7 කොටස

156 13 1
                                    

දෙෙවය හරිම පුදුමාකාර යි....
පැයගනන් එයාට සිහිය එනකන් මං එයාගාවට වෙලා උගුර ලේ රහ වෙනකන් කිව්ව ගාථා වලට දෙෙවය මට ප්රතිඵල දෙන්න පටන් අරන්...
මං යද්දි එතනට ගොඩදෙනෙක් අැවිල්ලා... කෝමා එකේ ඉන්නකන් ම බලන්නවත් නාපු යාලුවන්ගෙනුයි, අැන්ටි ට අසනීප වුන මොහොතේ පැයකට අයියා ගාව ඉන්න බැරි තරම් කාර්ය බහුල සෙනංශා ගේ පරම්පරා වගෙනුයි hospital එක පිරිලා... සෙනංශා මග බලන් හිටියා... මං හිතන්නේ එ් මං එනකන්... එයා මාව බදාගෙන ස්තුති කරා...

එ් අැයි?
මං කරේ අාදරේ කරන කෙනෙක් විදියට මගේ වගකීම ඉස්ට කරන එක...
මං ටිකක් hospital room එක ලගට ලං වුනා...

"අනේ බබු... ඔයාට සිහිය එනකන් මං හිටියේ අැගේ ලේ රත් කරගෙන මැණික... "

පැය ගනන් භාවනා කරලා හදාගත්තු සන්සුන් හිත තොවිල් නටන්න පටන් ගත්තා...

අැයි යකෝ! තෝ රත් වෙච්ච ලේ කූල් කරගන්න වෙන්න අැති ඊයේ අර, කොල්ලෙක් එක්ක beach එකේ අත් අල්ලන් හිටියේ? කියලා මගේ හිත කෑගහලා අහද්දි, මං නිරුත්තර වුනා.. මං බලන් හිටියා... අැත්තටම එ්ක ලස්සන පවුල ක්....

කිසිම දවසක ඔරවලවත් එකිනෙකා දිහා බලන් නේ නැති අම්මෙකුයි තාත්තෙකුයි... පිස්සු කෝලමක් වගේ ඉන්න ලොකු නංගියෙක්... අහිංසක චූටි නංගි කෙනෙක්... දගම දග මල්ලියෙක්.... තව අාදරණීය අාදරවන්තියක්....

මගේ සෙනාශ් අයියා සම්පූර්ණ යි.... එතනට මාව අැත්තටම කිව්වෝත් අාදාලම නැ.... ඉතින් මං හැරිලා පහල hospital ground එක පැත්තට අාවා... මං class එක මැද අතුරුදහන් කියලා කවුරු හරි අම්මට කියලා.... අම්මා කෝල් කරලා හොද දෙකක් කිව්වා...
අැත්තටම එ්ක සහනයක්... මට අඩන්න ඔ්න වෙලා නේ තිබ්බේ දැන් හේතුවක් උත් හම්බුනා.... මං ලෙඩ්ඩු ඉදන් ඉන්න පුටු පේලියේ පිටි පස්සෙන් ගිහින් ඉදගත්තා... එතනට වෙලා අැඩුවා... එතන හිටිය අාච්චි කෙනෙක් මගේ ඔලුව අතගාලා
"ඔහොම තමයි දරුවෝ ජිවිතේ...තනියම මැරෙනවා...තනියම ඉපදෙනවා.. "
කියලා කිව්වා... හැහ්... අාච්චි හිතන්න අැත්තේ මගේ පවුලේ කවුරු හරි නැති වෙලා කියලා වෙන්න අැති...
මං දැක්කා අැතින් දුවන් එන මගේ painkillers.....
මගේ ප්රාණ සම යාලුවෝ... නැ... සහෝදරියෝ..යුහසාසා,...සෙනාරි,..ඔමින්දි... සෙනංශා... ඉනිෂා.. විහගි...
බිම බලන් අඩන මාව තුරුල් කරගත්තා... ඔව්...
දසදහස් වතාවක් අපි මෙහෙම තුරුල් වෙලා අඩලා අැති...
ඒත් කවදාවත් එයාලා මං අඩද්දී හිනා උනේ නෑ...  මගේ ඉස්සරහින් තල දර්පනයක් වගේ මාත් එක්කම ඇඬුවා...
මාත් එක්කම හිනා උනා. ..
මාත් එක්කම විප්ලව කරා. ..
ඒ මිත්‍රත්වයත් හරිම අපූරු බැඳීමක්... බැනගන්නවා...රණ්ඩු කරනවා ...
ඒත් අපිට අපි නැතුව බෑ...අනිත් එක්කෙනා අඬනවා කියල දැනිච්ච ගමන් අපි එතන....එයා ගාවට ගිහිල්ලා කඳුළු පිහදාලා, එයත් එක්කම අඩනවා...

විනාඩි ගානකට පස්සේ අපි බීච් එකට, අාවා... අයිය ගාව කටිටය ඉන්න නිසා සෙනංශා ත් අපි එක්ක අාවා... මගේ කුණාටුවක් වගේ වුන ජිවිතයේ හැම නැවතුමක් ගැනම හොදටම දන්න 6 දෙනෙක් එක්ක මං සිතිජයට එහායි න් සද හොයන් යන ඉර දිහා බලාගෙන හිටියා...

ජිවිතෙත් ප්ලේටෝ ගේ අත්ලාන්තික් වගේ..

කොච්චර හෙව්වත් මං කොහොම ද මාව හොයාගන්නේ?

මාව මටවත් හොයාගන්න බැරි තැන මං කොහොමද එයාව පරිස්සම් කරගන්නේ...

පැය ගානක් අඩලා හෙම්බත් වෙලා එතන තිබ්බ ice cream truck එකෙන් ice cream ගත්තා... මුහුදු වෙරළේ රළ පාගමින් පොඩි එවුන් වගේ හිනා වෙමින් කෑකෝ ගහන ජිවිතේ කියන  සමීකරණයට හිරවුන යෙෳවනියන් 6 එදා ගාලු වෙරළ ඔප්පු තිරප්පු නැතුවම අයිති කරගත්තා...

සිතිජයටත් එහා... ( Completed) Where stories live. Discover now