දෙවෙනි කොටස.

336 46 4
                                    

❌❌❌ සත්‍ය කතා කිහිපයක් සම්බන්ධ කර ලියන ලද මා විසින්  මනක්කල්පිත කොටස් එකතු කර නිර්මාණය කරන ලද්දකි. කෘත්‍ය අවසරයකින් තොරව උපුටා ගැනීම තහනම්❌❌❌


*                 *                 *                 *                      *






“ අඩෝ එපා වෙනවා බං , පොඩි සර් ගේ ගණන් සූත්‍ර අහගෙන ඉදලා මට බඩ යන්න වගේ ”

මතියා කියද්දී මම පොත් ටික බෑග් ඒකට ඔබගත්තේ ඔලුව වනන ගමන්. පොඩි සර් කියන්නේ බලාගෙන ඉන්න පුළුවන් තරම් කඩවසම් ප්‍රිය මනාප චරිතයක් වෙද්දී ලොකු සර් ඊට වෙනස් දරදඬු සීතල චරිතයක් වුණා. මේකට එන කෙල්ලෝ නම් කියන්නේ ඒ දෙන්නා අතර යම් කිසි දෙයක් තියෙනවා කියලා! අනේ මන්දා ඔවා අපේ කොල්ලො ටික නම් කියන්නේ වෙනම කතාවක් වෙද්දී එක අතකට මට ඔවා වලින් ඇති වැඩක් නැති නිසා බෑග් එකේ ශිපර් එක වහලා ඒක අන්ඩක් එල්ලගෙන මම අරුන් දෙන්නා එක්ක එන්න ආවේ පොඩි බ්‍රේක් එකේ හන්දිය ළග ෆූඩ් සිටි එකට යන්න.





“ ඊළග මාසේ විබාගේත් එනවා බං , මොන ඌත්තක්වත් පාඩම් කරලත් නැ ! අනේ මන්දා ඔවා මතක් වෙද්දී ඔලුව කුරුවල් වෙනවා පගෝ ”






මනුකයා කියද්දී මම ඔලුව කසන්න ගත්තේ විභාගේ මතක් වෙලා.අනේ මන්දා මේ පාර ඇපත් නැති වෙන සීන් එකක් තියෙන්නේ ගෙදරින් ! ඒ තරම් යසටම පුත්‍රරත්නේ ට කෙල වෙලා . කාගිල්ස් එකේ අයිස් තුනකට වග කියන ගමන් හිමින් ගමනින් ගාටපු අපි සර් කිව්වට වඩා විනාඩි දහයකුත් පරක්කු වෙලා අපි තුන් කට්ටුව යද්දී සර් ඉනට අත් දෙක තියන් හිටියේ අපිට විටි පස්සේ තියෙන බිත්ති ඔරෝලොසුවෙන් වෙලා බලන ගමන් වෙද්දී උගුඩු පැටියො තුනක් වගේ අපි තුන් දෙනා සර් දිහා බලලා ගොන් හිනාවක් දැම්මා.






“ අහ් තුන් කට්ටුව ට දැන් වෙන්න ඇති විනාඩි පහලව ඉවර වෙන්න ඇත්තෙ ! තුන් දෙනාම ඇවිල්ලා මේ බෝඩ් එකේ දාලා තියෙන සමීකරණ ටික හදනවා ! උගුඩු පැටව් තුනක් වගේ ඔතන හිටන් ඉන්නේ නැතුව! ”





පොඩි සර් උච්ච ස්වරයෙන් කියද්දී පන්තියේ උන්නු කෙල්ලෝ ටික හිනා වෙද්දී කොල්ලො ටික පල් එකට හිනා වුණා. ඒ අස්සේ කොහෙද හිටිය ලොකු සර් පාත් වෙලා දොර ගාවින් පොඩි සර් ට මල් හිනාවක් දාගෙන යනවා මගේ ඇස් කොනෙන් පෙන්ද්දි මම වගේ ම අනිත් දෙන්නත් මුන ගොම බෙටි තුනක් කරගෙන බෝඩ් එක ඉස්සරහට ගිහින් සමිකරනේ හදන්න ගත්තා.




ආඩම්බරකාරි Where stories live. Discover now