8 කොටස

84 14 1
                                    

ඔය අැස් කතා කරනවා... මගේ දිහා බලබලා...

සමිතා එහෙම කිව්වේ මං ගැන හිතලාද කොහෙද... මට 21 සම්පුර්ණ වෙද්දි, 15 කෙල්ලට නපුරුකම් කරපු සෙනාශ් නැතිවුනා..hospital එකෙන් අාවායින් පස්සේ එදා ඉදන්ම එයා එහෙන් පිටින්ම වෙනස් කෙනෙක් වෙලා... මට, වෙලාවකට හිතෙනවා මෙයා සමාන්තර ලෝකෙකින් අාපු වෙන සෙනාශ් කෙනෙක්ද කියලත්... මගේ අැස් දිහා බලන් එයා හිතින් කතා කලා... මොන කරුමෙකටද මන්දා මට එ භාශාව තේරුනේ නැ... එ්කත් මරු... එ්ත් හැමදාමත් එයාගේ පෙම්වතිය කියන තනතුර ලැබුණේ තරුෂි අක්කට...
යමක් කමක් තේරෙන වයස නිසාදෝ කොහෙද එයාලා වැඩිය ලං, වුනේ නැ ලෝකෙ ඉස්සරහ... අනේ මන්දා ඉතින්...

හැබැයි මං වෙනස් වුනා... අර හැමෝටම පේන්න ... මගේ අැස් දිහා බලන් මාව තේරුම් ගත්තු 7 දෙනා අැරෙන්න හැමෝම හිතුවේ මට පෙම්වතෙක් ඉන්නවා කියලා... එ්තරම් මං තාත්විකව රග පෑවා ,සෙනාශ් ව අමතක කරපු කෙල්ල ගේ චරිතය... මං ගොඩක් ශක්තිමත් වුනා....ගොඩක් රලු වුනා...එ්ත් මං කායිකව සිනිදු වුනා කිව්වෝත් හරි...මං ලස්සන වුනා. . ....සෙනාශ් වෙනුවෙන්...කොච්චර රග පෑවත් වොෂ්රූම් එකේ ශවර් එක ඉස්සරහ හැමදේම අහෝසි... සිතුවිලි අධිකරණය ක ජූරියටත් නොදාම මාව වැරදි කාරයෙක් කරා...





"මේ මොකද්ද අක්කියෝ...?? "

එකපාරටම කවදාවත් නැතුව මට කෝල් කරපු තරුෂි අක්ක මට බෙල්ලන්විල පාර්ක් එකට එන්න කිව්වා ... එයත් දැන් ලස්සනයි... කොන්ඩේ කලර් කරලා...සුදුම සුුදුයි.... මං? ලස්සනයි තමයි ඉතින්... එ්ත්.  මං හැමදාමත් තලෙලු කෙල්ලෙක්.. කාලයක්... මොහොතකටවත් මං කැතයි කියලා හිතුවේ නැති මං අද මගේ රූපේ ගැනත් සැක කරන තත්වෙට මේ අාදරය කියන මත් පෙති මාව අාදරෙන් මත් කරලා...




















"අපේ වෙඩින් කාඩ් එක නංගි.... ඔයා අනිවාර්යයෙන්ම එන්න ඔ්නේ සුදු.... "






















-විටෙක ඔබ වැඩියෙන්ම සංවේදි තැන ඔබේ ලොකුම දුර්වලකම වෙයි... -






සිතිජයටත් එහා... ( Completed) Where stories live. Discover now