විසි නව වන සිහිනය 💭

182 31 30
                                    

"අර තීනු දරුවා හරි හොඳයි නේද පුතේ?"

අවුරුදු ගාණක් පාවිච්චි කරලා අහුමුලු කැඩිලා ගියපු බේසම් කෑල්ලක් ඉණේ ගහගෙන පිළිකන්නෙන් මිදුලට ආපු මල්ලිකා මිදුල අයිනේ රෙදි වැල ගාව නැවතුනේ එහෙම කියාගෙනමයි... තවමත් පාඩම් පොත දිගෑරගෙන සිහින පොතටම මූණ ඔබාගෙන හිටියා...බිමට නැමිලා රෙදි බේසමෙන් ඇදුමක් ගන්න බේසමට අත දැම්ම මල්ලිකා අඹ ගහ යට බංකුවේ වාඩි වෙලා බැරෑරුම් පෙනුමක් හදාගෙන තමන් කියන දෙයක් හෝ උවමනාවෙන් අහන බවක් නොපෙනුන සිහින දිහා බැලුවා.

"මැණික මන් කියනෙකක් ඇහෙනවද උඹට...?"

අඹ ගහ යට බැදලා තිබුණ දිරාගිය ඔංචිල්ලාව වරක් පියතිලක ගලවලා අයින් කරලා දැම්මේ තවදුරටත් එය පදින්න පුළුවන් තත්වෙක නොතිබුණ නිසා වෙද්දි ඒ වෙනුවට ඔහු හීන් පොල් කඳන් දෙකක් මතට ලෑල්ලක් ගහලා බංකු කෑල්ලක් හැදුවෙත් සිහිනගෙම බලකිරිල්ලට වෙද්දි සිහිනගෙ දවසෙන් වැඩි කාලයක් ඔය බංකුව උඩ ගෙවුණා.

"ම්ම්ම්.."

සිහින බංකුව මත වාඩි වෙලා නළල් තලය රැළි කරගෙන නොතේරෙන පාඩම් කොටසක් ඔලුවට දාගන්න උත්සාහයක හිටියා...ඒ නිසාම සිහිනට මල්ලිකා කියූ දෙය යන්තම් ඇසුණත් ඔහු එතරම් ගණනකට නොගත්තා. පොතටම මූණ රදවගෙන යන්තම් මිමිණිල්ලක් විතරක් දුන්න සිහින දිහා බලලා බිම තියාපු බේසමෙන් ගත්ත ඇදුම් කෑල්ල ඒ මේ අතට අඹරමින් වතුර මිරිකාපු මල්ලිකා එය දෙතුන් පාර ගසා දමලා වැලට දැම්මා...

"මට දැන් ඩිංගිත්තක් බයක් නැතුව ඉදතැහැකි. ඒ දරුවාවත් උඹ එක්ක ඉන්නවනෙ කියලා"

බේසමෙන් තවත් ඇදුම් කෑල්ලක් අතට ගන්න ගමන් එහෙම කියාපු මල්ලිකා රෙදි කෑල්ල මිරිකලා වැලට දාලා සිහින ලගට ලං කෙරුවා...පොතක පතක අකුරක් නොතේරුණත් මොකද සිහින පිටු හරව හරව බලන පොතට එබුණ මල්ලිකා ඇස් දෙකත් උණ්ඩි කරගෙන පොතේ තිබුණ දේවල් දිහා මොහොතක් බලාගෙන හිටියා...

"උඹට ඕවා තේරෙනවද මයෙ කොල්ලො..!"

"ටිකක් තේරෙනවා අම්මේ..."

"උඹ බය වෙන්නෙපා...පුළුවන් විදියට කරගනින්කො මැණිකෙ...අර තීනු පුතාගෙනුත් දන්න දෙයක් අහගනින් පුතේ..."

සංසාර සිහින | TK | Nonfiction | Ongoing Where stories live. Discover now