Part 18 ✽

64 7 0
                                    

එක පාරම මගෙ ඉන වටේ අත් දෙකක් එතෙද්දි මං ගැස්සිලා ගියා..මොකද ඒ මට වෙනද හුරු ස්පර්ශය නෙවෙයි..ඒ අත් ආගන්තුකයි..

මං ඉක්මනට එහාට උනේ ඒ අත්වලින් මිදෙන ගමන්..

" මොකද උබ බය උනාද.."

දෙයියනේ ඒ ඇන්ටෝ..මං එහාට උනත් ඌ ටිකෙන් ටික මං ලගට ආවේ මට තවත් යන්න තැනක් නැතුව පැන්ට්‍රි එකටයි එයාටයි මැදි වෙද්දි..

" ඇයි මේ..එහාට වෙන්න.."

ඇන්ටො මගෙ ඉන දෙපැත්තෙන් පැන්ට්‍රි එකට අත් දියලා මට ලන් උනේ මගෙ මූණට එබෙන ගමන්..

උගෙ හුස්ම පවා මගෙ මූණෙ වදින තරම් ඇන්ටො මට ලන් වෙද්දි මං අත් දෙක ඒ පපුවත් තියලා එයාව තල්ලු කරන්න උත්සහ කරා..

ඒකා ලග ගදයි බියර් ගදයි සිගරට් ගදයි..මට මහ අප්පිරියාවක් දැනෙද්දි මං නහයත් හකුලන් මූණ අනිත් පැත්ත හැරෙව්වා..

" මොකද බං උබ බයද මට.."

" ඇන්ටො එහාට වෙන්න..මොකද මේ කරන්නේ.."

" මොනාද උබ මෙච්චර සුවද එන්න ගාන්නේ සුදු මහත්තයා.."

ඌ මගෙ බෙල්ල ලගට ලන් වෙලා ඉව කරා..

මට තවත් මේක දරා ගන්න බෑ හොම්බට දෙකක් අනින්නමයි හිතෙන්නේ මූ දන් නෑ මේ නේෂිගෙ හැටි..

" එහාට වෙනවද නැද්ද.."

මං ඇහුවෙ ඒ ඇස් දිහා කෙලින් බලන ගමන්..

" වෙන් නෑ ඇයි උබ මොනා කරන්නද.."

ඌ එහෙම කියන ගමන් මගෙ බෙල්ලෙ තොල් ගාවන්න ඔන්න මෙන්න තියෙද්දි මං පැන්ට්‍රි එක උඩ තිබ්බ කෝප්පයක් බිමට දැම්මෙ අකේන්ලගෙ අවදානෙ ගන්න ඕනි නිසා..

සලාං...

වීදුරු කෝප්පේ කෑලි කෑලිවලට බිදිලා යද්දි ඒ සද්දෙට අකේන් වගේම අප්පච්චි කුස්සිය පැත්තට ආවා..

එයාලා එන බව තේරුන ඇන්ටො මගෙන් එහාට උනේ නක්කලේට මට හිනාවක් දාන ගමන්..

" මොකක්ද කොල්ලෝ බිදුනේ.."

" කෝප්පෙ බිදුනා අප්පච්චි..ඇන්ටොගෙ අත වැදුනා.."

මං එහෙම කියද්දි අප්පච්චිගෙ ඇස් නොමු උනේ ඇන්ටො දිහාට..ඌ මුකුත් නොව්න ගානට අත් දෙකත් පිටි පස්සට බැදන් බිදුන කෝප්පෙ දිහා බලාන ඉන්නවා..

භවයෙන් භවේ 🥀 ( Yizhan )Where stories live. Discover now