මන් හිටියේ මිදුලට වෙලා උදේ පාන්දර අම්මා හදලා දීපු තේක බොන ගමන්. ස්පෝර්ට්මීට් ඉවර වෙලා සති දෙකකුත් ගෙවිලා තිබුණා. දවස් හරි ඉක්මනට ගෙවිලා යනවා. අදත් සෙනසුරාදා දවසක්. වීකෙන්ඩ් කියලා නෑ හවස් වරුවම පන්ති. ඉරිදා දවසෙත් උදේම ඉදලම පන්ති වැටිලා තිබුණේ..
"පුතා!! මොකද ඔය පාන්දර පින්නෙ එළියට වෙලා කරන්නෙ.?"
"නිකන් අම්මේ!!"
"ලෙඩ වෙන්නද ඕන?"
"හරි හරි.... ඉක්මන්ට එන්නම්"
ඇහැළ ගහ යටට වෙලා මල් පිපිලත් නැති ඇහැළ ගහ දිහා බලන් මන් අනිමිසලෝචය කරන ගමන් හිටියේ. කොහෙද අපෙ අම්මා දැහැන බිදලා දැම්මානේ.
ඇත්තටම කිව්වොත් ඉතින් මන් කල්පනා කරේ සිහින ගැන. අපි ස්කෝලෙදි වගේම ස්කූල් ඇරිලා එද්දිත් එකටම ආවා. ඇත්තටම මන් පහුගිය ටිකේම කල්පනා කරේ මට සිහින ගැන තියෙන්නෙ මොන වගේ හැගීමක්ද කියලා. සිහින ලගදි මගෙ හැසිරීම් හරි අමුතුයි. එයාව දකිනකොට මගෙ හිත ගැස්සෙන විදිය ඒක මට ලොකු අපහසුවක් උනා. විශාකයා නම් කියන්නෙ මට ලව් සික් එකලු.
"ඒත් මට ඒක පිළිගන්න බෑ තාම.."
" මොකක්ද අයියේ පිළිගන්න බැරි ??"
මන් ගැස්සිලා ගියේ සිතූගෙ කටහඬට. මන් හිතන්නෙ ඒකි මගෙ පිටිපස්සෙ. මට දැන් මැවිලා පේනවා ඒකිගේ මූඩ් එක. ඇහි බැමකුත් උඩට කරගෙන ඒකිගේ විකාර බැල්මත් දාගෙන ෂර්ලොක්ගෙ අවතාරෙ වැහිලා වගේ ඇති මේ යක්සනී. මන් එහෙමම සිතූගෙ පැත්තට හැරුණේ කියන්න බොරු දාහක් මතක් කර කර.
"තවුසෙ කොයි වෙලේද ආවේ?"
"දැන්...ප්‍රශ්නෙන් පැනලා යන්නෙපා අයියේ!!"
"කවුද මොකෙන්ද පැනලා ගියේ?"
"ඇත්ත කියනවා, තවුසෙට කෙල්ලෙක් ඉන්නවා නේද?"
"නැහැ බං. පිස්සුද උඹට"
"එහෙනම් කොල්ලෙක්ද ඉන්නෙ??"
"ඊව්ව්..මොකක්ද ඒ කරේ අයියේ!!"
කටට ගත්ත තේ උගුරත් කෙලින්ම විසි උනේ සිතූගෙ ඇගට. ඇයි ඉතින් අහන ප්‍රශ්න වල හැටියට එහෙම නොවුණොත් තමා පුදුමෙ. දුවන්න ගියපු සිතූව ආයෙ නවත්තගත්තේ මට ඇහුණ දේ වැරදිලා ඇහුණ එකක්ද නැද්ද කියලා දැනගන්න.
YOU ARE READING
සංසාර සිහින | TK | Nonfiction | Ongoing
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳග...