුවම් දීම පිණිස රැගෙන යයි. දඬුවම නම් විරුද්ධ ලිංගිකයෙක් අතින් අතවරයට ලක් වීමයි. 𝐧𝐨𝐭 𝐚 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧
- 5 -
Start from the beginning