part 2 ✽

153 26 9
                                    

මගෙ ඇග හොලවන්නවත් බෑ..මුනු ඇගම වේදනයි..ඔලුව පැලෙන්න තරම් කැක්කුමයි..කීප දෙනක්ගේ කටහඩවල්..මොනාද එයාල කියන්නේ..

මං හෙමින් හෙමින් ඇස් ඇරියා.. අහ්..මං මේ කොහෙද ඉන්නෙ..

" මචං මෑන්ස්ට සිහිය ආව.."

" ඒ බොසා මොකො දැන් තත්වෙ.."

"........"

" පොඩ්ඩක් හිටපන් බං එයා confused වෙලා ඉන්නෙ.."

" මේ මුට මුකුත් අමරුවක් තියනවද දන් නෑ නේ බං මං කිව්ව උබට hospital එක්කන් යන් කියලා.."

" අපෙ doctor කාරයා ඉන්නෙ බං..ඊයෙ රෑ සීන් එක කිව්වම ඇවිල්ල බලල ගියෙ.."

" අහ් ඒනම් අව්ලක් නැතුව ඇති.."

"ආ මේ වතුර එක දීපන්.."

" ඔයාට අමාරුයිද..මේ වතුර එක බොන්නකෝ.."

කව්ද මෙයාලා..ලගට ආව කෙනා හෙමීට මාව නැගිට්ටවලා වතුර ටිකක් පෙව්ව..මොකක්ද මේ වෙන්නෙ..මං කලබලෙන් වටපිට බැලුවා..මට කිසි දෙයක් තේරෙන් නෑ ඇයි මං මෙහෙ කොහෙද මේ..අහ් accident එක..ඔව් මගෙ car එක accident උනා..එ_ඒත් මං කොහොමද මේම ඉන්නේ..ඒ පල්ලමට වැටුන විදිහටනම්..මං මේ වෙද්දිත් මැරිලා ඒත් කිසිම සීරීමක්වත් නෑ මට..

" ඒයි කලබල වෙන්න එපා ඔයා දැන් හොදින්.."

" කො_කොහෙද මේ..ඇයි මං මේම.."

" අහ්..මේ අරූගෙ ගෙදර..ගේ ලග පාරෙ ඔයාට සිහිය නැතුව වැටිල හිටියා ඊයෙ පන්දර මේ වෙනකන් ඔයා සිහිය නැතුව හිටියේ.."

පාරෙ සිහිය නැතුව හිටියා..ඒක වෙන්නෙ කොහොමද..car එකේ යද්දි නේ..මං accident උනේ..

" පාරේ..එහෙම වෙන්න විදිහක් නෑ..මං car එකේ යද්දි..accident උනා.."

" හරි හරි..කෝ කලබල නොවී ඉන්නකෝ.."

" මචං අකේන් මොකද කරන්නෙ..මෙයා කලබල වෙලා ඉන්නෙ.."

" මගෙ car එක කෝ..4n එක..මගෙ බඩු කොහෙද.."

" ඔයාව අපි මෙහෙට ගෙද්දිනම් ලග කිසිම දෙයක් තිබ්බෙ නෑ.."

මොනාද මෙයාල කියන්නෙ මට හොදටම මතමයි මං accident උනා කියන්න..ඒක හීනයක් වෙන්න බෑ..එතකොට මේ වෙන දේවල්..ඒ දේවල් හීනයන්ද..

භවයෙන් භවේ 🥀 ( Yizhan )Where stories live. Discover now