Chapter 17 END

171 37 13
                                    

දවසෙ තුන් වෙනි වතාවටත් මම ඒ ලියුම කියෙව්වා..දැනට එංගලන්තයට ඇවිත් දවස දවස දවස ගෙවිලා ගිහින් අවුරුදු වලට හැරිලා...අවුරුදු අවුරුදු ගෙවිලා අවුරුදු විස්සක් ගෙවිලා ගිහින්....ලොකු කාලයක් දරාගත්ත බැරි තරම් කාලයක්... ඒත් මං තාමත් හුස්ම ගන්නවා... යුද්දය ඉවර වෙලා අවුරුදු 15 ක්... මං තවමත් හුස්ම ගන්නවා..එයාව අන්තිමට දැකලා අවුරුදු විස්සක්..... ඒත් තාමත් මගේ හුස්ම වැටෙනවා..එයා හුස්ම ගන්නවද නැද්ද කියලා නොදැන හුස්ම ගන්නවා...එයා එයි කියල ඇස් රිදෙනකම් ම බලාගෙන මම තවමත් හුස්ම ගන්නවා...

ඒක ලේසි නෑ... බලෙන් හුස්ම ගන්න හැඟීම හිතලා බලන්න..ඒක අවුරුදු විස්සක් පුරා මං කරනවා... නවතින්න හිතුනත් තවමත් මම හුස්ම ගන්නවා...එයා වෙනුවෙන් විතරක්..මම හුස්ම ගන්නවා.... එයාගෙ පොරොන්දුව මත මම තවම හුස්ම ගන්නවා..මටම හතියි.. තවත් බෑ.. ඒත් මං හුස්ම ගන්නවා... මං ආදරේ කරා... තවමත් ආදරය කරනවා..දවසක ලබන්න... නොලැබුනත් පොලවට පස් වෙන්න මොහොතක් තියා එකතු වෙන්න බලාගෙන මම තාමත් හුස්ම ගන්නවා..

මගේ ග්‍රැනී යන්න ගියා... මගේ පපා දැං ලෙඩ ඇඳේ... මගේ අක්ක මෙහෙන් විවාහයක් කරගත්තා..මම ආයෙමත් මෙහේ රෝහලක වෛද්‍යවරයෙක් උනා...ග්‍රැනී මෙහෙන් ගෙදරක් ලෑස්ති කරලා තිබ්බ අපි මෙහෙට එද්දී ම....එයා මගේ නමින් ගිණුමකට ලක්ෂ ගානක් තැම්පත් කරලා තිබ්බා... මුල් කාලෙ ඒවයින් ජීවත් උනත් පස්සේ රැකියාව නිසා බාධාවක් උනේ නෑ...හැම දෙයක්ම සාමකාමී වෙලා..මට දැන් 43 ක්... ජීවිතේ හොඳම කාලෙ ගෙවීගෙන යන්නේ... ඒත් මට කියලා ආසාවක් නෑ...මමා පපා ට උදව් කරන්න... හුස්ම වැටෙන තුරු හුස්ම ගන්න එක විතරයි මට දැන් තියෙන රාජකාරිය...එයා එනවනම් දැන් එන්න කාලය හරි.. නෑ.. ගෙවිලා ගිහින් ගොඩක් කල්.. ඒත්!!!!! මං තාමත් මං බලාගෙන ඉන්නවා...එයා එයි කියල මම බලාගෙන ඉන්නවා

මගේ පිවිරුතු ආදරය..... අවුරුදු 17 ඉඳන් ආදරෙන් බැඳුණු...මාස දහතුනක් පුරාවට එකට තුරුළු වෙලා ආදරේ බෙදාගත්ත මගේ හුස්ම වෙනුවෙන් මම තවමත් බලාගෙන ඉන්නවා... තවමත්..

" ජන්කුක්!"

" ඔහ් රිචර්ඩ්....මොකද මෙහේ?"

" ගමනක් යන්න කතා කරන්න ආවේ "

A Moment Of Slience || Taekook || Competed Where stories live. Discover now