අටවන කොටස.

158 26 2
                                    






❌❌ සත්‍ය කතා කිහිපයක් සම්බන්ධ කර ලියන ලද මා විසින්  මනක්කල්පිත කොටස් එකතු කර නිර්මාණය කරන ලද්දකි. කෘත්‍ය අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❌❌





*             *             *                 *                 * 





අනෙ-ත්





“ කොල්ලො නැගිටලා ගිහින් මූණ සෝදාගන්න. අද පංති කිව්වා නේද? ”




“ ආහ්-හා ඔව් අම්මේ”




OL exam එකට හරියටම තව දාවසක් වගේ  තිබුණා. ඒ කියන දවස අද වුණා.  මගේ පුංචි කාමරේ මෙසේ උඩ මම විෂයන් නමයම පොත් පෙරලලා දාලා. කාමරේ තැනින් තැන කොළ විසිරිලා. මම  ඔහේ ටිකක් වෙලා ටකරන් වහලේ දිහා  බලාගත්තු අත බලාගෙන හිටියා.







මාව නිකන් තෝන්තු මාන්තු වෙලා වගේ . එක්කෝ විභාගේ හින්දා! එහෙම නැත්තම් වෙන මොකක් හරි නිසා ද?







මම ඔලුව අත් දෙකෙන් ම කසා ගත්තා. අම්මා නැගිටින්න කලින් මම මොකක් හරි කිව්වා ! මොකද්ද ඒ?







“ කොල්ලො නැගිටලා වරෙන් කෝ ! මම දැන් අවෝත්  ගුටියක් දෙනවා හරිද ?”





කාමරෙන් එළියේ ඉඳන් අම්මා කෑ ගහද්දි මම පුටුව උඩ දාල තිබුණු තුවය අරගෙන ගේ එළියේ තියෙන ලිද ලඟට ගියා.




සීතල වතුර යකඩ බාල්දියෙන් එක දිගට හලා ගන්න ගමන් මම දිගටම කල්පනා කරා. වෙනදා වතුර චුට්ටක් හිමිහිට හලාගෙන උඩ පැන පැන මම පැය බාගයකට වඩා වැඩි වේලාවක් පැත්තටම ඇහෙන්න හු තියලා අම්මගෙන් පාරකුත් කළා මුන ඤරොක් කරගෙන තමා ගේ ඇතුලට එන්නේ. ඒත් අද හිතාට තිබුණු ආවේගේ නිසා ම මම ඔහේ වතුර හලාගෙන යද්දී අම්මා පොල් කටු හැන්ද අරගෙන ඉනට අත තීයන් හිටියේ ඇස් ලොකු කරගෙන ඉන්නවා . අම්මට ගොන් හිනාවක් දාලා මම එද්දී අම්මා ඇදගෙන උන්නු චිත්තෙන් අත පිහදාගෙන මගේ නලලට අත තිබ්බා.





“ මොකද අම්මේ මේ? ”



මම ඇස් උඩ පැත්ත ට කරලා අතින් අම්මාගේ අත අල්ලගන්න ගමන් අහද්දි අම්මා අත ගසලා දාලා මගේ ඔලුව අත ගැවා.





“ මම මේ බැලුවේ උබට උණ ද කියලා”




“ ඒ මොකෝ ?”






“ නැ බං ඉතින් වෙනදාට මේ පැත්ත ම හෙලවෙනවා උබ නාන්න ගියාම අද මෙලෝ සද්දයක් නැ නේ ! අමාරුවක් තියෙනවා නම් කියපන් කොල්ලො බෙහෙත් ටිකක් වත් අරන් දෙන්න යන්න. මට කියලා ඉන්නේ උබ විතරයි නේ මගේ පුතේ !”




“ අනේ එහෙම අමාරුවක් නැ අම්මේ ”






අම්මාගේ බැහැලා ගියපු ඇස් කොනෙන් කඩුලු බෙරෙද්දි මම අම්මා ව බදාගෙන ඔලුව අත ගෑවා. මගේ එක හසරීමක් ඇති අම්මා බය වෙන්න ඒ ඇස් වල කඩුලු එන්න. අම්මට කියලා ඉන්නේ මම විතරයි මට මන් ගැන ම තරහා හිතුනා අහිංසක අම්මා ව බය කරපු එකට.





“ කෝ කෝ මගේ තේ එක බඩගිනි අනේ ”







මම අම්මවත් ඇදගෙන යන ගමන් අහද්දි අම්මා වහලා තිබුණු තේ එක දුන්නා ඉගුරු බිස්කට් එක්ක. එයා දන්නවා මම ඔවා පෝගෝගෙන කන්න මල පෙරේතයි කියලා.









“ එහෙනම් දෙවියන් වහන්සේ ගේ පිහිටෙන් , ශුද්ධාත්මයාණන් වහන්සේ ගේ ඥානයෙන් හොදට විභාගේ කරන්න ඕනේ මගේ පුතේ ”







අම්මාගේ කකුල් වැදිද්දි මගේ ඔළුවට අත තියලා කියපු අම්මා මම නළලේ කුරුසේ ඇදලා ඔලුව අත ගාලා කියද්දී මමත් ජේසු පිහිටයි අම්මේ කියලා ගෙදරින් එළියට බස්සේ විභාගේ ලියන්න.








To be counted.....
* * * * *       




Hyyy...      



ගිත්ම ට මොකද්ද වෙන්නේ?



Geethi     

ආඩම්බරකාරි Where stories live. Discover now