හයවෙනි කොටස.

181 40 3
                                    



❌❌ සත්‍ය කතා කිහිපයක් සම්බන්ධ කර ලියන ලද මා විසින්  මනක්කල්පිත කොටස් එකතු කර නිර්මාණය කරන ලද්දකි. කෘත්‍ය අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❌❌





*                 *                 *                 *                      *













‘  අහ් අයියා...
රවුම් කඩේ ළග හිටගෙන ඉන්නම්..
ඉවුම් පිහුම් ගැන නිතරම සිතමි~න්...’





ශ්‍රී FM එකේ කෙල්ල උදේම කොල්ලෙක් දැකලා  චුන් වෙලා කෑ ගහද්දි මන් අම්මා බැරි බැරි ගාතේ උස්සන් යන අච්චාරු බේසම ගත්තේ අම්මට අඩුම කුඩුම පොඩි දේවල් ගන්න දීලා.









මට හිටියේ මගේ අම්මා විතරයි. අප්පෙක් නැති මට මගේ අම්මා , අම්මා තාත්තා දෙන්නම වුණා. පල්ලිය වත්තට මෙහා තිබුණු රබර් වත්ත මැද තිබුණු  පුංච් අඩි පාරෙන් අපේ පුංචි ගෙදරට යන්න පුළුවන් වුණා. අපි වගේ දුප්පත් එදා වේල අමාරුවෙන් හොයාගත්තු ආච්චි අම්මලා  වගේම පවුල් කිහිපයක් ම පොඩි යට පැල් බැදගෙන එතන ජීවත් වුණා.




 අපි වගේ දුප්පත් එදා වේල අමාරුවෙන් හොයාගත්තු ආච්චි අම්මලා  වගේම පවුල් කිහිපයක් ම පොඩි යට පැල් බැදගෙන එතන ජීවත් වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ගිත්ම ආවින් සිල්වා . තාත්තා ගේ  වාසගමක් වත් දන්නේ නැති අම්මාගේ වාසගම විතරක් තිබුණු ආච්ච්රු කොල්ලෙක්. පල්ලියේ ෆාදස්ලා සිස්ටර්ලා අපිට නිතර නිතර ම අඩු පාඩු වෙන දේවල් දුන්නා. ඉපදුණු දවසේ ඉඳන් ම රබර් වත්තක් ඇතුලේ ඉන්න මට නම් මේ වත්ත මගේ වගේ දැනුනා. ඒ ඇයි කියන්න මන නොදන්නවා වුණත් මම මේ පරිසරය ට හරි ආදරෙයි.




“ අම්මා ඔහොම ඉන්න. මම කුඩේ ඉහලන්නම්





අච්චාරු බේසම මෙසේ උඩින් තියලා මම අම්මා ව අහකට කරලා කුඩේ ඉහළුවා. අද ඉරිදා දවසක් නිසා මම අම්මට දවසම වගේ උදව් කරන්න අම්මා එක්ක ඉන්නවා. අනිත් දවස් 5ම මම ස්කෝලෙ යන්නත් ඕනේ නේ. ඊටත් අම්මා කැමති නැ මම ඉරිදා ට වත් උදව්වට එනවට. එකට හේතුව මගේ පෙනුම. කොතැන ගියත් කැපිලා පේන සුදක් එක්ක ලොකු බෝල ඇස් දෙකක් , රෝස පාට තොල් දෙකක් වගේම ඊට යටින් අපල යවන්න වගේ උපන් ලපයක් තිබුණා. මගේ අම්මා කියන්නේ මන් ඉටි රූපයක් වගේ ලස්සනයි කියලා. මම ඉන්න දාට ගොඩක් අච්චාරු විකෙනෙන නිසා මම පුළුවන් හැම වෙලේම අම්මට උදව්ව ට එන්න ආවත් අම්මා එළවාගන්නව. එයා ට බයයි . මිනිස්සු මම දිහා බලන්නේ අමුතුව ටලු. මම ගැන නිතර ඇවිල්ලා එකෙක අය අහනවා ලු.






ආඩම්බරකාරි Where stories live. Discover now