9

54 15 0
                                    


ම්... මන් මෙතන වෙන දේ කිව්වොත් අම්... ජින් හ්‍යුන්ග් මන් ගාව ඉන්නවා . විමින් ඩබලත් මගේ ලග ඉන්නවා . එයාලගේ අම්මලා ඉස්සරහින් ඉන්නවා . අපි සේරම ඉස්සරහා ප්‍රින්සිපල් ඉන්නවා .ම්.. මන් සද්ද නොකර ඉන්න එක අඇගට හොදයි

" බලන්න mrs සහ mr  මේ ලමයි කරලා තියෙන වැඩේ . මට හිතාගන්න බෑ ජන්කූක් මේවට උදව් උනා කිව්වම "

"සර් එයා ආවේ න්-"  ටේහ්‍යුන්ග් කියන්න උත්සහ කරා

" අනිහ් . ඔය ලමයා කටවහගෙන ඉන්න . කරපු වැඩ මදිවටද "

" මොනාද සර් මෙයාලා කරලා තියෙන්නේ " ජින් හ්‍යුන්ග් කිව්වේ  මූන දිහා බලලා  මගේ උරහිස් වලින් අත් දෙකත් තියාගෙන

" අපේ ප්‍රොෆෙසර් කෙනෙක්ව පොඩි කරපු බ්ලූබෙරි වලින් නාවලා  . ඒකට සමාව දෙන්න තිබ්බා තැන් එයා හොස්පිටල් එකේ නොවුන නම් ! එයාට ඒවා අඇලජි සහ එයා හරි වයසයි මිස්ටර් . මේ ලමයින්ගේ වැඩ නිසා මොනා හරි උනා නම් එහෙම ! "

ප්‍රින්සිපල් එහෙම කියනකොට ජින් හ්‍යුන්ග් නම් ඔලුව වැනුවා . ඒ උනාට ජිමින් ගේ ඔම්මා නම් තේරුම් ගත්තේ නෑ වගේ . මොකද ප්‍රින්සිපල් ඔෆිස් එකින් එලියට යද්දි එයා කිව්වේ "

ජිමිනා ඔයාගේ වැඩ නම් අඇති වෙලා . තව දවස් තුනකින් US යන්න ලෑස්ති වෙන්න කියලා "

උන වැඩේ නිසා ජින් හ්‍යුන්ග් මාත් එක්ක කතා කරේ නෑ වැඩිය .

" අනේ හ්‍යුන්ග් . මියනේ . මන් මන් අඇත්තෙන්ම ඒකට සම්බන්ද නෑ " මන් කිවවා . අඇත්තටම මන් සම්බන්ද නෑ නේ

ඒත් ජින් හ්‍යුන්ග් ලොකු හුස්මක් පහල දැම්මා

"සමහර නීති කැඩුවට කමක් නෑ පොඩ්ඩෝ . මොකද එක නීතියක් වත් කැඩුවේ නැත්තම් කොහෙන්ද ෆන් එකක් . එහෙමනේ . දවසක ඔය නසරානි මතක ටික තමයි 'ලස්සන ' මතක විදිහට රාමු වෙන්නේ

ඒත් මතක තියාගන්න පොඩ්ඩෝ ඔයා ඔයාගේ ඒ නිදහස ලබාගන්න ඕනේ ඔයාටවත්  වෙන කෙනෙක්ටවත්  කරදරයක් නොවෙන විදිහට  . ආයේ හොයලා බලන්නේ නැතුව වැඩ කරන්න එපා පොඩ්ඩෝ . කරත් එකයි කරන තැනක හිටියත් එකයිනේ
"

ජින් හ්‍යුන්ග් එහෙම කියලා මගේ ඔලුව අතගෑවා . අඇත්තටම මට එයා ගැන ආවේ ගවුරවයක් . ඊටත් වඩා සතුටක්.

