6 කොටස

96 16 0
                                    

දවස් දෙකක් මාත් hospital එකේ හිටියා..
අපෙ අම්මා.. පව්... එයාත්  මං නිසා, මගේ අාදරය නිසා දුක් විදිනවා...
එ්ත් මේක නෙමෙයිද මට උරුම...
අාදරය ලබන්න පින නැත්නම්... මට අාදරය දෙන්න පුලුවන්නෙ... තාත්තා නම් අාවේ නෑ මාව බලන්න... එ්ක අවුලක් නැ... හැබැයි එයා මගේ බිල් පේ කරලා ... මම මට නැගිටින්න කියලා ඩොක්ටර් කිව්ව ගමන් දිව්වේ අයියා බලන්න...... අයියා කෝමා එකක... අක්කා අයියා ගාව... මං දොර ගාව ඉදන් බලන් හිටියා... අක්කා අයියගේ ඔලුව අතගානවා... මම දොරගාව ඉදන් තුන් සූත්රය කියකියා හැම දෙවියන්ගෙන් ම ඉල්ලුවේ අයියට ඉක්මනින් සිහිය එන්න කියලා...

"දෝණි... "

"අැන්ටියෝ.. බලන්නකු... අයියට ඉක්මනින් සිහිය එයි... "

"හ්ම්.. ස්තුති දෝණි... "

"අහ්... එ්ක මොකද්ද... සෙනංශා ගේ අයියා නේ... "

"එ් නිසාම විතරද දෝණි.. "

"මෝ??? "

"නෑ ඉතින්... පෙරෙදා රෑට අැදන් හිටපු පිජාමා පිටින්ම hospital එකට දුවන් අාපු විදියට මං වෙන දෙයක් හිතුවේ... "

මට හීන් දාඩිය දැම්මා... අැන්ටි මට බනීද?..

"අනේ එහෙම වුනා නම් ලොකු දෙයක් මැණික.. "

"අහ්.. එ.. එහෙම... කියන්න එපා... අක්කා පව්නේ... "

"හ්ම්.. පව් අපි මැණික... "

අක්කා ගියා... කුක්කා කිව්ව විදියට නම් අක්කා වැඩි වෙලා ඉන්නේ නෑලු... එයාට ගෙදරින් එන්න කියනවා අැති... කෙල්ලෙක්නේ...
අහ්... පහනි! තමුසේ කෙල්ලෙක් නෙමෙයි ද?
මහ රෑ වීල් හොයන් පිස්සෙක් වගේ hospital දිව්වේ තමුසේ කොල්ලෙක් නිසාද?
මගේ හදවතට කටු අනිනවා වගේ දැනෙද්දි මගේම යටි හිත මගෙන් අැහැව්වේ..

දවස් 4 ගෙවුනා... අක්කා තාමත් අාවේ නැ... සෙනාශ් අයියට තාම සිහිය නෑ... අැන්ටි මහන්සි වුන නිසා අසනීප වෙලා... මං ඉස්කෝලේ ඉවර වුන ගමන් එහෙම්මම hospital එකට එන්නේ... එයා ගාවට වෙලා මං අයියට සාත්තු කලා... මං එතනට වෙලා පාඩම් කලා... මං කෑවේ බිව්වේ එතන ඉදන්... හවස් වෙද්දි අම්මා කෑගහන නිසා ම මං ගෙදර යන්නේ අයියගේ හොදන්න තියෙන අැදුම් හොරෙන් බෑග් එකකට දාගෙන...
මං රෑට හොරෙන් washroom එකට  පාඩම් පොතත් අරන් ගිහින් අයියගේ රෙදි ටික හෙදුවා... අම්මට හොරෙන් වේලලා පහුවදා ට hospital එකට අරන් ගියා...
එතනට වෙලා එයාගේ පාලුව මකන්න පිස්සෙක් වගේ කියෙව්වා... හ්ම්...
එයාගේ වැදිරි එයාගේ පාලු මැකුවා...

හරියටම සති 3 කින්.... අයියට සිහිය අාවා... මං එදා ටියුෂන් ගිහින් හිටියේ... කුක්කා කිව්වම අයියට සිහිය අාවා කියලා... මං පිස්සෙක් වගේ දිව්වේ... මටම හිනා... මං පඩිපෙලෙන් පැන්න පාරට මං මං යුසුෆ් ගේ අැග උඩ... තව පොඩ්ඩෙන් මං මගේ අනිත් හොදම යාලුවා යුහසා ගෙන් මැරුම් කනවා...එයාගේ වෙන්ඩ හබියානෝ ව බදාගන්න ගිහින්... ...

සිතිජයටත් එහා... ( Completed) Where stories live. Discover now