"චූටි මහත්තයා ලැස්ති වෙලා ඉවරයිද දරුවෝ?ඔක්කොම දාගත්ත නේද?"
"ඔව්"
"ඇඩ්මිශන් එකයි අයිඩී එකයි දාගත්තා නේද?"
"හ්ම්ම්."
"පැන් පැන්සල් ඔක්කොමත් දාගත්තනේ?1 ටනේද පටන් ගන්නේ?"
"හ්ම්ම්,අම්මා...."
"අකේන් පුතාගේ වාහනේ ඇවිත් වෙන්න .කෝ ඔය බැග් එක දෙන්නකෝ.මයේ අම්ම දකුනු කකුල තියලා එන්න."
අම්මා ආදරේ වැස්සෙන අහිංසක ඇස් වලින් මට කතාකරද්දි මම ගේ දොරකඩින් දකුනු කකුල තියලා එන්න ආව වෙද්දි අම්මා එලියේ මේසෙ උඩ පීරිසියකින් වහලා තිබ්බ වතුර ජෝග්ගුව මගේ කට ගාවට ගෙනාව.
"මල් දිහා බලන් භාවනා කරනවද ලමයෝ?ඕක බොන්න දරුවෝ."
"අම්මේ?මේ කලු කූඹියෙක් අනේ.පොඩ්ඩක් ඉන්න...........තව එකෙක්ද මන්දා..."
මල් වල නැති කලු කූඹි හොයද්දි අම්මාගේ හතරැස් වෙච්ච මූන දිහා බලන් ඉදපු මම කූඹි බඩ ඇතුලේ ගෙවල් හැදුවත් කමක් නැ කියලා ඒක බීගෙන ගිහින් අම්මගේ කම්මුලකින් හාද්දක් තිබ්බා.අම්මගේ අතින් බැග් එක ගත්ත මම ඒක එක කරකට දාගෙන අම්ම ගාව දනගහලා වැන්ද.එයාගේ අතක් මගේ ඔලුව ලාවට අත ගාද්දි මගෙ ඇස් රැලි වුනේ ඒ ඇස් ලා කදුලු පටලයකින් වැහිලා තියෙනව දකිද්දි.ඒත් මම මුකුත්ම කියන්න ගියේ නැ.මගේ මූනම ඒ අත් අස්සට ගත්ත අම්මා මගේ නලලින් හාද්දක් තියලා මගේ ඔලුව අතගලා බ්ලවුස් කරින් කදුලු පිහගත්තා.
"මයේ අම්මාට දලාදා හාමුදුරුවන්ගේ පිහිටෙන්ම හරියන්න ඕන.හොදට ලියල්ලා එන්න මගේ පුතේ."
"ම්ම්,යනවා."
මම එහෙම කියා ගෙනම බැග් එකත් ඇරන් එන්න ආවේ ගේට් එක ගාව නවත්තල් තිබ්බ අවුඩිය දිහා බලාගෙන.කාලය ගෙවිච්ච වේගයක්.සර්‍ව මට මුන ගැහිලා දැන් අවුරුද්දකටත් වඩා වැඩියි.අවුරුදු දෙකක මහන්සියක් ,ඔලුව පුරවගත්ත දැනුම් සම්භාරයක් අද ඉතින් කොලවලට අකුරු කරන්න යනවා.හ්ම්ම්.අන්තිමට ඒ ලෙවල් එක්සැම් එකටම ආවා.
ප්‍රිෆෙක්ට් ඩේ එකෙන් පස්සේ එක්සැම් එකට මාස දෙකමාරක් වගේ ඉතුරු වෙලා තිබ්බේ.ප්‍රිෆෙක්ට් ශිප් එකත් ඉවර වුනු නිසා මම මගේ මුලුම අවදානේ එක්සැම් එකට දෙන්න තීරනේ කලේ කොහොමත් අන්තිම කාලේ කරන දේවල් වලින් ලොකු දෙයක් කරගන්න පුලුවන් කියලා දැන හිටිය නිසාමයි.
YOU ARE READING
නසරාණියා
Non-Fiction"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට ඒ දිලිසෙන ඇස්වලින් මට පේනවා සර් මට කොච්චර ආදරෙයිද කියලා." #1 In Boylove #3 in friendships #1 in stress #42 in Care Start-2023/11/24