ඒ අස්සේ තමා ජිමින් දුවන් අඇවිත් මගේ අතෙන් අල්ලගත්තේ ..

" කුකී . හෙට ඔයා අනිවාර්‍යෙන් එන්න ටේ එක්ක ## හොටෙල් එකේ  පාටි එකක් තියෙනවා මට යන්න වෙන නිසා . ස්කූල් එකෙන් කීප දෙනයි එන්නේ . ඔයයි , ටේයි , බෝගමුයි ඉතුරු අය ඔම්මගෙයි අප්පගෙයි පවුලේ  . ඔන්න එන්නම ඕනේ "

ජිමින් එහෙම කියාගෙන යන්න ගියා . ජින් හ්‍යුන්ග් පවා මගේ මූන බැලුවා

" මන් දන්නවා හ්‍යුන්ග් . එයාව මට ගැලපෙන්නේ නෑ කියලා . මන් දන්නවා ජිමිනි හැම දේම විහිලුවට ගත්තද මන් ජීවිතය සීරියස් ගන්න ඕනේ කියලා   . එයාට මන් ගැන තේරෙන්නේ නැති බවත් මන් දන්නවා . ඒත් එයා හොදයි හ්‍යුන්ග් . මට හම්බ උන ගොඩක් අයට වඩා හොදයි "  මන් කියනකන්ම ජින් හ්‍යුන්ග් අහගෙන හිටියා

" යාලුවෝ හදාගන්න එක හොදයි පොඩ්ඩෝ . ඒත් ඔයා  දන්නවද අඇයි එයාට ගොඩක් පෝසත් යාලුවෝ විතරක් වැඩියෙන් ඉන්නේ කියලා "

" ම්හු දන් නෑ "

" මොක්ද පොඩ්ඩෝ ගොඩක් සමාජේ උඩට ගියාම තමන්ට ගැලපෙන යාලුවෝ හොයා ගන්නේ . අපි උනත් හුගක් වෙලාවට යාලුවෝ හොයා ගන්නේ අපේ හැසිරීමට වගේම අත්දැකීම් , ආස එපා දේවල් වලටත් සමාන අයව .

ඒත් ඔයාගේ පෝසත් යාලුවෝ එහෙම නෑ . එයාලා විදින කිසිම දෙයක් ගැනවත් ඔයා විදින කිසිම දෙයක් ගැන වත් දෙගොල්ලොන්ටම තේරෙන්නේ නෑ .මොකද ඔයා එයාලගේ පසුබිමේවත් එයාලා ඔයාගේ පසුබිමේවට්ග් ඉදලා නෑ නේ . ඒඑක නිසා එයාලට ලේසි එයාලගේ පසුබිමේ අය එක්ක ඉන්න එක

ඒක නිසාම තමයි ඔයා ජිමිනිවත් , ජිමිනි ඔයවත් හොදින් අදුන ගන්න ඕනේ . එක පාරින් කෙනෙක්ව judge කරන්න එපා පොඩ්ඩො

ඉතින් මතක තියා ගන්න ඔයාගේ පෝසත් යාලුවොන්ට බැරි වේවි හැම මොහොතකම ඔයා වෙනුවෙන් ඉන්න . ඒත් ඒ යාලුකමත් ගොඩක්ම වටින් එකක්. ඒක නිසා ඔයා එයාවවත් තේරුම් ගන්න උත්සහ කරන්න  .

ඒඑක ඔයාට කියලා දුන්න පුන්චිම පුන්චි පාඩමක් විදිහට මතක තියාගන්න "

මන් හිතන්නේ හ්‍යුන්ග් ඒ කියපු වචන ටික මට හොදටම වැදුනා ...
 

ඒත් මන් කලින් දැනන් හිටිය නම් ඔය පාටි එක මගේ ජීවිතේ විනාස කරයි කියලා . මන් කීයටවත් ඕකට යන්නේ නෑ

Hyung's LessonsWhere stories live. Discover now