මගේ කථාව පටන් ගන්නේ අහඹු සිදුවීමකින්....
එක දවසක් මම පාරට දිව්වේ ගෙයි මහ දොරත් ශබ්දයෙන් විවෘත කරන ගමන් මගේ කාමරයේ පියාඹන කැරපොත්තෙකුගේ ආගමන නිසා..අපේ නිවස තිබෙන්නේ ප්‍රධාන පාරට ආසන්නයේ..වාහන යන මහ පාර අයිනේ ගිමන් හැරියේ, යන්තම් බේරුණා යැයි සිතුවිල්ලෙන්...
අහඹු ලෙස දුටු දසුනින් මට කවරදාවත් නැතිතරම් පොළව යටටම කිමිදෙන්න සිතුණා.පාසලේදි බෙහෙවින්ම ආදරය කළ ඔහු මදෙස බලා සිටින අයුරු දුටුවත් , අවුරුදු ගණනක් අතීතයට හිත දිව ගියත් , අමනාපයෙන් දෑස් ඉවතට ගත්තෙ නැවත නොදකින්න සිතු ප්‍රාර්ථනය සිහිකරමින්..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ඉක්මනටම ආපසු දිවගිය මම ගෙයි දොර ළඟ අසරණ උනා. එවිටම මල්ලී පැමිණ..
"ඔන්න තමුසෙලා නිසා අපිටයි පව් පිරෙන්නේ...කැරපොත්තාව සාමයෙන් සැතපුවා හරිද?"
"හොඳ මල්ලී...තමුසෙට මං ආදරේ ඒකනේ..."
කියමින් මං කාමරයට පියමැන්නා..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
අක්කාටයි මටයි තිබුණේ එකම එක කාමරයයි.ඒත් කාමරයේ බොහොමයක් දේ එයා අයිති කරගෙන.අම්මාගේ පොඩි දුව නමින්ම ගෙදර හිටිය ගැහැණු ළමයා අක්කා විතරයි. මට කවදාවත් දුව කියලම නැහැ..ඇයි ඒ කිව්වොත්
මම අක්කටත් මල්ලීටත් මැදිව ඉපදුණේ...මගේ හැම වැඩක්ම කොලු වැඩ... කොණ්ඩය ද කොටටම කපා තිබූ මගේ ඇඳුම් පැළඳුම් තෝරා ගැනීම් පවා පිරිමි ළමයෙකුගෙ වගේ කියලා අම්මා හැමතිස්සෙම කියනවා...ඒ නිසා අම්මාට මම අම්මගේ තවත් පුතෙක් වගේ තමයි...ඒ හේතුව හින්දම ගෙදර වැඩපල ගැන මට කිසිම උනන්දුවක් තිබුනේ නෑ...මං ශරීරයෙන් ගැහැණු ළමයෙක් වුණත් මනසින් පිරිමි ළමයෙක් විදියටමයි හිටියේ...
මම නිතරම ගස් උඩ නැගගෙන මල්ලීත් සමග සෙල්ලම් කරමින් හිටපු නිසා ගෑණු ළමයෙක් ගෙන් නිවසට වෙන්න ඕන යුතුකම් මගෙන් ඉටු වුණේ අඩුවෙන්..ගෙදර යුතුකම් සියල්ලම අක්කා සිදුකරද්දී මට වඩා අක්කා අම්මාට සමීප වුණා... ඒ හේතුව හින්දම නිතරම අම්මගෙන් දොස් ඇසීමට මට සිදු වුණා...ඒත් මගේ වැරදි අඩුවෙන්ම දැක්කෙ මගේ තාත්තා...
තාත්තාගේ බඩ උඩ මගේ නිදි යහන සදාගත් මම බොහෝවිට අක්කාගෙ කාමරේට නොගිහින් ඉන්න උත්සාහ කළා...අම්මා මා නිවැරදි කිරීමට නිතරම හෙළාදැක්කද තාත්තී එසේ නොවේ....
මල්ලීත් මාත් කරන දඟ වැඩ වලින් දඩුවම් ලබන්නේ මල්ලී පමණයි... එහෙත් වඩා වරද ඇත්තේ මා අත නමුත් තාත්තා පවසන්නේ මල්ලී එය නැවත්විය යුතු බවයි...ඒ තරම්ම ඔහු මට ආදරේ කළා....
අපේ පවුල හරිම සාමකාමී පවුලක්..තාත්තා අපි හැමෝවම පාලනය කරා..අම්මව පවා..එහෙත් ඒකෙන් අපිට කරදරයක් වුණේ නෑ...අපි හැමෝම තාත්තට ගෞරවය සහිත බයකින් හිටියා...ඒ වගේම ආදරේකින්...ගොඩාක් සතුටින් ජීවත් උනා...කිසිම දුකක් රහිතව....අපට සෑම දෙයක්ම තිබුණා
ඒත් ඒ සාමකාමී බව තිබුන ටික කාලයයි....
.....TO BE COUNTINUED.....✌
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
Love is not OVER❤ [ONHOLD]
Romanceගොඩක් අයගේ කතාවල අතීතය සම්පූර්ණ දුකක්..අපි හිතුවත් අපි මේ ගන්නේ හරිම,සාර්ථකතම තීරණය කියලා,ඒත් ඒක ජීවිතේ ගත්ත වැරදිම,අසාර්ථකම තීරණය වෙන්න පුළුවන්...ඒත් කාලය කියන දේ කවදාවත් නතර වෙන්නෙත් නැති, ආපස්සට ට ගන්නත් බැරි දෙයක්.. මොන දේ කළත්, කොහොම වින්දත්..ජ...
![Love is not OVER❤ [ONHOLD]](https://img.wattpad.com/cover/252993929-64-k218076.jpg)