3

77 17 3
                                    


JK pov

මට මතක අන්තිමේට ජින් හ්‍යුන්ග් මගේ අතෙන් අල්ලගෙන මාව ස්කූල් ගෙනියපු විදිහ

මට මතක අන්තිමේට ජින් හ්‍යුන්ග් මගේ අතෙන් අල්ලගෙන මාව ස්කූල් ගෙනියපු විදිහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මොකද අද මට එක්සෑම් දවසක් . මන් හුගක් බයයි එක්සෑම් වලට . මොකද මන් බයයි ෆේල් වෙන්න .

ඒත් ජින් හ්‍යුන්ග් මගේ අතින්ම අල්ලගෙන කිව්වේ මහන්සි උන ඒවගේ ප්‍රතිඵල හම්බ වෙයි කියලා ..

මන් එක්සෑම් එක කරා වගේම ටීචර් එදාම පේපර් එක බලලත් දුන්නා . මොකද Yeongcheon කියන්නේ චූටි ටවුන් එකක් . අපේ පන්තියේ ඉන්නේ ලමයි චුට්ටම චුට්ටයි . විසසක් වගේ ..

ඒ උනාට මම දහ වෙනියා ..

කෝමද මන් ජින් හ්‍යුන්ග් ට මේක කියන්නේ . මෙච්චර කල් මුල් පහ අතර ඉදලා දහය උනා කියන එක ..මට හිතා ගන්න බැරි උනා .

ඒත් මන් හිමින් හිමින් චූටි කඩේ ගාවට ගියා . ජින් හ්‍යුන්ග් වෙනදා වගේම වැඩ .අනේ මට එයාට උදව් වෙන්න පුලුවන් උනා නම් . එයා වෙනදා වගේම ට්ටෙබොකි තියාගෙන බලාගෙන හිටියා ..

සම්පූරන වැඩ කරලා ඉවර වෙලා යන මගටවත් මන් කතා කරේ නෑ . මොකද මට තේරුනේ නෑ කොහොම මේක කියන්නද කියලවත් .

" පොඩ්ඩෝ අදත් ප්‍රශ්නයක්ද ? " එයා මගෙන් එහෙම අඇහුවා . අනේ හ්‍යුන්ග් ඔයා පොඩ්ඩෝ කියද්දි මගේ ප්‍රශ්න මටම අමතක වෙන හැටියක්.

" හ්‍යුන්ගී.. ම් මේකයි " මන් ගොත ගහ ගහ කියන්න යද්දි එයා මාව නතර කරගෙන මගේ උස මට්ටමට පහත් වෙලා අඇහි බැමි වලින් අඇයි අඇහුවා ..

" ම් මන් දහ වෙනියා . සමාවෙන්න මන් බුද්දිමත් මදි නම් හ්‍යුන්ග්.. යාලුවෝ කිව්වා මන් මෝඩ වෙලා ලු . එහෙම වෙලාද හ්‍යුන්ග් ' මන් කිව්වා විතරයි එයා මාව හග් කරා

" මන් හිතන්නේ ඔයාට තවත් පාඩමක් කියලා දෙන්න වෙලාව හරි

උපතින්ම බුද්දිමත් අය නෑ පොඩ්ඩෝ . ඔයා හිතන විදිහ අනුවයි හැම දේම  . fixed mindset එකක් තියෙන අයට ප්‍රශ්න වලට මුහුන දෙන්න අමාරුයි . මොකද එයාලා පොඩ්ඩ බැරි උනත් තමන්වම පල්ලැහැට දාගන්නවා

. growth mindset  එකක් හදාගන්න පොඩ්ඩෝ . එක පාරක් බැරි උනා නම් ආයෙත් උත්සහ කරන්න . ඔයා මොලේට වද දෙන්න දෙන්න ඔයා වැඩියෙන් ඉගෙන ගන්නවා . හරියට පොඩි බබාලා කරනවා වගේ .

එයාලට වැඩක් නෑ එයාලා වචන වරද්දද්දි ,බිමට අඇදගෙන වැටෙද්දි එයාලට හිනා වෙන අය ගැන . ඒ වෙනුවට එයාලා කුතුහලෙන් ඉගෙන ගන්නවා .

මතක තියාගන්න බුද්දිය කියන්නේ ඔයා පොතක අකුරු ගිරවෙක් වගේ පාඩම් කරන එක නෙවේ . ඔයා ඩිග්‍රි ගත්තත් වැඩක් නෑ හැකියාවන් (skills) නැත්තම්

ඒ වගේම පොඩ්ඩෝ පාරක උනත් ඔයා ගස් වලට අවදානේ දීගෙන දිව්වොත් කොහේ හරි නහය තලාගන්නවා . ඒත් ඔයා පාරට අවදානය දීලා දිව්වොත් ඔයා සාර්තක වෙනවා .

ඉතින් පැත්තක ඉන්න අය කියන ඒවා අහන්න එපා මොකද  පොඩ්ඩෝ අනිත් අය කියන ඒවගෙන් ඔයාව නිර්වචනය වෙන්නේ නෑ  වගේම අපි ඉන්නේ එයාලා සතුටු කරන්න නෙවෙ. "

හ්‍යුන්ග් එහෙම කියලා එහෙම්මම මාව වඩා ගත්තා .  අනේ හ්‍යුන්ග් ඔයා ඉන්න එක මට මොන තරම් හයියක්ද . පොරොන්දු වෙනවා ඊලග පාර මන් කොහොම හරි මගේ උපරිමේ කරනවා ..

හ්‍යුන්ග් කියනවා වගේ බුද්දිමත් වෙනවා කියන්නේ පන්තියේ එක වෙන එක නෙවේ නේ .

Hyung's LessonsWhere stories live. Discover now