21

2.8K 375 284
                                    

අර කන්නාඩි ගෝතයා මාව ගෙනත් බස්සලා ගියාට පස්සේ මම උගේ අත්තා මුත්තා නත්තා පනත්තා කිත්තා කිරි කැ මුත්තා කියන සබ්බ සකල පරම්පරාවටම අම්බානෙට වරුවක් විතර බාතෲම් එකේ දෙහි කප කප හිටියේ.කොච්චර වෙලා ද කියනව නම් ගෙදර ආපු ගමන් නාන්න බාතෲම් එකට රින්ගගත්ත මම අම්මා ගෙදර ඇවිල්ලා දොරට තට්ටු කරනකම්ම ඒක අස්සේ ඉදන් ඌට බැන බැන හිටියේ.සබනුත් ගාල නෙමෙයි හිටියේ.අන්තිමට නාල කරල ඒකෙන් එලියට ආවේ ඇතුලට ගිහින් පැය දෙකකට විතර පස්සේ.අම්මපා මට මේ පාර හෙම්බිරිස්සාවක් හරි පීනසක් හරි හැදුනොත් මම ගිහින් ඕකටත් බෝ කරල මරාගෙන මැරෙනවා යකෝ.

මට ඕක එක්ක පුදුම තරහක් එන්නේ අප්පා.මූ අර හවස නාට්ටියේ සීන් එකේදි පෙම් කෙලින්න ඇවිත් වටේ හිටපු එවුන් මොනාද හිතුවේ දන්නෙත් නැ.අනික මූ මගේ වටේ ඇලිලා ඉන්න හැටි බලන්නකෝ.පෙර ණයක්වත් තියෙනවද දන්නේ නැ මම මූට ගෙවල ඉවර නොකරපු. ඇයි යකෝ මූ මගේ පස්සෙන් ඇවිත් වද දෙන්නේ.මේ ආත්මෙවත් මොකෙක්ටවත් ණය වෙන්න හොද නැ.විශේශෙන්ම මේ සිප්පි හිකනැල් පැටවුන්ට.ඒත් මේක අර හැමදාම ඇරන් දෙන කැම එක බ්‍රෝ.අඩෝ නෝ එකට මම සැහෙන බර ගානක් ගෙවන්න එපැයි.එක්කෝ ඕනෙත් නැ.මොකද මන් අඩල ඉල්ලල ගන්නවැයි.ඌ මනේ ගෙනත් දෙන්නේ.වැඩේ කියන්නේ මූ ඔක්කොම ගාන එකතු කරල අවුරුද්දේ අන්තිමට අපේ අම්මට බිලක් දෙයිද දන්නෙත් නැ.එහෙව් මිනිහා ඕක.

සිප්පි හිකනල් සිහිනෙන් මම බැස්සා.බැස්සා නෙමෙයි බැස්ස වුනා යකෝ.අරූ ගැන හිත හිතම මට නින්ද ගිහින් තියෙද්දි කන උඩම හයියෙන් ඇහුනු රින්ගින් ටෝන් එකත් එක්ක මම තව පොඩ්ඩෙන් විසිවෙච්ච පාරට ඇද රෙද්දේ පැටලිලා තා පොඩ්ඩෙන් බිම වැටිලා හොම්බත් ඇනෙනෙවා යකෝ.මම එහෙම්මම අත පත ගාල ඉවරයක් නැතුව රින්ග් වෙන පෝන් එක හොයල ස්ක්‍රීන් එක බැලුවේ මේ මහ රැ නැගිටන් බ්ලූ ෆිල්ම් බලන එකා මොකාද කියලා.නැ ඉතින් මේ වෙලාවට පාඩම් කරන එකෙක් මගේ කන්ටැක්ට් ලිස්ට් එකෙ නැනේ.

ඉන්නවනම් ඒ වර්ශයා.ඌට නම් ඉතින් පෝන් එකක් තිබ්බත් වැඩක් නැ.එක්කෝ ඒක අර පොඩි කාලේ හොටු ලේන්සුව සර්ට් එකේ ගහනවා වගේ මුගේ පෝන් එකටත් ලණුවක් දාල බෙල්ල වටේ දාන්න ඕනේ.ඌ ඒ මගුල තැන් තැන් වල දාලනේ ඉන්නේ.එක පාරක් ඕක,ඕක වොශින් මැශින් එකෙන් හෝදන රෙදි ගොඩේ කලිසමක දාල.හොද වෙලාවට වර්ශයගේ අම්මා ඒක හෝදන්න දාන්න කලින් කලිසම බලල තියෙන්නෙ.නැත්තන් පෝන් හොදට හෝදල ගන්න තිබ්බා.තව දවසක් මූ වෙන මගුලක් විසි කරනවා කියලා සිහියකින් පෝන් එක උගේ ඩස්බින් එකට දාල  ඒ කුනු මල්ලත් එක්ක ගෙදර කුනු නගර සභාවෙන් ඇරන් යන්න හදල තියලා.මුගේ ෆෝන් එක නැ කියල ගෙදර අය බලල කෝල් එකක් දෙනකොට ගේ ඉස්සරහ කුනු එකෙන්ලු සද්දේ එන්නේ.එදා නම් අරූ තාත්තගෙන් ගුටි නොකා බේරිල තියෙන්නේ.

නසරාණියාWhere stories live. Discover now