7

56 15 0
                                    

ගත උන අවුරුදු හය ලස්සනට ගියා . යුද්දෙ ඉවර වෙලා දැන් හුගක් කල් . සෝල් නගරෙම ආපහු පරිපූර්නයි . මන් අඇහුවා පොඩ්ඩගෙන් එයාට ඕනේ නම් සෝල් වකට යමු කියලා . ඒත් එයා කිව්වා මට ඕන දේකට එයා එකගයි කියලා

ඒත් මන් පොඩ්ඩව තෝරගෙන මෙහෙ නතර උනා . මට යුනි  යන්න පුලුවන් උනත් . පොඩි කාලේ නම් එයාට ගානක් තිබ්බේ නෑ . ඒත් දැන් නම් එයා මටත් තරවටු කරන්න ගන්නවා ඉගෙනුම අතහැරිය එක ගැන

හරියටම මගේ වයස දැන් විසි පහයි .. එතකොට පොඩ්ඩා...

ඒයාට දා හතයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒයාට දා හතයි . දා හතයි කිව්වට මේ අවුරුද්දට දහ අට සම්පූර්න වෙනවා . මන් කල්පනා කරේ අවුරුදු හයක් මෙච්චර  ඉක්මනට ගියේ කොහොමද කියලා

අපි වෙනම පුන්චි ශොප් එකක් ගත්තා වගේම රෙන්ට් එකට හිටපු ගෙදරින් අයින් වෙලා ඒ ලගම ගෙදරකුත් අරගත්-

" හ්‍යුන්ගියෝ !! ' මන් කියන්න ගිය එකත් නැවතුනේ අර තඩි හාවා මගේ අඇගට පැන්නගෙන් පස්සෙයි .අද රෑ වෙනකන්ම ප්‍රැක්ටිස් කිව්වනේ . ඔන්න ඉතින් දැන් සිද්ද උන ජාතක කතාවම මෙතන දිගහරීවි

" හ්‍යුන්ග් අහන්නකෝ .මට තව යාලුවෝ හම්බ උනා නේ " කොල්ලා කිව්වෙ සතුටෙන් . මොකද එයාට යාලුවෝ එක්ක තිබ්බේ ලස්සන ඉතිහාසයක් නෙවේ නේ .

" කවුද දැන් යාලුවෝ පොඩ්ඩො "

" මතකද මන් කිව්වා මාව දැක්ක දවසෙම මට බැනපු කෙනෙක් ගැන . ජිමින්.. කියලා . අන්න එයයි ටේහ්‍යුන්ග් උඉ . හ්‍යුන්ග් කමක් නෑ නේද මන් එයාට සමාව දුන්නට .කමක් නැද්ද මන් එයාව විශ්වාස කරාට " කොල්ලා අඇස් බෝල කරන් අහන්න ගත්තා

" මෙහෙමනේ පොඩ්ඩෝ ...

ජපානෙදි කැඩුන සෙරමික් ආයෙමත් හදනවා රත්‍රන් එකතු කරලා . ඒකෙන් එයාලා පෙන්නනවා බිදී යාමෙත් සුන්දරත්වයක් තියෙනවා කියලා
මොකද සමහර බැදීම් ඒවා අස්සේ සිදු වෙන බිදී යාම් , අමනාපකම් නිසා තවත් ශක්තිමත් වෙනවා

ඒත් සමහර බැදීම් ඒ නිසා විනාස වෙලාම යනවා . ඉතින් පොඩ්ඩෝ ඔයාගේ අතෙයි තියෙන්නේ විශ්වාස කරන්න ඕනේ කෙනා තෝරන එක . මොකද සමහරු නැවකට නැග්ගම කපිතාන් වෙන්න බැරි නිසා මුලු නැවම ගිල්ලන්න හදනවනේ

ඒත් මන් නම් කියන්නේ ජීවිතේ හරිම කෙටියි තරහවල් පුරවගෙන ඉන්න . ඉතින් සමාව දෙන්න බලන්න පොඩ්ඩෝ "

" හරියෝ හ්‍යුන්ග් . මන් එකම එක අවස්තාවක් දෙන්නම්කෝ " කොල්ල එහෙම කියන ගම්න් අඇදුන් මාරු කරගෙන එන්න ගියා

" ඒ පාර මොකෝ. කාලත් ඉවරද මෙච්චර ඉක්මට . ඉලන්දාරියා ඊයේ වෙන කාමරේකට ගියේ තනියම ඉන්න නේද ? අඇයි දැන් ? " මන් චාටර් වෙන විදිහෙ හිනාවක් දාගෙන අඇහුවේ

" ඒක කරන්න බෑ හ්‍යුන්ග් එහා ගෙදර මාලුවා මගේ ජනේලේ ගාවින් අඇවිදිනවා .උගෙ හෙවනැල්ලට මන් බය වෙනවනේ ඉතින් "

" හරි එහෙනම් එන්- පොඩ්ඩක් ඉන්න මාලුවා ? අඇවිදිනවා ? "

අයිශ් කපටි කොල්ලා . බොරුවට අඇදට පැනලා නිදි වගේ ඉන්න හැටි විතරක් !.

පොඩ්ඩගේ ඔය වගේ හුරතල් වැඩ නිසා අඇත්තටම මගේ මූනට ආවේ හිනාවක් . ඒත් මන් දන්නවා මන් ලග ඔහොම හුරතල් වෙවී හිටියට මෙයා අනිත් තැන් වල දරුනුයි කියලා

Hyung's LessonsWhere stories live. Discover now