Yura's pov..
"මේ කෙල්ලවනම් හදන්න බෑ.. මෙතන මිනිස්සු ඉන්නවා පිස්සියේ..කෑ ගහන්න එපා.. එන්න අපි ගෙදර යමු.. රෑත් වෙලා.." බොහොම අමාරුවෙන් සේජියාවත් ඇදගෙන බස් හෝල්ට් එක ළගට ගියා..
" යා.. යූරා..කියන්නකො ඉතින් අද මොකද උනේ.. මට ටිකට්ස් ගන්න පුලුවන් උනානම් මමත් අද මගේ ජිමින්ව බලන්න යනවනේ.. මොනා කරන්නද ඉතින් කමක් නෑ ඔයා ගියානේ.. ජන්ග්කූක්ව හම්බුනාද.. එයාට කතා කරාද ඔයා අනේ කියන්නකෝ.."
සේ ජියා එක දිගට මගෙන් එක එක දේවල් අහ අහ වද දෙනවා..මම හිටියෙ ඒවට උත්තර දෙන්න පුලුවන් තත්ත්වෙක නෙවෙයි.. කොහොම උනත් ජන්ග්කූක්ව දකින්න කලින් හිටියට වඩා දැන් එයාව දැකලා දාලා එන්න උන එක ගැන මට ගොඩක් දුකයි.. හිත හදාගන්න අමාරුයි.. ආයි එයා ගාවට දුවලා යන්න හිතෙනවා.. ඒ දිලිසෙන ඇස් දෙක මගේ ඇස් දෙක දිහා බලං හිටපු හැටි මට මතක් වෙනකොට දරා ගන්න අමාරුයි..
සේජියා එක දිගටම මගෙන් එක එක දේවල් අහනවා.. මගෙ ඔලුවත් ඒ වෙලාවෙ පැලෙන්න වගේ රිදෙනවා.. මට ඉවසගන්න බැරි උන තැන මම ජියාව තල්ලු කරා පිටිපස්සට කට වහගන්න කියලා.. මගෙ හැම දේකටම හිටියෙ එයා.. හරියට හෙවණැල්ලක් වගේ.. මම කවදාකවත් හිතුවෙ නෑ එහෙම දෙයක් වෙයි කියලා.. මම තල්ලු කරාට පස්සෙ එක පාරට එයාව කකුල පැටලිලා වැටිලා පාරට වැටුණා.. ඒ වෙලාවෙ මම දැක්කා ඈතින් කාර් එකක් එනවා...
" ජියා..................... අයින් වෙන්...න......." මම පුලුවන් ට්ගරම් හයියෙන් කෑ ගහලා එයා ළගට යන්න හද්දිම මට දකින්න ඕනෙ නැති දෙයක් උනා.. එයාව කාර් එකේ හැප්පිලා විසි උනා... මට මොකක්ද උනේ කියලා හිතා ගන්න බැ.. එක තැන ගල් වෙලා වගේ හිටගෙන.. මිනිස්සු හැමෝම එයා ඉන්න පැත්තට දුවගෙන ගියා..
" මං මොනාද මේ කරේ.. ජියා.. එයා මං හින්දා.. අන්ද්වේ අන්ද්වේ...ජියායා......."
මට හයියෙන් කෑ ගැහුනා.. මගේ අතේ තිබ්බ දේවල් ඔක්කොම විසි කරලා එයා ගාවට ගියා.. එයා ගාවට යද්දි ජියාගෙ ඔලුවෙන් ලේ එනවා.. සිහිය නෑ.. මගේ අත් දෙක මුලු ඇගම වෙවුලනවා.. ඉක්මනට එයා ලගට ගිහින් ඔලුව උඩොක්කුවට තියා ගත්තා.. මට ඇඩෙනවා.. නවත්තගන්න බෑ.. ඒ අහින්සකීට මෙහෙම උනේ මං හින්දා..
YOU ARE READING
A Dream Came True
Romanceඔන්න ඉතින් මගේ පලවෙනි ff එක ලිව්වා..කොහොම වෙයිද කියන්නනම් දන්නෑ frist time නිසා..කැමති අය කියවන්න.. මේක මගේ හිතේ තිබ්බ පුංචිම පුංචි හීනයක් තමයි වචන වලට පෙරලන්න හිතුවේ.. 🙈