17 කොටස

81 15 0
                                    

මං හැරුනා... එයා වෙනස් වෙලා....

කොන්ඩේ පාට කරලා කපලා... මං අාස කරපු දිග කලු කොන්ඩේ දැන් කහ පාටට හුරු දුබුරු පාටක් අරන්... එයා සුදු වෙලා... එහේ දේශගුනේට වෙන්න අැති... මගේ මැණික කෙට්ටු වෙලා... ඔව් ඉතින්.. ලෝකේම දන්න මොඩ්ලර් කෙනෙක් නේ... එ්ත් ඔය බලාගන්න ඉන්න මිනිස්සුන්ට බැරිද ටිකක් එයා ගැන හොයලා බලන්න..

කලින් මං අාස කරපු ගොං  කෙල්ල නෙමෙයි දැන් ඉන්නේ... මං දිහා හොරෙන් බලපු.. මං කතා කරාම වෙව්ලන මගේ වැදිරි කාලෙත් එක්ක වෙනස් වෙලා... දැන් රැජිනක් වගේ... යන යන තැන මිනිස්සු වට කරගෙන අාරක්ෂාව මැද යන්නේ...

Flashback

මට එයාව හම්බෙන්නේ එයාට අවුරුදු 12...හරිම ලස්සන කෙල්ලෙක්... අපේ නංගි ගේ පිංතූරෙ ක එයා හිටියේ මුලින්ම නම් මට දැනගන්න ඕන වුනා මේ කවුද කියලා පස නංගිගෙ යාලුවෙක් කියලා දැනගත්තම මං හිමිහිට අමතක් කළා...

ආයිත් කාලෙකට පස්සේ මට එයාව හම්බවුනේ නංගිගෙ දාහතරවෙනි උපන් දිනයදි... එයා හිටියෙ  ලස්සනම ලස්සන කලු පාට ගවුමක් ඇඳලා...වෙන කෙල්ලො කලුපාට ඇන්දම මූසලයි ,ඒත් එයාගේ අමුතුම ලස්සනක් තිබ්බා... ඒ කාලේ මට හැරෙන්න විදිහක් තිබ්බේ නැ...මට gf කෙනෙක් හිටියා.. එ් තරුෂි.. මගේ පලවෙනි පෙම්වතිය... හිතපු වත් නැති විදියට පහනි මගේ ජිවිතය වෙනස් කලා... මං මටම ද්‍රෝහි වෙලා කවදාවත් බොරු කරන්නේ නෑ කියලා හිතපු තරුෂි ටම බොරු කලා...තරුෂි ඉස්සරහ තියාගෙන පහනි ගැන හීන මැව්වා.. ඒත් මං කොහොමද තරු ව අතඇරලා එයාට ලං වෙන්නේ ...අනික ඒ මගේ නංගිගේ හොදම යාලුවා....

එයා දවස ගානේ නංගිත් එක්ක පාඩම් කරන්න අපේ ගෙදර අාවා... මං නපුරු මූනක් මවාගෙන, ඈතට වෙලා එයාගෙ කෝලම් දිහා බලං හිටියා..  ඇත්තටම එයා පොඩි ළමයෙක් වගේ, කරන්නෙම පිස්සු වැඩ ..අපේ නංගිත් එයා ට එකතු උනාම , හහ්..ලෝකෙම පෙරළන්න පුළුවන්..එයා ඉඳලා හිටලා මාත් එක්ක කතා කරාම, මගේ පපුව රේස් දුවන්න පටන් ගන්නවා..බඩ ඇතුලේ සමනල්ලු පියාබන්න ගන්නවා..අනේ ඉතින්..මොඩ මම ඔක්කොම හංගගෙන නපුරු මූණක් මවාගෙන එයාට බයිනවා... එයා පොඩි ලමයෙක් වගේ බය වෙලා බලන් ඉදලා, මං ගියේ ගමන් කුටු කුටු ගාලා බනිනවා...

( මේ තියෙන්නේ සෙනාශ් ගේ පැත්තෙන් කතාව... හිහි)

අයි.. අයියේ?

මං හිටියේ තරුෂි එක්ක කෝල් එකක.. තරුෂි ගේ වැල් වටාරම් අහන් ඉදලා මං හිටියේ කේන්තියෙන් , ඒත් කාමරේ දොර ගාව හිටපු එයාව දැක්කම මගේ කේන්තිය කොහෙන් ගියාද දන්නේ නෑ... අැස් දෙකත් ලොකු කරන් මහසෝන ගැහැව්වා වගේ මං දිහා බලන් හිටියෙ..'මොකද මේ අද කෙල්ලට වෙලා තියෙන්නේ? ' මගේ හිත එහෙම අහද්දි ටික වෙලාවකින්  මට මීටර් උනේ මම ටී ෂර්ට් එක නැතුව හිටියේ කියලා.. ෆක්... තරු ගේ අැවැටිලි නිසා ටී ෂර්ට් එක ගැලැව්වා නේ...

"මේ..මට ..ඔයාගේ තේක...ඇන්ටි මට...ඔයාගෙ.. "

අම්මෝ.. කෙල්ල හොඳටම ගොත ගහනවා ..දාඩියත් දාලා..තව ටික වෙලාවක් හිටියොත් හොස්පිට්ල් අරන් යන්න වෙනවා ෂුවර්..ඉතින් මං කතා කළා,

"කියනවා ගොතනොගහා! "

"තේක අැන්ටි දෙන්න කිව්වා ඔයාට! "

මොකක්ද එ කෙල්ල කියපු කුනුහරුපේ!!!

"මොකා? "

කෙල්ල රතු වුනා... පැනපු ගමන් අතේ තිබ්බ තේ ඒක මගේ මේසේ උඩින් තියලා පස්ස නොබලා දිව්වා...මම අමාරුවෙන් නවත්තගෙන හිටිය හිනාව  එළියට පැන්නේ ඒ වෙලාවේ...

"කියුට්.. "

"සෙනාශ්... මොකක්ද කිව්වේ? කියුට්? Seriously.. Are you crazy... මට කියන්න එපා ඔයාට වැරදිලා කියවුනේ කියලා නම්... "

මල කෙලියයි... මං හිටියේ වීඩියෝ කෝල් එහෙකනේ... තරුෂි අබ පිපිරෙන සයිස් එකට ඔරවගෙන මං දිහා බලන් හිටියේ... අම්මෝ...






සිතිජයටත් එහා... ( Completed) Where stories live. Discover now