දහතුන්වන කොටස.

104 21 4
                                    




❌ සත්‍ය කතා කිහිපයක් සම්බන්ධ කර ලියන ලද මා විසින් මනක්කල්පිත කොටස් එකතු කර නිර්මාණය කරන ලද්දකි. කෘත්‍ය අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❌❌

*          *               *                 *                 *     










දවසින් දවස ගෙවිලා ගියා. එදා යසිත් ව මුණ ගැහුණා ට පස්සේ මට මූණ ගැහුනේ නැ. මංගල්‍ය පූජාවට වත් මට යන්න බැරි වුණා. සෙනග වැඩි පුර ගැවෙසෙන කාලේ අපිට කාලකින් සල්ලි ටිකක් වැඩිපුර හම්බ කරගන්න පුළුවන් වුණා. මංගල්‍ය සතිය පුරාවට එකේක පැති වලින් මිනිස්සු එනවා. මේ කාලෙට දුරින් එන අයට පල්ලියේ කොටසක් වෙන් කරලා තියෙනවා කූඩාරම් ගහගෙන ඉන්න දවස් කිහිපයක්. ඒ නිසා පාර පාළු නැ හැම වෙලේම සෙනග උන්නා. සද්ද වලින් පිරිලා තිබුණා.







තැන තැන අලුත් ජාතියේ කෑම ජාති පවා විකුණන්න තිබුණා. පාර පුරාවට  මස්කට් , බූන්දි  වල පැණි සූවද එතකොට තව පැත්තකින් අල පෙති බදින සුවද , වඩේ බදින සුවද එක්ක කොන්ත කඩ වලින් සාම්බ්‍රානි , කට්ට කුමංජල් සුවද  මුළු පැත්තෙම පිරිලා තිබුණා. සෙල්ලම් බඩු කඩ වල ළමයි කරේ තියාගෙන තාත්තලා අම්මලා පොඩි අය ඉල්ලන දේවල් අරන් දෙද්දී ඒ පොඩි අයගේ මුනවල් සතුටින් පිරිලා ඉතිරිලා තිබුණා. තව සමහර පොඩි ළමයි එතන දෙක වෙන්න අඩන ගමන් උන්නා එයාලා ඕනි දේ අරන් නොදෙන නිසා.








මට නොදැන ම හුස්මක් පිට වුණා. මගේ තාත්තා නම් මාව කවදාවත් මෙහෙම උරහිසේ ඉන්දෝගෙන එක්කගෙන ගිහින් නැතුව ඇති. අඩුම මගේ තාත්තා මන් ගැන දන්නවද කියන්නවත් මම දන්නේ නෑ. මම කියලත් තාත්තා ගැන මුකුත් දන්නේ නෑ නේ එක අතක ට.







“ දරුවෝ.. අර ඉස්සරහ තියෙන කඩෙන් බූන්දි මුලක් එක්ක මස්කට් එකක් අරගෙන එන්න”







අම්මා රුපියල් පන්සීයක් මගේ අතේ මිටි මොලවන ගමන් කියද්දී මම අම්මා දිහා බලාගෙන හිටියා.










සල්ලි තිබුණා නැතෑ මගේ දුප්පත් අම්මා මම ආස දේවල් කොහොම හැරී පුළුවන් විදියට අරන් දුන්නා. ඒ ඇස් හරි අහින්සකයි. කොච්චර මහන්සි වුනත් කොච්චර දණහිස් කොන්ද රිදුනත් අම්මා නෙවේ අමාරුයි කියලා පැත්ත කට වෙලා හිටියේ.









ආඩම්බරකාරි Where stories live. Discover now