23

2.9K 367 574
                                    


"නෙලීශයට හෝ ගාල බඩ යනවනේ බන්."

"මොකක්?"

"මොක නෙමෙයි බන්.සිරා සීන් එකක්. අරූ දැන් විනාඩි 20 ක විතර ඉදන් වොශෲම් එක ඇතුලේ.දෙපාරක් විතර එලියට ආවා.හැබැයි බන් ආව වේගෙට වඩා වේගෙකින් ආයේ ඇතුලට රින්ගුවා.මොකද බන් දැන් කරන්නේ?"

"ශිට්,මේ මොන මගුලක්ද බන් වුනේ?පොඩ්ඩක් ඉදහන්කෝ ඉස්සෙල්ලා යමන්කෝ බන් ඌව බලන්න."

මම එහෙම්මම අරූටත් කතාකරන් ශේප් එකේ දොරත් අඩවල් කරන් ආවා.අරූ හිටියේ ආට් එක පැත්තේ වොශෘම් එකේ.ඔඩිට් එකට කිට්ටුම මේ වොශෲම් එක.මොකද ආට් එක තියෙන්නේ ඔඩිට් එක එහා පැත්තේ.මමයි වර්ශයයි බුදුමැදුර ගාවින් එනකොට දොඩම් බිබික්කමා අපේ පන්තියේ එවුන් දෙන්නෙක් ඇදගෙන එනවා.ඕක ඔය උදේ ආපු වෙලේ ඉදන් නාට්ටියට ඉන්න එවුන්ට බැන බැන උන්ව ඇදන් ගිහින් ක්ලාස් එකෙන් තියල එනවා.ඇයි ඉතින් එක තැන ඉන්නේ නැනේ.වට රෝන්දෙනේ.අනික තව පැය දෙකකින් ඩේ එක පටන් ගන්නවා.ලන්ච් බ්‍රේක් එකෙන් පස්සේ තමා අපේ ඩ්‍රාම එක තියෙන්නේ.තව පැය දෙකක් දෙක හමාරක් තමා තියෙන්නේ.කොහොමත් ඩේ එක පටන් ගන්නකොට කට්ටියම ඇද පැලදගෙන ඉන්න ඕනේ.

මේකප් වැඩ නම් කොහොමත් චිරායුවයි රශ්වානයයි කරන්නේ.උන් ඩ්‍රාම ක්ලබ් එකේ එවුන්නේ.උන්ට ඔය මේකප් වැඩ හොදට පුලුවන්.කැන්ටිමේ හිටපු මාවයි චිරායුවයි දොඩම් බිබික්කමා උස්සන් ගිහින් ක්ලාස් එකේ ඇතුල් කාමරේ දාල ගියේ දෙයියනේ කියල ඇදගනින් කියලා.කෙල්ලන්ටනේ අදින්නේ.ටිකත් වෙලත් යනවනේ.ඒ මදිවට මේකප් ගැන කිව්වොත් ඒවටත් සැලකිය යුතු වෙලාවක් යනවනේ.කොහොමත් අපි දෙන්න කාමරෙන් දාල එනකොට කාන්තා පාර්ශවේටම අදින රොත්ත බුරුත්ත හොයන් එන්න කියලා දොඩම් බිබික්කමා ගියා.ඉස්සර වගේ නෙමෙයි දැන් පවුල් වල උනත් කාන්තා පාර්ශවේ වැඩියිනේ.

එහෙව් දාල ගිය දෙන්නගෙන් චිරායුවා මටත් කොකා පෙන්නල මාරුවුනා.ශුවර් එකටම ඌ ගියේ උගේ මිනිහා හම්බවෙන්න.මුන් දෙන්න නම් කසාද බැදපු ජෝඩුවක් වගේ.වෙලිලමයි ඉන්නේ.නෙලීශයා කෙසේ වෙතත් චිරායුවා කොහොමත් කාටහරි හේත්තුවක් දාන් ඉන්න එකානේ.ඌට කොහොමත් ස්වාධීන ව ඉන්න අමාරුයි.දෙන්න කොයි තරම් වෙලිලද ඉන්නෙ කියනවනම් චිරායු ලගින් එන්නේ ඌ ගාන Johnson Baby සබන් එකේ සුවද නෙමෙයි.නෙලීශයගේ පර්ෆියුම් එකේ fresh citrus scent එක.උන් දෙන්න එකටම තමා ඉන්නේ.ගොඩක් අයට එච්චර ගානක් නැ.කොහොමත් උන් දෙන්නා හොදම යාලුවොනේ.උන් ලගින් නැයෝ වෙනවත් කියල ගොඩක් අය දන්නව.ඉතින් බොක්කේ ෆිට් එකට වෙලිල ඉන්නවා කියල හිතන් ඉන්නවා.අපි නේ ෆුල් කෝස් එකම දන්නේ.

නසරාණියාWhere stories live. Discover now