Chapter 01 ❤️

204 29 7
                                        

Saeron's pov :

අද මෙයා එන්නේ නැද්ද? මං gate එක ළගට වෙලා Minhee එනකල් බලාගෙන හිටියා.

" කොච්චර වෙලා ද ඇවිත්? " Minhee හෙන ආතල් එකේ banana milk එකක් බිබී gate එක ළගට ආවා.

" මෙච්චර වෙලා කොහෙද ඕයි හිටියේ? කෝ මගේ පොත් ටික? " මං කෑ ගැහුවා

" Reading area එකට යමු. මං දෙන්නම් " Minhee කිව්වා

" මං මෙච්චර වෙලා ඔහේ එනකල් මෙතනට වෙලා හිටියා. ඔයා හරි ආත්මාර්ථකාමී Kang Minhee " මං Minheeට ඔරවලා අඩිය ඉක්මන් කලා.

" දැං මොකක් ද මගේ ආත්මාර්ථකාමී කමෙයි ඔයා මං එනකං බලාගෙන හිටිය එකෙයි අතරේ තියෙන සම්බන්ධය? " Minhee මගේ පාර හරස් කරලා ඇහුවා.

" මං ඔයා එනකං විනාඩි දහයකට වඩා මෙතනට වෙලා වේලි වේලි හිටියා. ඔයා මට දෙන්නේ නැතිව තනියම banana milk එකක් බොනවා " මං ඔරවගෙන කිව්වා.

" ආ ........ " Minhee හිනා වුණා. " මෙන්න මේක ඔයාට. " Minhee iced coffee එකක් මට දුන්නා.

" ඕක මුලින්ම දෙන්න එපැයි නේ? මගේ වචන ටික අපරාදේ " මං හිනා වෙවී එතනින් එහාට ගියා.

             ❄️❄️❄️❄️❄️

No One's Pov :

" ඔය කට්ටිය මෙහෙ නවතින්න ද ආවේ? " Seol Ah Joochan එයාගේ යාළුවොත් එක්ක Seol Ahගේ ගෙදර ආපු ගමන්ම ඇහුවා

" ඔව්. නැත්තං මේ විදිහට එන්නේ නෑ නේ? " Jibeom ඇහුවා

" ඒත් ..... "

" Seol Ah , ඔයා අපිට නවතින්න දෙනවා ද? නැද්ද? " Joochan ඇහුවා

" නවතිනවා ඉතින් " Seol Ah කියාගෙන ගියා.

~~~~

" ඔය කට්ටිය මෙහෙ නවතිනවා ද? " Minhee ගෙදර ඇවිත් ඇහුවා

" ඔව්. " Jaehyun කිව්වා

" අපෝ!!!!!!!!!!! " Minhee කිව්වා.

" මොකද Minhee? " Seol Ah ඇහුවා

" Noona , ඇයි මෙයාලා මෙහෙ නවතින්නේ? මෙයාලා ඉද්දී මට පාඩම් කරන්නවත් නිදහසක් නෑ " Minhee කිව්වා

" ඇයි ඔයා පාඩම් කරලා high school එකේ පලවෙනියා වෙන්නද? මේ නිකං ඉන්නවා " Joochan කිව්වා

" පළවෙනියා වෙන්න නෙමෙයි. මං කොහොමත් දැං පළවෙනියා තමයි " Minhee Joochanට ඔරවලා කිව්වා.

" Woah ... කොල්ලා දැං ලොකුයි " Jibeom Donghyun දෙන්නම එකට කිව්වා

" Hyungලට වඩා නම් පොඩි ඇති ඒත් දැං මට ඔය කට්ටියට වඩා හොඳට වගකීම් දරන්න තේරෙනවා " Minhee අර හතරදෙනා දිහා බලලා කිව්වා.

" මොකක් ද ඒ කතාවේ තේරුම? " Joochan ටිකක් විතර කේන්තියෙන් ඇහුවා

" කිව්වේ ද? මං ඔයාලා හතරදෙනා වගේ කොහෙට හරි ගිහින් නිකං කාල කකා ඉන්නෙ නෑ කියලා " Minhee කියලා ගියා.

             ❄️❄️❄️❄️❄️

Seol Ah's pov :

Minhee ඇත්තටම ඇයි ඒ වගේ දෙයක් කිව්වේ?

" Seol Ah ..... " Joochan කේන්තියෙන් කෑ ගැහුවා.

" මොකද? " මං ඇහුවා

" මොකක් ද ඒ Minhee කතා කරපු විදිහ? " Joochan ඇහුවා

" මං කොහොමද දන්නේ? ඒත් එයා කිව්ව කතාවෙත් ඇත්තක් තියෙනවා කියලා මට තේරෙනවා " මං කිව්වාම එයාට තවත් කේන්ති ගියා කියලා මට තේරුණා එයාගේ මූණ දැකලා.

" මේ ඔය දෙන්නා දැං ඕකට රණ්ඩු වෙන්න ද හදන්නේ? " Jaehyun ඇහුවා

" අපෝ නෑ " Joochan sofa එකෙන් ඉද ගෙන කිව්වා.

" පිස්සු .... " මාත් හිනා වෙවී sofa එකෙන් ඉද ගත්තා.

            ❄️❄️❄️❄️❄️

Sae Mi's pov :

" Oppa කවුද මේ? " මං Hangyul ගේ ඇතුලට එද්දීම ඇහුවේ එයත් එක්ක තව boy කෙනෙක් ආපු නිසා

" Sae Mi .... මේ ඉන්නේ Kim Yohan " Hangyul කිව්වා. " Yohan ටික දවසකට අපිත් එක්ක නවතිනවා "

" එහෙම ද? " මං ඒ ආපු boy දිහා බැලුවා. එයාගේ මූණ දැකපු ගමන්ම මාව මොකක් ද වෙලා ගියා වගේ වුණා.

" Yohanනුයි මායි එක කාමරේ ඉන්නේ. ඔයා ඔයාගේ කාමරේ හරි නේ? " Hangyul කියද්දී මගේ කල්පනාව කැඩුණේ

" හ්ම් .... මෙයා තව කොච්චර කාලයක් මෙහෙ ඉන්නවා ද? " මං අහද්දි එයයි Hangyulලුයි දෙන්නාම මගේ දිහා බැලුවා

" මං හිතන්නේ ඔයාගේ නංගි මං මෙහෙ ඉන්නවාට කැමති නැහැ." Yohan කිව්වා.

" නෑ ... එහෙම දෙයක් නෙවෙයි මං කිව්වේ ....... මං " මං හරියට වැරැද්දක් කරපු කෙනෙක් වගේ ගොත ගහන්න ගත්තා

" මං විහිළුවක් කලේ. කන්න මුකුත් නැද්ද මට බඩගිනියි " Yohan කියද්දී මට හිනා ගියා. එ වෙලාවේ එයත් හිනා වුණා. එයාගේ හිනාව.......

First chapter එක මෙන්න. කියවලා බලන්නකෝ මොකද කියලා 😁😀

Loving YouStories to obsess over. Discover now