Chapter 16

86 32 3
                                    


අවසානයට පෙර...









" ඩොක්ටර් ජෝන්......අපිට ශල්‍යාගාරයට තව වෛද්‍යවරු ඕන.. තවත් හදිසි ලෙඩෙක් ගෙනාවා... එන්න පුළුවන් නේද??"

" ඉන්න මං එන්නම්..... කවුරුහරි නර්ස් කෙනෙක් මේ ලෙඩාව බලන්න... උදව් ඕන නං තව කෙනෙක් උදව්වට ගන්න................ සමාවෙන්න ඔයාට බෙහෙත් කරන්න නොවෙන එකට... හදිසි ලෙඩෙක්"

මුළු රෝහලම කූඹි ගුලක් ඇවිස්සිලා වගේ... ඔව් ඒක එහෙම තමයි දැන් දවස් කීපෙක ඉඳන්...අද ඒක වැඩියි...මරණ බය, වේදනාව, අහිමිවීමේ අඳෝනා රෝහලට පුරුදු උනත් අද ඒක දෙගුණයක් වැඩි වෙලා... අපේ නගරෙට හැතැම්ම කීපයක් එහා තිබ්බ නගරෙකට උඩින් බෝම්බ දාලා....එහේ රෝහල් වල ඉඩ නැති වෙද්දි එයාලව මෙහාටත් අරගෙන එනවා... හමුදා කඳවුරකට දාලා තිබ්බත් මිනිස්සු ගොඩකට බලපාලා ඒක........

ඔව් යුද්දෙ පටන් ගත්තා....පැය 24 ම මං ගිනිගන්නවා...එයා ගියා.. යුධ පෙරමුණට.... මං වෙනුවෙන්,රට වෙනුවෙන්, අනාගතේ වෙනුවෙන්....එයාට හිනාවෙලා සමුගැනීමක් දුන්න ට ඒ තප්පරේ ඉඳන් මං ගිණිගොඩක ජීවත් උනේ....කන කෑමක් උතුරෙන් පහලට තල්ලු කරගන්න වතුර උගුරක් ඕන උනා....සජීවීත්වයක් තිබ්බෙ නෑ මට.... අසරණයි.... ගෙදරට ගොඩ වෙන තැන ඉඳන් ම මට ඇඟේ හයිය නැති කරලා දානවා...එයා උණුහුම් කරපු හැම තැනකම සීතල රජ කරන්න පටන් අරගෙන තිබ්බා....එයා මගේ හයිය....ආපේ මතක පිරුණ තැන මං විතරක් සීතල එක්ක තනි වෙලා ඉන්නකොට කොහෙද මට හයියක්...මට උණුහුම ඕන දෙයියනේ.... මගේ උණුහුම මට ඕන...

ඒත්,
කව්ද මට එයාව ආයෙ ගෙනත් දෙන්නේ?? දෙවියන් උනත් අපේ දිහා බලන එකක් නෑ... අපි අපේ දෙවි පියාට විරුද්ධ උනා... ඉතින් එයා අපිට උදව් කරන එකක් නෑ කොහෙත්ම.... වේදනාව දරාගන්න එක විතරයි කරන්න පුළුවන් දේකට තියෙන්නේ.....

" දෙවියන් වහන්ස......!!!! "

ශල්‍යාගාරයට ගියපු මගේ කකුල් එකතැන නැවතුනේ දැකපු දේ නිසා.... සෙබළෙක්!! හොඳටම තුවාල වෙලා... මනුස්සයෙක් කියලා අඳුනගන්න බැරි තරමට! දෙවියනේ කරුණාකරලා අපිට පිහිට වෙන්න... කරුණාකරලා.....

" ඔහ් ඩොක්ටර් ජෝන්.... එන්න අපිට උදව් ඕන......"

මගේ සිහිය ආයෙත් යතා ලෝකෙට එද්දී මම අඩිය ඉක්මන් කරලා එතනට ගියා.... අත් දෙක ගැහෙනවා... බලන්නවත් බෑ ඒ කෙනා දිහා... අනේ දෙයියනේ... එයාට කරදරයක් නම් වෙන්න එපා.... කරුණාකරලා.....

A Moment Of Slience || Taekook || Competed Where stories live. Discover now