Part 8 ✽

71 14 2
                                    

මං උදේ ඇහැරෙද්දිත් හිටියෙ අකේන් ලග..මාව බදාගෙන සනීපෙට නිදාන ඉන්න ඒ ලස්සන මූණ දිහා මං ටික වෙලාවක් බලන් හිටියා..

ලස්සනයි ඔයා ගොඩක් ලස්සනයි අකේන් පෙනුම වගේම ඔයාගෙ හදවතත් ගොඩක් ලස්සනයි..මෙච්චර ලස්සන ඔයාට මාව කොහොමවත් ගැලපෙන් නෑ..රෑ උන දේවල් ඔයා ඇහැරෙද්දි අමතක වෙලා තිබ්බොත් හොදයි..මට ආයේ ඒ දේවල් ගැන කතා කරන්න ඕන් නෑ..

අකේන්ට ඇහැරෙන්න නොදී මගෙන් එයාව හෙමීට ඈත් කරපු මං බෙඩ් ශීට එකත් එයාට හොදට පොරවලා ඇදෙන් නැගිට්ටා..දැන්නම් උන බැහැලා ඒත් කසාය මොනා හරි හදල දුන්නනම් හරි..

මූණ හොදන් ඇදුම් මාරු කරන් කුස්සියට ආව මං කසාය එක තැම්බෙන්න ලිපෙන් තියල උදේට කන්න හදන්න ගත්තා අකේන් ආසම විදිහට පොල් සම්බල් තෙල් දාල බිත්තර බැදලා..

" නේෂී.."

" අහ් අ_අකේන් කියන්න.."

" ඊයෙ මො_"

" ඊයෙ මුකුත් උන් නෑ අකේන් ඇයි.."

" ඒනම් ඇයි අර වතුර භාජනේකුයි ටවල් එකයි මේසෙ උඩ ඔයාට උන හැදුනද නේෂි.."

" අහ්ම් ඒක මේ මට නෙවේ ඔයාට උන හැදුනේ ඇග පොඩ්ඩක් තෙමුව මං.."

" අහ් හ්ම්ම්.."

කලබලේනෙ නේෂි ඔයාගේ..ඒ කොල්ල වෙන දෙයක් අහන්න ගිහින් තියෙන්නෙ..ඊයෙ උන දේ ගැන මතක නෑ එයාට..නිදි විකාරෙන් නේ හිටියේ..

" නේෂි බඩගිනි.."

" මේ ඉවරයි..ඉන්න බෙදල දෙන්නම්..බත් කාල මං කසාය එකක් තැම්බුව ඒකත් බොන්න..ඔක්කොටම කලින් මූණ හෝදන් එන්න..සීතල වෙන්න එප ගොඩක්.."

" හ්ම්ම්.."

මූණ හොක්දන් එන්න එයා යනවත් එක්ක මං කෑම බෙදල අකේන්ගෙ කෑම එක වහල තියල මං ඉක්මනට කෑවා..මූණ දෙන්න බෑ මට එයාට පුලුවන් තරම් ඈත් වෙලා හිටියනම් හරි..නැත්තන් එයා මට තවත් ආදරේ කරයි..

කාල බීල අකේන් එන්න කලින් මං ගෙදරින් එලියට ආවා..මිදුලෙ අයිනෙ තියන බෙන්ච් එකේ ඉදගෙන ලස්සන ආදර කතාවක් තියන පොත දිහා බලාන මං ටිකක් කල්පනා කරා..ඒ වගේ ලස්සන ආදරයක් මටත් තිබ්බනම් හොදයි කියල මටත් නොහිතුනාම නෙවේ..ඒත් කොහොමද දැන දැනම ආදරේ කරන මිනිස්සුන්ව මරා ගන්නේ..

භවයෙන් භවේ 🥀 ( Yizhan )Waar verhalen tot leven komen. Ontdek het nu