Chapter 03

107 48 8
                                    


ඔය මොකක් උනත් දැන් කරන්න දෙයක් නැති නිසා මං අනිත් අය එක්කම පේලියට හිට ගත්තා.....අපිට කරන්න තීන්නෙ මීටර් දෙසීයක් විතර දුවල ඒ එක්කම තීන මොකද්ද මංදා තාප්පෙකට නගින්න....ඒකෙ මුදුනෙ ඉදන් ලණුවකින් පහලට පනින්න.... බයවෙන්න එපා මීටර් සීයක් යනකොට මම බිම.... එතකොට හරි තේරුම් ගනී නෙ... ලූකස් නම් ඉන්නෙ පලවෙනි වතාවට දරුවා ව තනියම යවන්න හදන මමා කෙනෙක් වගේ...... මගේ දිහා බලනවා ඉස්සරහ බලනවා...වටපිට බලනවා ආයෙ මගේ දිහා බලනවා......

" 3.....2......1....!!! "

පටන් ගත්තා....ඒ කියන්නේ ඉතින් දුවන්න තීන්නෙ....මට කොහොමත් තරගයක් නෑ....ඒ නිසා හුස්ම අල්ලන් හිමිහිට දුවගෙන ගියා... ලූකස් මගෙ පිටිපස්සේ.... මං දන්නව මට මොකක් හරි උනොත් කියන දේ නිසාම තමයි එයා එහෙම ඉන්නෙ.....

පැය ගානක් කියල දැනුන තත්පර කීපයකට පස්සේ දුවන එක ඉවර වෙලා අඩි දහයක් පහලොවක් විතර උස කඩතොලු  තාප්පෙ ගාව මම නැවතුනා..... දැන් දැන් හදවතේ ගැස්ම පවා කන් දෙකට ඇහෙන තරම් වේගෙන් ගැහෙනවා දැනුනා....මම තාප්පෙ ගාව ඉදන් උඩ බැලුවා.....මට මතක් උනේ එදා මට මීටර් ගනනාවක් එහා පිපිරුන බෝම්බෙ ගැන.... එදා මොකද්ද මංදා පිනකට මගේ කන් අඩි පිපිරුවෙ නෑ... නැත්තං බෝම්බයක් පිපිරෙන තැනක ඉදල යහතින් එන එක ලේසි නෑ.... මොකක් හරි දෙයක් නැති වෙනවා... එදා මට මගේ ශක්තිය නැති උනා..... හැම දෙයකටම වඩා ඒක භයානකයි මට අනුව නම්.....

තාප්පෙ දිහා බලාගෙන ඉද්දිම අතීත මතක ඇස් ඉදිරිපිට මැරෙද්දි මං වෙයි කියලා බලාපොරොත්තු උන දේ ටික ටික වෙනවා කියල මට දැනුනා.... හුස්ම ගන්න එක ටික ටික වැඩි වෙනවා දැනෙද්දි පපුව හිර කරන ගතිය දැනෙන්න ගත්තා...... ඒක වේදනාවක්..... ඒත් මෙතනදි මගේ ගැලවුම

" මොකද ඕයි කරන්නෙ ....නගිනවා "

කොනක හිටපු සෝල්ඩ්ජර් කෙනෙක් කෑ ගහද්දි මම පලවෙනි කඩතොළුවට කකුල තියලා අතේ දුර තව කඩතොලු දෙකක් අත් දෙකෙන් අල්ලගත්තා... පපුව හිර වෙන එක එන්න එන්න වැඩි වෙද්දි ඒක උගුර දිගේ උඩු දුවන්න ගත්තා.... දැන් හුස්ම ගන්න බෑ.....

තව උඩ කඩතොලුවකට කකුල තියලා උඩට ඉස්සුනා..... දැන් හදවත ගැහෙනවා උගුරටම දැනෙන්න අරන්....මුලු ඇඟම දාඩියෙන් තෙත් වෙලා......කන 'කීන්'  ගානවා... හරියට මොකෙක් හරි කනට රිංගලා වගේ..... හුස්ම ගන්න බෑ.... තවත් නම් බෑ....

A Moment Of Slience || Taekook || Competed Where stories live. Discover now