Chapter 12

88 37 5
                                    



" එතකොට උඹ කියන්නෙ උඹයි ටේහ්‍යොනුයි එකට ජීවත් වෙන්න හදනව කියල ද?? "

ලූකස් ඇස් දෙක ලොකු කරගෙන කෑ ගැහද්දි මම හයියෙන් උගේ කකුලට ගැහුවෙ ලූකස් ගෙ මූණ පුදුමයේ ඉඳන් වේදනාවකට හැරෙද්දි

" ආආආආහ් යකෝ මගේ කකුල....."

පුදුම වෙන එක පැත්තක තියලා ලූකස් කකුල අල්ලං උඩ පනිද්දි මම ඇඳ උඩ වාඩි වෙලා මෙච්චර වෙලා අතේ තිබ්බ සිගර් (cigar) එක කටේ ගහ ගත්තා....නෑ නෑ මත් වෙන ඒව නෙවෙයි....ලාවට මත් වෙනවා නෑ කියන්න බෑ... ඒත් මේ සීතල නිසා පාවිච්චි කරන ඒවා...ඒව ගොඩක් මත් වෙන්නෙ නෑ.... ඒත් මගෙ මිනිහ නම් කැමති නෑ මම මෙහෙමවත් බොනවට.....මම කරන තරමක් දේවල් දැන් කරන්නෙ හොරෙන්....අහු උනොත් ගස්....

" උඹ ගමටම ඇහෙන්න කෑ ගහල ගමටම කියපං මම ගැන....යකෝ ඇත්තමයි ගෙදර කාට හරි ඇහිල තිබ්බොත් බෙල්ල ගලවනවා උඹේ"

මම ඇඟිල්ලක් දික් කරන ගමන් තර්ජනය කරා... ලූකස් ඔරවන ගමන් මගේ මේසෙට බර දීල හිට ගත්තා

" අනේ උඹ දැන් හමුදා පවර්ස් අරගෙන කෑ ගැහුවට මම බය වෙන්නෙ නෑ හොදේ...උඹේ එක වැරැද්දක් ටේයා ගෙ කනේ තිබ්බ ගමන් මම නෙවෙයි උඹයි ඔලුව නැති කරගන්නෙ"

නෝන්ඩි හිනාවක් මූනට අරගෙන ලූකස් කියද්දි මගේ මාලු නටන්න ගත්තා...මූ ඔහොමමයි.... මං මොකක් හරි පිස්සු වැඩක් කරොත් ඒ තප්පරෙන් මූ ඒක ටේහ්‍යොන් ගෙ කනේ තියනවා....ඊට පස්සේ ඉතිං මම බැනුම් අහනවා.....

දැන් මාසෙකට විතර කලින් අපේ කොලේජ් එකේ අපිට පහල වසරක මට පේන්නම බැරි මහ පණ්ඩිත කොල්ලෙක් ව ඕන කමින් පරීක්ෂණයකදි වරද්දවල ඌට ලකුණු ඕන නම් විද්‍යාගාරෙ සුද්ද කරල දෙන්න කියලා විද්‍යාගාරෙ පිරිසිදු කරගත්ත.... ඇත්තටම මට තමයි ඒක කරන්න කිව්වෙ... ඒත් මමම කරන්න ඕන කියලා නීතියක් නෑ නෙ....අර පණ්ඩිත ඔලුබක්කට කියල මම වැඩේ කරගත්ත... සේරම ඉවර වෙලා ටේහ්‍යොන් මුන ගැහෙන්න යද්දි මේන් මේ මිනිහ බැට්න් පොල්ලකුත් අරන් පුපුර පුපුර ඉන්නව...ඊට පස්සේ ඉතිං තඩි දේශනයක් අහල එකට එක කිව්ව කියල ගුටි දෙක තුනකුත් කන්න උනා....මේ බූරු ලූකසය තමයි කියලා තිබ්බෙ..

A Moment Of Slience || Taekook || Competed Where stories live. Discover now