Part 04

12 2 0
                                    

"දැන් කරාතේ වගේ මොනාහරි කලානම් හරි නේ."

"අනේ තාත්තේ ඒත් අයියෝ."

"නෑ නෑ දැන් රට ගියාම තනියෙන් ඉන්නෙපැයි. මොකක් හරි academy එකකට දාන්නම්. අම්මයි මායි බලන ගමන් ඉන්නේ."

"අයියෝ එතෝට weekend එක. මට free තියෙන්නෙත් එච්චරයි අනේ."

"හරි ලමයෝ ටික දවසක් කරන්නකෝ. හවසටනේ ඉරිදට චෙනා ඉතිම් හවසට ගෙදර යනවනේ. චෙනාට බෑ කිව්වා එන්න. එයාට එයාගේ intern එකේ වැඩ වලට ready වෙන්න තියෙනවලූ."

"අනේ මන් තනියෙන් ද එතෝට "

"තනියක් නෑනේ ලමයෝ කවුරුහරි හම්බෙයි යාලුවෙක්"

"අනේ අයියෝ මට බෑ චෙනා නැත්තන් යන්න."

අයියෝ එපාර තව මගුලක්. අනේ මන් නිදහසේ ගෙවපු ජීවිතේ නේද මේ ඉරිතලා ගන්වතුර දාලා හිල් වෙලා නායගිහින් තියෙන්නේ. මොනා කරන්නද මාසේ මුල ඉදන් යන්න වෙනවා දැන් ඉතිම්. සල්ලිත් ගෙවලා කියලා තියෙන්නේ. චෙනාට එන්නත් බෑලූ තනියෙන් මාත් ගියා ඉතිම්. අයියෝ බාගෙට බාගයක් කොල්ලෝ ඒ ලබ්බේ. කොල්ලෝ ටිකයි කෙල්ලො ටිකයි පේලියට හිටන් ඉන්නවා මන් යද්දි අම්මලා එක්ක පලවෙනි දවසේ. උස අය මිටි අය හීනි අය ලෑලි අය කොටන් අය. ඒ අස්සේ අම්බෝ ඩෑල් එකක් හිටියා මරු ඇග උසයි අඩි හයක් වගේ. රැවුල තිබ්බා. ටිකක්  skin එක මට වඩා light colored. වැඩි දෙයක් නෑ මූන මැද නහයක් තිබ්බා කකුල් දෙකයි අත් දෙකයි. අනිත් උන්නම් දෙකක් කාලා වගේ හිටියේ. සෙන්සේ ආවා නාකි සෙන්සේ කෙනෙක්. අම්මලා එක්ක මොනවද මොනවද කතා කලා office room එකේ. අරුන්ට interval. අර දිගාංචියා ඉන්නවා පැත්තකින් බිමින් වාඩි වෙලා air pod දෙකක් ගහගෙන phone එක දිහා බලාගෙන. තව කෙල්ලො දෙතුන් දෙනෙක් ඌ දිහා බලන් ඉන්නවා කිචි බිචි ගගා. ඩෑල් එක නෙවේ පම්ඩේකට ගනන් ගන්නේ.

 "අම්මටසිරි මුගේ සෑහෙන්න ලොකුකම වගේ" 

හයියෙන් කිය උනා මටත්

"ආ ඕව් එයා එහෙම තමා."

මන් ගැස්සිලා හැරිලා බැලුවේ කන ලගින් ආපූ සද්දෙට. අක්කා කෙනෙක් වගේ.

"අඩුම එයාට academy එකේ යාලුවෙක් වත් නෑ. අපි නම විතරයි දන්නේ. එයාගෙන් පරිස්සන් වෙලා ඉන්න හරි නපුරුයි."

Love AlarmWhere stories live. Discover now