"ඔව්ව් පැටියෝ ඕක තාත්තිගේ තමා. කොහෙන්ද දෝණිට ඕක හම්බුනේ."
"මගේ cupboard එකේ තිබිලා තාත්ති."
"ආහ් දෝණි ඕක පරිස්සමට තාත්තිගේ watch locker එකට දාන්නකෝ. මල්ලිලා දෙන්නගේ වැඩක් තමා ඉතිම්. තාත්ති ඕක හොය හොය හිටියේ."
"හා තාත්ති මන් දාන්නන්"
දෝණි ගියා එහෙම්මම කාමරේට. Sofa එකේ වාඩි වෙලා ලොක්කයි පොඩ්ඩයි එක්ක TV එක බල බල හිටපු අභි sofa එකෙන් පිටිපස්ස හැරිලා මන් දිහා බැලුවා. මන් හිටියේ sofa එක පිටිපස්සේ.
"මැනික මොකෝ මේ ඇස්වල කදුලු පුරවන්. ඇයි මේ අඩන්නේ. නහයෙන් හොටුත් එනවා"
නැගිටලා මන් ලගට එන ගමන් අභි ඇහුවා. තාමත් මගෙන් කදුලු එනවා ඇස් වලින් කතා කරගන්නවත් බැරිව මන් නහය පිහිද පිහිද නහය උඩට ඇද ඇද ආවේ.
"සනීප නැද්ද රිවී ඔයාට ඇයි අඩ.... ඈ මොනවද කටේ තියෙන්නේ."
එවෙලේ මන් කොච්චි සම්බෝල එක්ක සම්පූර්ණ තෝසේ එකක් හතරට පහට නවලා කකා ඉද්දි තමා දෝණී අභී ගේ ඔරලෝසුව උස්සන් ආවේ.
"හයියෝ රිවී ඔයානම් මන් කියලා තියෙනවා නේ මැනික සැර දේවල් කන්නෙපා කියලා. ආ මේ වතුර එක බොන්න."
කියලා කුස්සියට ගිහින් අභී කූල් වතුර එකක් උස්සන් ආවා. කොල්ලෝ දෙන්නා TV බලනවා. ආසාවට කෑවට ගිලෙන්නෙත් නෑ. බොහොම අමාරුවෙන් මන් සම්පූර්න තෝසෙම ගිල්ලා.
"අනේ දැවිල්ලයි"
"මොකටද කෑවේ."
"ආසාවක් ආවා."
"එහෙනම් මන් ඉවරයි"
"ඇයි"
"අම්මි වගේම මූලග්ගාය තියෙන කෙල්ලෙක් වෙන්නැති බඩේ ඉන්නේ. ලොකු දෝණි විතරයි පාඩුවේ ඉන්නේ. කොල්ලෝ දෙන්නත් යක්කු දෙන්නෙක් වගේ."
"අනේ මේ මගේ විතරද."
කියලා මන් බඩ අල්ල ගත්තා.
"නෑ පස් දෙනාම මගේ"
"පහක් වැඩි නැද්ද."
"නෑ"
"මට හතරක් ඇති"
"මට පහක් ඇති"
"අනේ හතරයි."
أنت تقرأ
Love Alarm
العاطفيةම්ම්ම්ම්..... අපිට ඕනතරම් ජිවිතේ වැරදිලා ඇති. තමන්ට තමන් ආදරේ නැතුව වෙන කෙනෙක්ගෙන් ඒ ආදරේ බලාපොරොත්තු වෙලා ඇති අපි හැමෝම ජීවිතේ එක පාරක් හරි... හැබැයි ඔයා ඔයාට ආදරේ කරන්න ගත්තම ඇත්තටම ඇයි ඔයාට ආදරයක් ඕන කියල තේරුන් ගත්තම ඔයා කෙනෙක් වෙනුවෙන් බලන් ඉදී...