Part 07

8 2 0
                                    

"අම්බෝ ඕයි සතියම පිස්සු වගේ බන්"

"ඔව් ඈ සිරාවටම"

"මොකෝ මේ week එකේ උබේ වැඩ"

ඔන්න පටන් ගත්තා. Weekly mother-in-law and daughter-in-law report එක සපයනවා අරකියි මායි. මාත් කියවන් යනවා. එකිත් අහන් ඉන්නවා. කාමරේ light off කරලා. ඒකිගේ අත උඩ මන් ඔලුව තියන් ඉන්නේ. මන් roof එක දිහා බලන් ඉන්නේ.

"අඩෝ උබ නිදිද."

"නෑ නෑ කියපම් අහන් ඉන්නේ."

අම්බෝ මන් දන්නැද්ද මේකිගේ අහන් ඉදිල්ල. මන් අනිත් පැත්තට හැරිලා ඒකිව බදාගන්ම හැදුවා විතරයි මේකි එකපාරටම.

"පොඩ්ඩක් ඉදපම්. උබේ ශෙහාන් අයියා මොකෝ ඉතිම්."

"මොකා මගේ ශෙහාන් අයියා."

"ඔව් ඈ කියන්න බෑ ඌද දන්නෑ උබව ඔතාගෙන ඉන්න පතාගෙන යන්න ආපු එකා."

"ඌව ඔතලා මටත් එතිලා මැරෙන්න වෙන්නේ. පිස්සුද බන් ඌ එක්ක වසන්න බෑ. ලොකුකම ඉහටත් උඩින්."

ඔන්න ඉතිම් කතාව continue කලා මන්. මේකිගේ මීක් සද්දයක් නැති නිසා මන් හැරිලා බැලුවා. අම්මට මේකි කටත් බාගෙට ඇරන් ඇසුත් බාගෙට ඇරන් බුදි. Phone එක අරන් photo එකක් ගහලා තියාගත්තා. මේකිගේ වෙඩිම දවසේ print කරන leaflet එකට දාන්න. මාත් නිදිය ගත්තා. ලබන සතියේ සිකුරාදායි සෙනසුරාදයි අපිට camp එකක්. දෝනි බර බරේ දාන්න ගත්තා. තාත්තත් පොඩ්ඩක් කියෙව්වා.

"ඇන්ටි යවන්න එදා මෙයාව බේරගත්තු ශෙහාන් අයියත් ඉන්නවනේ. මෙයා ගැන බයවෙන්නෙපා."

යකෝ මේකි. ශෙහාන් ඉන්න හින්දම තමා බයවෙන්නොනේ. ඉතිම් කෝමහරි කෝමහරි බ්‍රහස්පතින්දා දවස ආවා. අපිව instruct කලා කෝමද camp එකේ වැඩ කෙරෙන්නේ කියලා. 600 කොටස් 12කට බෙදලා දැම්මේ. 50 පනග එක එක camp site වලට. මායි නවොයි පවනුයි වෙලාවට එකම camp site එකේ. තව අපේම batch එකේ දෙන්නයි lecturersලා දෙන්නයි. Sir කෙනෙකුයි madam කෙනෙකුයි.

අපි පාන්දර 3ට යනවා මෙහෙන්. Horton plains වලට යන්නේ අපි. අපේ 50 දෙනාගේ coordinator ගමනේ විස්තර අපි කරන්නොනේ දේවල් instruct කලා. Team එකේ හැමෝටම bus එකක් කතා කරලා තිබ්බේ bus 12ක්. Horton plains වලට teams හතරක්. හතර පැති හතරකට. Bus හතර එකට යන්නේ. නවෝ එදා අපේ ගෙදර හිටියේ. රෑට බෝඩිමේ ඉදන් එන්න බෑ කියල. මායි නවොයි සේරම ලෑස්ති කරලා නිදාගත්තා 8.30 වෙද්දි. උදේන්ම කෝමහරි අම්මා කතා කලා එකේ ඉදන්. මායි අරකියි නැගිටිද්දි 1.30යි. අප්පට කෙලවෙනවා. Wash දාගෙන අරකියි මායි තඩියගේ දොරටත් ඇද බාලා ඌවත් ඇහැරවගෙන අම්මලටත් වැදලා ආවා.

Love AlarmWhere stories live. Discover now