Part 13 ✽

75 12 9
                                    

" නේෂී ඒනම් අපි ගියෝ.."

" හලියෝ පරිස්සමින් යන්නෝ.."

ශකිල අයියා ඇවිල්ල තිසරුව එක්කන් යද්දි මායි අකේනුයි ආයෙත් ගෙදර තනි උනා..

" අකේන් මට නිදි මතයී.."

සාලේ පුටුවට වෙලා කියද්දි අකේන් කුස්සියේ ඉදන් ඇවිල්ල ලං ලගින් ඉද ගත්තා..

" නිදා ගමු ඉතින්..රෑ වෙලානේ ගොඩක් දැන් කොහෙද ඉතින් ඔයාටත් තිසරු එක්ක කියව කියව ඉන්න තියනවනම් ඒ තරම් දෙයක් නෑ නේ.."

හරි සනීපෙට එයාගෙ ඇගිලි මගෙ ඔලුව පුරා යද්දි මං එයාගෙ උරහිසෙන් ඔලුව තියා ගත්තා..

රෑ දොලහටත් ලගයි..ඇත්ත ඉතින් තිසරු එක්ක කියව කියව ඉද්දි වෙලාව යනව දැනෙන්නෙත් නෑ..

" යන් ඉතින් නිදා ගන්න.."

" ම්හුක් මේම ඉන්න ඕනි ටිකක්.."

" දැන් ඔහොම්ම නින්ද යයි නේෂි ඔයාට.."

" ඉතින් උස්සන් යන්න එතකොට.."

" ආ මට වෙන වැඩ නෑ නේ නාකි හෝන්තු උස්සන් යන්න.."

අකේන් එහෙම කියද්දි මං ඔලුව උස්සලා එයාගෙ මූණ දිහා බැලුවා..ඔරන්මොටන්..

" ඇයි ඉතින්.."

අහන ලස්සන..මං ආයෙ මුකුත් නොකියා රවාගෙන ගස්සගෙන පද්දගෙන කරන්න ඕනි ඔක්කොම කරගෙන කාමරේට ගිහින් හයියෙන් දොර වහ ගත්තා..

" ඒයි රත්තරං දොර අරිනවා..මොකද ඔය.."

මං යනවත් එක්කම මගෙ පස්සෙ දොර ලගට ඇවිල්ල දොරට ගහනවා ඒ පාර.. මෙයා දන්නෙ නෑ මොකද කියලා..ඕන් නෑ නේ නාකි හෝන්තු එක්ක කතා කරන්න ඉතින්..

" දොර අරින්න නේෂී.."

දොරට ගහනවා ගහනවා ඉවරයක් නෑ..කොච්චර ගැහුවත් දොර අරින්නෙ නෑ ඇත්තමයි..බෙඩ් ශීට් එක ඔලුවෙ ඉදන් පොරවගෙන කොට්ටෙන් කන් දෙක වහගෙන මං ඇදේ පෙරලුනා..

" අයියෝ දොර අරිනව නේෂි හිතුවක්කාර වෙන්න එපා.."

" අරින් නෑ ඇයි මොනා කරන්නද..නාකි හෝන්තු එක්ක කතා කරන්න එපා.."

ම්හුක් මං නාකි හෝන්තුවක්ද අනේ..නෑ නේද..

" අහ්..ඒකද මේ ඩෝං ගිහින්..නාකි හෝන්තුවට මං ආදරෙයි නේ ඉතින්..උස්සන් නෙවෙයි කරේ තියන් හරි යන්න මේ දොර ඇරපන්කො බං.."

භවයෙන් භවේ 🥀 ( Yizhan )Where stories live. Discover now