Part 11

7 2 0
                                    

"ආ මේ දෙක දාගන්න heels දෙක අමාරුයි නේ."

ශෙහාන් දුන්නේ මීට සති දෙකකට කලින් මන් එපා කියපු shoes දෙක.

"ඒත්"

"දාගන්න. ඇයි මන් දාන්නොනේද"

"නෑ නැ එපා මට දාගන්න පුලුවන්."

මන් shoes දෙක දාගත්ත. ශෙහාන් යන අතරමගින් තෙත ඇදුම් වෙනුවට දෙන්නටම අලුත් ඇදුම් ගත්තා.

"දැන් මට කීයක් හරි දෙන්න."

"ඒ ඇයි"

"ගෑනු ලමයෙක්ට සපත්තු අරන් දුන්නට පස්සේ සල්ලි කීයක් හරි ඉල්ලගත්තම ඒ කෙල්ලට කොල්ලගෙන් පැනලා යන්න බෑලූ."

"ඈ."

"මාත් දේවල් ටිකක් දන්නවා. ඉස්සෙල්ලා දැක්කනේ. ශුවර් නැද්ද මාව. පෙන්නන්නද ඔයාට"

"නෑ නෑ එපා. ආ මෙන්න එහෙනම් දහයක්."

"ඒ උනාට ඔයාගේ car එක"

"ඔයාව ගෙදරින් drop කරලා මන් ඒක ගන්න යන්නම්. මන් security එකට කිව්වා. මන් ඇවිත් ගන්නවා කියල."

"දැන් අම්මා ඇහුවොත් මොකද්ද කියන්නේ."

"මන් ඔයාට කැමති. ඔයා මට කැමතිද"

මගේ heart එක race දුවන්න ගත්තා. මොන මගුලක් එකපාර අහනවද මන්දා. අකමැති නම් ඉස්සෙල්ලා අර වගේ දෙයක් කරයිද.

"කියන්නොනේ නෑ. මට උත්තරේ හම්බුනා. ඔයාගේ ඔය මූනෙන් සේරම පේනවා."

මූ නම් සිරාවටම අයියෝ. මූ එක්ක බෑ මට සෑහෙන්න ලැජ්ජයි.

"හරි එහෙනම් ඒ ප්‍රශ්නේ ඉවරයි."

කියලා ලස්සනFloora එක ඉස්සරහ ශෙහාන් නැවැත්තුවා. ලොකු flower bouquet එකක් අරන් ආවා. ඇවිත් පිටිපස්සේන් තිබ්බා. මට ගෙනාවනම් ඇයි පිටිපස්සේන් තිබ්බේ.

"ඕක දිහා බැලුවට වැඩක් නෑ ඔයාට නෙවේ"

"මට ඕන්නෑ"

"හා"

"ඇත්ත"

"හරි"

"ඇත්ත මන් කියන්නේ."

"හරි ඉතිම්"

"ඒකනෙවේ එදා මොකද්ද උනේ."

"කවද්ද"

Love AlarmWhere stories live. Discover now