Part 17

10 2 0
                                    

උදේන්ම මන් නැගිටිනකොට අභී ඇදේ හිටියේ නෑ. අප්පටසිරි ඊයේ... ලැජ්ජයි එක්ක අයියෝ. මට control වෙලා ඉන්න තිබ්බේ. දැන් කෝමද මූන බලන්නේ. අනේ ලැජ්ජයි අයියෝ...

"චෙනා ඔඉ නිදිද. නැගිටපම්"

"මොකද යකෝ උදේ පාන්දර. උබ මිනිහෙක් හොයාගෙනත් වදේනේ ගෑනියේ."

"මේ අහපම්කෝ"

"අනේ නිදාගන්න දීපම්කෝ යකෝ."

"පස්සේ නිදාගනින්. මාර වැඩේ උනේ ඊයේ."

"මොකද්ද"

"මේ අහපම්කෝ. මේ.. මේකයි.."

"තටමන්නැතිව කියපම්කෝ"

"අයියෝ මට බෑ..."

"මොකද යකෝ වෙලා තියෙන්නේ."

"නෑ බන් මේකයි ඊයේ .... රෑ.... වයින්"

"ඈ."

"ඊයේ රෑ වයින් බිව්වා"

"මොකා තේරෙන්න කියපම්"

"මන් ඊයේ රෑ..."

"ඉතිම්"

"මන් කිව්වා..."

"මන් තියනවා. මගුල කියන්නෙත් නෑ නිදාගන්න දෙන්නෙත් නෑ."

"වයින් බොන්නොනේ කිව්වා මන්"

"කව්ද........ උබ එහෙනම් හරි ඉතිම්."

"ඈ.."

ඒත් එක්කම phone එකේ msg notification එකක් ඇවිත් සද්දේ ඇහුනා call එකේ ඉද්දිම.

'ලිනා.. කෙනා... උබලා දිනුම් ඔට්ටුව. මේකි ඔට්ටුව පැරදිලා.ඒකත් හොද වංසෙන්ම. Treat එක මේකිගෙන් ඉල්ලගනින්' කියලා මාව mention කරලා grp chat එකේ.

අයියෝ හත්තිලව්වේ ඔට්ටුව. දෙයියනේ ඒ ලබ්බ මට මතක් උන්නෑ. මන්ම දාපු ඔට්ටුව මන් ඉස්සරහම මැවි මැවී පෙනුනා....

"මේ ඕඉ අපි ඔට්ටුවක් දාමු"

මන් ඇහුවේ අපි හතර දෙනා OGF එකේ Conjuring 4 බලන්න ගිහින් හවස් වෙලා ගෙදර එන වෙලාවේ.

"එපාර මොකද්ද උබේ ඔය කුපාටි ඔලුවේ තියෙන අදහස."

"මුලින්ම කියපම්කෝ උබ හාද බෑද කියලා"

"මේකිව සත පහකට ශුවර් නෑ බන්."

කෙනා බෙරිහන් දුන්නා පිටිපස්සේ ඉදන්.

Love AlarmWhere stories live. Discover now