ඇහිපිය ගහන පමාවට සතිඅන්තෙත් ගෙවිලා යද්දි ආක්ෂගෙ හිතට වද දුන්න ඒ හීනෙ මතකත් ටිකෙන් ටික මතකෙන් ගිලිහෙද්දී, ඒ මතක හිත අස්සෙ තාමත් නොදන්න තැනක තැන්පත් වෙලා තියෙනවා ද නැද්ද කියන්න දැනගෙන හිටියේ ආක්ෂගෙ හිතම තමයි.
────────────────────────────────
"මනුෂ්‍යයෙක් වෙන්න තරම් බොහෝමයක් පින් කරල කර්ම ශක්තියකින් ඉපදුන අයෙක්ට මනුෂ්‍ය ජීවිතයේ සම්පූර්ණ ආයුෂ ගත කරන්න බැරුව වෙනත් බලවත් කර්මයකින්, (හදිසි අනතුරු වලින් වගේ) මැරුණ අයෙක් නම් කර්ම ශක්තිය ප්‍රබල නිසාම නැවතත් මනුස්ස ආත්මයක්ම ලබනවා... බොහෝමයක් වෙලාවට පුනරුප්පත්තිය කියන අයගේ ජීවිත, එහෙම හදිසි අනතුරුවලින් මැරුණ අය. ඉතිං කෝටියකින් සිය දෙනෙකුට වගේ වෙන ඉතාම දුර්ලභ දෙයක් තමයි ඒ. එහෙම ආත්මයක් ගානේ අපි පතාගෙන ආව අය ආදරේ කරන අය වේවා, වෛරක්කාරයෝ වේවා, නැතිනම් ණය කාරයෝ වගේ නොයේකුත් විධිවලින් සංසාරයේ හඹා ගෙන එනවා......."
ආක්ෂ Pov.
යන්තම් සාලෙ දිහාවෙන් ඇහෙන බණ පදේටත් කන්දීගෙනම මං ඇඳෙන් බැස්සේ හය වෙද්දි වත් බස් එක අල්ලගන්න බැරි උනොත් වෙලාවට ඉස්කෝලෙට යනවා බොරු නිසා.
ඇඳේ කොනක තිබුන ෆෝන් එක අතට ගත්ත මං, මගේ අපාය සහායකට මැසේජ් එකක් දාලා එහෙමම බාත්රූම් එක අස්සට රිංග ගත්තෙ තාමත් අර බණ දේශනාව සද්දෙන් ඇහෙද්දි. ඔන්න දැන් ඉතිං මගේ හිත වැඩ පටන් ගන්න වෙලාව. ඇත්තටම හාමුදුරුවෝ කියන විදියට පුනරුත්පත්ති වෙනවා ඇත්ද කියන කල්පනාව දිගටම ගලාගෙන යද්දී කාමරේ තිබ්බ ෆෝන් එක මහ සද්දෙන් රින්ස් යන්න ගත්තෙ මායි මගෙ හිතයි එක්ක තිබ්බ විවාද තරගෙත් අතරමග කඩාකප්පල් කරලා. කඩාගෙන බිඳගෙන නාන කාමරෙන් එළියට පැන්න මම ෆෝන් එක අතට ගද්දිම කෝල් එක කට් වුණා කියහන්කො.
: යකඩෝ හයට කාලයි නේද
කියලා සද්දෙන්ම මගේ කටින් පිට වෙද්දි, "ඒක තමයි මූ කෝල් ගන්න ඇත්තෙ" හිතන ගමන් එහෙමම ඌට කෝල් එකක් ගහල ෆෝන් එක කන ලගට ගන්නවත් වෙලාව නොදී ආන්සර් වුන කෝල් එකේ එහා පැත්තෙන් ඇහුනේ,
YOU ARE READING
සංසාර සිහින | TK | Nonfiction | Ongoing
Non-Fiction| දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳග...