ඊයේ ඇදට වැටිච්ච විදිහටම නින්ද ගිහින් හිටපු මම ඇහැරුනේ කුස්සියෙ අම්ම උයන සද්දෙත් එක්ක.ටික වෙලාවක් ඇදේ එහෙට්ට මෙහෙට්ට පෙරලුන මම මූන කට සෝදගෙන පහලට යනකොට අම්ම හාල් හෝදල ගැස් එක ගහනවා.මාව දැක්කහම හිනා වුනාහම මමත් අම්මව පිටිපස්සෙන් බදාගෙන එයගෙ කම්මුල එබෙන්නම හාද්දක් දුන්නා.ඊට පස්සේ වතුරක් එකක් ඇරන් කේතලේ තිබ්බ.අපේ ගෙදර අම්මයි මායි විතරක් ඉන්න නිසා අපි දෙන්නටම හොදට උයන්න පුලුවන්.අපෙ අම්මගෙ උපන්ගම වැලිගම.දකුනේ කෙල්ලක්.ඒ හින්දා ආයෙ කතා දෙකක් නැ හොදටම උයන්න පුලුවන්න.මාත් 8,9 පන්තිවල ඉද්දි උයන්න ඉගෙනගත්තා.
මහ ලොකුවට නෙමෙයි මුලින් ඉතින් ලූනු ගෙඩියක් සුද්ද කරලා,පොල් ටිකක් ගාල තමයි වැඩ පටන් ගත්තේ.ඒත් උයන්න පුරුදු වෙන්නම ඕනෙ කියල හිතුනේ අම්මට ඩෙංගු උණ හැදුන වෙලේ.අම්ම අසනීප වෙලා ඉද්දි මගේ අතේ පයේ හයිය තිබ්බත් අම්මට කන්න බත් කටක්වත් දෙන්න මට උයාගන්න බැ.අම්මට මාසයක්ම හොස්පිටල් ඉන්න උනා.ඒ කාලෙ මම 7 පන්තියේ හිටියේ.ජීවිතේ අසරණකම අන්තෙටම දැනුනේ ඒ කාලේ.අම්මට ඩෙංගු හැදිලා අමාරුවෙලා මාසෙකට කිට්ටු වෙන්න කාලයක් ඉස්පිරිතාලේ නැවතිලා හිටියා.
අපිට නැයෝ කියල කිසි කෙනෙක් නැ.ඒ කාලේ චිරායුගේ අම්මා අපෙ අම්මා ගැන බැලුවා.මට තනියම ඉන්න බැරි නිසා නැවතිලා හිටියේ එහේ.මම ඒ මාසෙ කැවෙ බීවෙත් සිහියකින් නෙමෙයි.මම චිරායුගෙ ගෙදර හිටිය නිසා කන්න තුන් වේලෙම හොදට ලැබුනා.ඒත් අම්මට ලැබුනේ ඉස්පිරිතාලෙ කැමනේ.ඒව ගෙදර තරම් රසක් නැනේ කියල මතක් වෙද්දි මට කැම හිරවුනා.ලාලනී ආන්ටි හොස්පිටල් යන ටයිම් එකට නම් අම්මට කැම එකක් ගිහින් දෙනවා.මට අම්ම ලග වතින්න බැරිවුනත් මම හැමදාම ඉස්කෝලෙ ඇරිලා අම්ම බලන්න යනකොට අම්ම මං දිහා බලන් හිටපු අදටත් මතකයි.අම්ම පස්සෙ කාලෙක කිව්වා ජීවිතේ අන්තෙටම එපා වෙලා මැරෙන්න දහස් වතාවක් හිතුනත් එදා ජීවිතේ පලවෙනි පාරට අම්ම දෙවියන්ගෙන් ඉල්ලුවලු අම්මට ජීවත් දෙන්න කියලා.අම්මට බය හිතුනලු කාත් කවුරුත් නැතුව මං මේ ලෝකේ තනිවෙයි කියලා.මම මේ ලෝකේ මගෙ දෙපයින් නැගිට්ට මොහොතකට පස්සෙ අම්මට ඇහිපියවුනත් කමක් නැ කියල අම්ම හැමතිස්සෙම කිව්වත් අදටත් මම බයයි ඒ අවිනිශ්චිත හැගීමට.මම දන්නවා අපි මේ ලෝකෙට ඉපදෙන්නෙ මරණය අතේ ගුලි කරන්.ඒත් හැගීම් වලින් බැදිච්ච තැන මරනය කියන්නෙ බය උපද්දන හැගීමක්.ඒත් මම කොහොමහරි මගේ අම්ම මැරෙන මොහොත වෙනකන් සතුටින් තියෙනවා.මම දන්නවා ඒ ලැම අඩපු වාර අනන්තයි ඒ මූනෙ ඇදිච්ච හිනා පාරවල්වලට වඩා.
YOU ARE READING
නසරාණියා
Non-Fiction"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." #1 In Boylove #3 in friendships #1 in stress #42 in Care Start-2023/11/24