Chapter 15

87 28 0
                                    

" මෙච්චර කැලේ ඇතුලට මං ඇවිත් ම නෑ නෙ"

" අපි පුහුණුවීම් වලට එනව මේ පැත්තට සමහර දවස්වලට...කෝ බලාගෙන යන්න කුක්...උඩ පැන පැන ගිහින් තුවාල වෙයි"

ටේහ්‍යාන් මාව එක්කන් ආවෙ අපේ නගරෙම කොනක තියෙන කැලේකට....හරි ලස්සනයි එතන... කලින් ඇවිත් තිබුනත් මෙච්චර ඇතුලට ඇවිත් නෑ කවදාවත්....බලපු බලපු තැන කොළපාට.... ලස්සනයි ඒ වගේම නිදහස්.... මිනිස්සු ප්‍රශ්න ඔලුවෙ තියාගෙන ඒවට වද වෙද්දි හිත සනසගන්න තැනක් තියෙනවා කියන එකත් අමතක වෙලා යනව....හරියට මමත් ඉස්සර හිත හදාගන්න කඳුකර නිහඬ පරිසරය හොයාගෙන ගියාට දැන් හදවත පනපිටින් ගිනි ගනිද්දී ත් ඒ තැන් අමතක වෙලා ගිහින් වගේ හැසිරෙන්න අරගෙන.....

ඒත් පරිසරයට පුළුවන් හිතේ තියෙන ප්‍රශ්න තප්පරෙන් අමතක කරන්න... ඒක මායාවක් වගේ....

" ටරාආආ...."

වටේට අවදානෙ තිබ්බ මට අපි ටේහ්‍යාන්ට එන්න ඕන තැනට ඇවිත් කියලත් අමතක උනා.....එතන......................!!! ලස්සනයි!!!! විශ්වාස කරන්න මට හැමදාම උනත් මෙතන ජීවත් වෙන්න පුළුවන්!!!....

" ටේහ්‍යාන් අනේ!!!!!!!! දෙවියනේ මෙතන ලස්සන!!!!!!"

" හිතුන ඔයා කැමති වෙයි කියලා... එන්න"

පුදුම ලස්සන වතුර පාරක්..... පුංචි පුංචි මල් පිරිලා....එතන දිව්‍ය ලෝකයක් වගේ.... කෙනෙක් ට එතන තවත් එක සාමාන්‍ය තැනක් වෙන්න ඇති... ඒත් මට!!!! පුදුම ලස්සනයි දෙයියනේ

'' අනේ මට මෙතන අඳින්න තිබ්බ නම්..."

" පුළුවන්..."

" මොකද්ද??"

" මෙතන අඳින්න "

" ඒත් මං ඒකට ඕන මුකුත් ගෙනා- ටේහ්‍යාන් !!!!!!!! ඔයා අද මාව තව කී වතාවක් පුදුම කරන්න හිතාගෙන ඉන්නවද!!?"

" ම්ම්ම්ම් ඕන නං තව එක වතාවක් තියෙයි... එච්චරයි "

එයා ලී රාමුවෙ ඉඳන් කැන්වස් කොල තීන්ත පවා අරගෙන ඇවිත් තිබුණා...අද ලස්සන දවසක් වෙයි

" ටේ~...."

" යස් මයි ලව් "

" අර ලොකු ගල උඩින් වාඩි වෙන්න.... මං ඔයත් එක්කම අඳින්නම්...හිතේ තියාගෙන ඔයාව ඇඳලා තිබ්බට ඔයාව මගේ ඇස් ඉස්සරහ තියාගෙන ඇඳලා නෑ මං.... යන්න ඉතින් "

A Moment Of Slience || Taekook || Competed Where stories live. Discover now