දහනව වන සිහිනය 💭

207 36 27
                                    

"ප්ස්...ප්ස්...සිහින..."

සුපුරුදු විදියටම සිහිනගෙ ගෙදර වැට අද්දරට වෙලා හොරගල් අහුලන වලව්වේ පුංචි බේබිගෙ කටහඬට ලොකු වැඩක යෙදිලා උන්න සිහිනව ගැස්සිලා ගියා. ආක්ෂ දැකපු හැටියේ ඒ මූණ පුරාම ඇදුන හිනාව තරම් අව්‍යාජ දෙයක් ආක්ෂ මීට පෙර දැක නැතුවාක් මෙන් සිහින දිහාම බලන් ඉද්දි වෙනදා වගේම ආක්ෂ එනකන් කියලා මිදුලට වෙලා කෝටුවකින් මිදුල පුරාම රටා ඇදපු සිහින ආක්ෂව දැකපු හැටියේ අතේ තිබුණ කෝටුවත් විසිකරලා සද්ද නොකර කඩුල්ල ගාවට දුවලා ආවා.

"කෝ..දුවලා ගිහින් ඇදුමක් අරන් එන්න"

තමන්ට වඩා ගොඩක් උසට ඉන්න ආක්ෂ දිහා හිස ඔසවලා බලන් ඉදපු සිහින පුරුදු විදියටම ඒ අතේ එල්ලුනා.

"අපි කෝද යන්නෙ?"

"නාන්න යන්න"

"නාන්න?"

"ඔව් ඔව්.. ගිහින් අරන් එන්නකො."

කියපු සැනින් දුවන්න ලේස්ති උන සිහිනගෙ අතින් අල්ලගෙන ආයෙ නවත්ත ගත්ත ආක්ෂ මතක් කරේ පෙරේදා ඔහොම දුවන්න ගිහිල්ලා වැටිලා, කකුල හූරගත්තා නේද කියලා. තවමත් ඒ කිරිපාට කකුලේ දණහිස මත සීරුණු කැලල ඉතිරි වෙලා තිබුණා. ඉතින් ආයෙම වතාවක් ඒ දේ නොවෙන්න වග බලාගන්නත් ආක්ෂ අමතක කරේ නෑ. ඒ කොහොම උනත් මේ පුංචි දගකාරයටනම් හෙමින් ගමනක් තිබුණෙම නෑ.

"හෙමිහිට ගිහින් එන්න"

ආක්ෂගෙ වචනෙට කීකරු වෙලා හිමින් සැරේ උනත් ගෙට දුවගෙන ආපු සිහින මල්ලිකාටත් හොරා ඇදුම් කබඩ් එකෙන් ගත්ත පුංචි කොට කලිසමයි ටීෂර්ට් එකයි ගුලි කරගෙන යන්න හැරෙද්දිම මේ රාජකාරිය මෙතෙක් වෙලා බලාගෙන ලග හිටපු මල්ලිකාගෙ අතටම අහු උනා.

"පුංචි මහත්තයා මේ කොහෙ යන්නද?"

"අ...අම්මේ....නා..නාන්න"

කටත් උල් කරගෙන බිම බලාගත්ත සිහින ඇදුමත් අත් අතරට ගුලි කරගන්න ගමන් නිසොල්මනෙ බලන් උන්නෙ තමන්ගේ අම්මා යන්න එපා කියයි කියලා බයෙන්.

"කෝ පොඩි බේබි ආවද?"

"ඕ..ඕ.."

මෙච්චර වෙලා බිමට නැවිලා තිබුණ ඒ මූණ, හීයක වේගෙන් ඉහළට එසවෙද්දි පුංචි කොල්ලා දැනන් උන්නා දැන්නම් තමන්ගෙ අම්මා යන්න නොදී ඉන්නෙ නෑ කියලා. වචනෙන් දෙකෙන් කලබලෙන් උත්තර දුන්න සිහින එළියට දුවන් ආවත් දොරෙන් එළියට බැහැපු හැටියේ ගමන බාල උනේ ආක්ෂගෙ පුංචි පුංචි තරවටු කිරීම් මතක් වෙලා.

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα